277788425_740854586905131_1056359444600234620_n

Kanthi Liyanage

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/08/01

කාන්තාවන් අප සැමටත් ,අන්තර් ජාලයේ සැරිසරන අපහට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනවා. එම බියට නොබියව මුහුණ දීමට හිතවති පිටුව දක්වන සහයෝගය ස්තුති පූර්වකව අගය කරනවා.Excellent.ඉතාමත් හොඳ සේවයක්.

අන්තර්ජාලය භාවිතා කරන කාන්තාවක් හැටියට අපට මගපෙන්වන හිතවතියක් ,වගේම රක්ෂණාවරණයක් කීවොත් මා නිවැරදියි. ස්තුතියි ! ❤❤😍

 

femailprofile

Hirusha

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/06

Godak pin miss obalata ..katawath kiya gana beri pashneka man hitiyee obalage hithawathi sawa aththatama api wage asarana unu kanthawanta godak watinwaa,, ,🙏🙏🙏🙏🙏

46412784

Suvineetha Mahasooriya

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/27

Hithawathi ඇත්තටම මේ page එක කාන්තාවකට ගොඩක් වටිනව. මොකද අන්තර්ජාල භාවිතයේදී නොදන්නා ගොඩක් දේ ගැන දැනුවත් උනා. ගොඩක් ස්තුතියි #hithawathiteam ♥️

c08a1edc

Geetha Sandamali

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/02/07

” මම වගේ සිටියෙ යුතු මම පමනි.ඒත් ජීවිතේ පලවෙනි වතාවට මගෙ නමින් මගෙ රූපෙන්ම ෆේක් account එකක් ෆ්බි සමාජ ජාලයේ තිබෙන බව දැනගත්තා.මා නොවන මා ගැන මට දැනුන බය මාස තුනක් පුරාවට මානසික පීඩනයක් බවට පත් උනා.සෑහෙන්න කෙට්ටු උනා කන්නෙ අඩුවෙන් මොකද මම වගේ ඉන්න ඕන මම විතරයි.මගෙ රූපෙන් මගේම නමින් මානසික අසහන කාරයො මොන නින්දිත වැඩ කරනවද කියල දැඩි බියක් දැනුනා.දවසක් මට දරා ගන්නම බැරි උනා සණස සංවර්ධන බැංකුවෙ වැඩ කරේ මම මට ඒ වැඩ කරගන්න පවා බැරි උනා.ඒ වෙද්දි මම පොලිසි ගියා කිසිම හව්හරනක් ලැබුනෙ නෑ ” හිතවතී ” ගැන දැනගෙන දයාබර මිස්ලට විස්තරේ කියල තොරතුරු සියල්ල යවා තිබුනව කොරෝනා උවදුර නිසා කල් ගත උනා ෆේක් එක delete කරන්න. එදා අමුතු දවසක් මට දැනුනෙම මට මේ පස්නෙන් බේරෙන්න බෑ කියල fake එක හදල මාස හතකට වැඩියි මාස හතේම එක වගේ කල්පනා කරා.අපි අහිංසක යි වගේම මම අදහනවා බුදු දහම තදින්ම කාටවත් රිද්දලා සැනසීමක් නෑ කියල අපි දන්නවා උනාට මානසික ලෙඩ්ඩුන්ට තේරෙන්නෑ.මම එදා තීරනය කරා ජීවිතෙන් සමු ගන්න ගෙදර හැමෝම බය වෙලා දුකින් හිටියෙ ඒත් එයාලට පේන්න මම දුක පෙන්නුවෙ නෑ.වැඩ ට ගියාට වැඩ කරගන්න බෑ.බැංකුවෙන් අහනවා පස්නයක්ද කියල.එහෙන් ෆේක් එකෙන් මට පස්න ආවා.මම වැටුනා තීරනය කරත් මැරෙන්න එක පාරක් ආයි ” හිතවතී “ආයතනයේ මිස්ට කතාකරා.එදා කතා නොකරනම් අද මට මාවත් මගෙ දෙමවුපියන්ට සහෝදරයොන්ට මාව නෑ.මිස් ට කිව්වා මම මැරෙනවා මිස් කිව්වම මට අද වගේ මතකයි මිස් මට කෝල් ගත්ත තරම් මට හිතවතී ආයතනයේම ඩොක්ටර් කෙනෙක් හරියටම පැය තුනක් කතා කරා.මිස් හැමවෙලේම කෝල අරන් එදා දවසෙම හිත හැදුවා මම ඉන්නෙම වෙනම ලෝකෙක.ඒක හැමෝටම තේරුනා පස්සෙ එදා ම මිස් පැය පහකින් fake account එක delete කරලා දුන්නා.ඒ තමයි මම ජීවිතේ විදපු නරකම ආරංචිය නැති කරල අහපු සතුටුම ආරංචිය.මට ආයි ජීවිතේ ලැබුනා වගේ දැනුනා.ජීවිතේට ගොඩක් දේවල් එදා මිස්ල මට කියල දුන්නා.කවදාවත් මට ඒ කරපු උදව්ව අමතක වෙන්නෑ.තවත් මේ වගේ අසරන උනු අසරන ජීවිත වලට වැඩි වැඩියෙන් පිහිට වෙන්න.ආලෝකයක් දෙන්න දයාබර මිස් ඇතුලු කාර්ය මන්ඩයය ශක්තිය ලැබේවා !!!!!!!.🙏💐 අද මම කසාද බැදලා ගොඩාක් සතුටින් ඉන්නවා ඒ මාව ජීවත් වෙන නිසා.” හිතවතී” ආයතනයට ගොඩක් පින් !.

212681401

Shashee Perera

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/08/13

බොහොම ස්තූතියි “හිතවතී”
මගේම කෙනෙක් මාව ලජ්ජාවට පත් කරන්න ෆේක් එකවුන්ට් එකට මගේ ෆොටෝ එකක් දාලා තිබුනා …
මගේ හිතවතුන් රිපෝර්ට් කලත් එකවුන්ට් එක අයින් උනේ නෑ …
නමුත් හිතවතී මාර්ගයෙන් ඒ ගිණුම අක්‍රීය කරන්නට හැකියාව ලැබුනා …
නැවතත් 🙏 ස්තූතියි … “හිතවතී.”…
ශශී…

138454962_105925921474320_7764711776793240635_o

Nuwan Priyasadh

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/10

හිතවතී කියන්නෙ හැම වෙලාවෙම සයිබර් අවකාශෙ පිහිටට එන කෙනෙක්.අත්දැකීමක් තියනව මට.පේජ් එකෙන් මට උපදෙසුත් දීලා ආයෙ කාටවත් එහෙම නොවෙන්නත් එය සමාජ ගත කරන පේජ් එකක්

134910282_727044184592377_7324408763016724277_n

Upulvila Mangala Thero

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/05

Hithawathi Facebook පිටුව නුතන සමාජයට ඉතාමත් වැදගත් ඵලදායි එකක් විදිහට දකින්න පුළුවන්.
මන්ද තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අපේ දරු පරපුර මේ තාක්ෂණයම අවභාවිතා කරලා විනාශයට ලක්වෙනවා. ඒවගේම ළමයින්ගේ මෙන්ම කාන්තා අයිතීන්, රැකවරණයාදි වූ යහපත් දෑ ඔවදන් ලෙස, ප්‍රශ්න ලෙස ප්‍රතිඵලදායී ආකාරයෙන් යොමු කරන හිතවතී පිටුවේ admin හිතවන්තියට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි !!!

125553169_102490785032621_8404186610501932530_n

Doughty Ifadha

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/20

Hithawathi’s cyber service is most Appreciated & Amazing. Taking care of specially women & Children so nice. We are thanking for ur valuable services.

126529443_750239145564660_4838557095487290967_n

Ratnapala Hakmanage

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15

කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් වැය කරන හිතවතී තවත් පෙරට යාමට හැකි වේවායි පතමි.

133638261_230829071883451_7660901722230256228_n

Mano Kanchana

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15

‘Hithawathi ‘idiriyata yanna hadawathinma suba pethum ek karanawa !!!