femailprofile

Madu

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/28

බොහොම ස්තූතියි මිස්… ඔබගේ ආ‍යතනය නිසා කොච්චර නම් පවුල් ජීවිත පරිස්සම් වෙලා ඇද්ද? මං කියන කතාව කිසිම කිසිම කලබලයකින් තොරව අහගෙන ඉතාමත් කාරුණිකව පිලිතුරු ලබා දී, මාගේ ගැටලුවට පිලිතුරක් ලබා දෙන ඔබ ආයතනයද ඔබ තුමියන්ලාටද තෙරුවන් සරණයි…!!! මේ වගේ සේවා තවත් අයවලුන් හට සිදු කිරීමට ශක්තිය ලැබේවා…!!

mailprofile

A victim (who is not willing to reveal her name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/21

Of course we appreciate your services. I am happy that you are removing my fake ID.

femailprofile

Senuri

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/02

Thank you for helping me You ladies are doing a very good job Thank you ❤

mailprofile

A commenter (who is not willing to reveal his name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/11

සමාජයේ අඩුපාඩු තියන තැන් සොයා බලා ඒවාට පිලියම් ලෙස පුන්චි vedio මාර්ගයෙන් හෝ අදහසක් සමාජය තුලට ගෙනයාමට දරන උත්සාහය අගය කොට සලකමි.

රුවන් ඉලේසිංහ

රුවන් ඉලේසිංහ

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/22

ඔයාලාගේ ආයතනය ගොඩාක් හොඳ ආයතනයක් මම ගොඩාක් ගරු කරනව ඔයාල මගේ ප්‍රශ්නය ගැන ගොඩාක් හොයල බැලුව ඒ එකව්න්ට් එක මේ වෙද්දි අයින් වෙලා තියෙන ඔයාලාට ගොඩාක් ස්තුති ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏

femailprofile

ලක්ෂි මියැසිකා ඒකනායක

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/05/28

පහුගිය කාල වකවානුව තුල fake facebook Account හේතුවෙන් ඉතා තදබල ලෙස මානසික පීඩනයකින් පෙලුනෙමි. නීතිමය ආදාර පතමින් පරිගනක අපරාද විමර්ශන ඒකකය වෙත ගොස් පැමිනිල්ලක්ද ඉදිරිපත් කලෙමි. නමුත් එම ගිණුම ඉවත් නොවූ අතර ඒ හේතුවෙන් මගේ පවුද්ගලික ජීවිතය හා රැකියා ජීවිතය තුලද යම් යම් ගැටලු මතුවිය. පසුව මම පොලිස් ළමා හා කාන්තා කර්‍යන්ෂයට දුරකතන ඇමතුමකින් සම්බන්ධ වූ අතර ඔව්න් ඔබ ආයතනයේ සේවාව පිලිබදව මා දැනුවත් කරන ලදි. ඔබ ආයතනය තුලින් අවස්තා තුනකදී එලෙසින් මගේ නමින් ආරම්බව තිබූ ගිනුම් තුනක් ඉවත් කර දීමට කටයුතු කරන ලදී. මාගෙන් කිසිදු මුදල් අය කිරීමක් හෝ නොමැතිව ලබා දුන් කාරුණික සහයෝයට හදවතින්ම ස්තූතිය පුද කරමි. මානසික පීඩනයකින් මා නිදහස් කිරීම පිලිබදව ඔබට මගේ ආගම අනුවද හදවතින්ම පින් දීමට කැමැත්තෙමි. මා හා මගේ හිතවතුන් විසින් මේ පිලිබදව විමසීම් කිරීමට ඔබ ආයතනයට ලබාගත් සියලු දුරකතන ඇමතුම් වලට ඔබ දැක්වූ කාරුණික ප්‍රතිචාර පිලිබදවද මා ඔබේ සියලු කාර්ය මන්ඩලයට ස්තූතිය පුදමි. මා මෙන් මේ රට තුල මෙලෙසින් අපහසුවෙන් පෙලෙන සියලුම කාන්තාවන් වෙනුවෙන් ඔබට තව දුරටත් පෙනී සිටීමට ශක්‍තිය ලැබේවා කියාද පතමි. තවද වෘත්තියෙන් මා අනුරාධපුර ශික්ෂන රෝහලේ පවුල් සවුක්‍ය සේවා නිලදාරිනියක් වෙමි. ඔබ ආයතනයේ ඇති වටිනා සේවාව පිලිබදව අන් අයව දැනුවත් කිරීම් මා සිදු කරමි. සමාජ මෙහෙවරක් ලෙස මා හට කිසිදු වැටුපක් හෝ දීමනාවක අපේක්ෂාවකින් තොරව ඔබේ අයතනය හා එක්ව කටයුතු කිරීමටද මා කැමැත්තෙන් පසුවෙමි. මා පත්වූ අපහසුතාවට කිසිදු ගැහැනු දරුවෙක් පත් නොවිය යුතුයි යන්න මගේ මතයයි. මේ ආයතනය පවත්වාගෙන යන සියලුම දෙනාටත් සුහදශීලී කාර්‍ය මන්ඩලයේ ඔබ සියලුම දෙනාටත් නැවත නැවතත් මා හදවතින්ම ස්තූතිය පුදමි.

femailprofile

දිපානි උයන්ගොඩ

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/04

🙏 මුලින්ම බොහොම ස්තුතියි හිතවතී’ ආයතනයට 🙏 ඔබෙන් මාහට ලැබුනු සේවාව ට මට ස්තුති කරන්න වචන නැතිතරම් මම ගොඩාක් මානසිකව වැටිලා හිටිය වෙලාවේ මට පිහිටවූ හිතවතී ආයතනයේ සේවය කරන සියලුම දෙනාට මාගෙ හිස නමා වැද නමස්කාර කරමි බොහොම පිං🙏

mailprofile

A victim (who is not willing to reveal his name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/04

හිතවතී අප අසරණ වුන අවස්ථාවක පිහිටවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර මෙම සේවාව අගය කොට සලකමි.ස්තූතියි

Bandara Jayarathne

Bandara Jayarathne

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/06

” මගේ පෞද්ගලික තොරතුරු ඡායාරූප යොදා මගේ සැබෑ ෆේස්බුක් ගිණුමට සමාන ලෙසින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර සමජයේ විවිධ පුද්ගලයන්ට නිළධාරින් ස්වාමින්වන්සේලාට තර්ජනය කිරිම් අපහාස කිරිම නිසා මා දැඩි පිඩාවට පත්ව සිටි අවස්ථාවේ හිතවති ආයතය වෙත ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගනිමින් දින හතක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාජ ෆේස්බුක් ගිණුම අවලංගු කිරිමට කටයුතු කල ආයතනයටත් කාර්‍ය් මණ්ඩලයේ සියළු දෙනාටත් හදපිරි ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා .
විශේෂයෙන් සඳහන් කලයුතුයි ව්‍යාජ ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ පුද්ගලයන්ට අපහාස කිරිම් තර්ජනය කිරිම් කරන අවස්ථාවේ , විවිධ පුද්ගලන්ගෙන් දුරකථන ඇමතුම් ගලා එන අවස්ථාවලදි, හිතවති ආයතනයට දුරකථන ඇමතුම් ලබාගෙන ඒ නිළධාරින් සමග ආවේගශිලිව අදහස් දැක්වූවත් , එම නිළධාරින් හරියට මනෝ වෛද්‍ය වරුන් මෙන් අප පත්ව ඇති පිඩාව අවබෝධ කරගෙන පිහිවුවා, එය අගය කලයුතු සුවිශේෂී මානුෂික ගුණධර්ම තාවකි.
මෙවෙනි පිඩාවට පත්ව සිටින පුද්ගලයින් සිටිනම් නිතීය අත ගැනිමට හෝ බාහුවේ බල පෙන්විමට නොගොස් ආරවුල් ඇතිනොකර මෙමෙ ආයතනය වෙත තමන්ගේ ගැටලුව ඉදිරිපත් කර සාධනිය විසදුමක් ලබාගැනිමට ඉදිරිපත් වන්නයි මං ඉල්ලා කාරුණිකව සිටිනවා , හිතවති,ආයතනය දිනෙන් දින දියුණු වේවා, නැවත නැවතත් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමි.”
femailprofile

G.K.J Chamodi

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/27

මගේ පොටෝ දාලා ෆේක් fb ගිණුමක් හදලා මාව දැඩි අපහසුතාවකට පත්වී මානසිකව ඇදවැටී බලාපොරොත්තු සුන්වී සිටින මොහොතක අපාරාධ විමර්ශන කොට්ඨාසයේ නම්බර් එකක් හොයාගෙන ඒකෙන්වත් උදවක් ගන්න ඕන කියලා හිතලා google එකට ගිය මොහොතෙයි මට හිතවතීගෙ නම්බර් එක ලැබුනේ. මං මගේ එකව්න්ට් එක ගැන දැනුම් දුන්න දවසේ ඉදන්ම මගේ ලගින්ම ඉදගෙන මගේ හිතත් හදන ගමන් මේ එකවුන්ට් එක අයින් කරගන්න හිතවතී දැඩි වෙහෙසක් දැරුවා. මෙම fb එකව්න්ට් එක නිසා බිදීයාමට ගිය මගේ විවාහය පවා හිතවතීගෙ මැදිහත් වීමෙන් ඒ කියන්නෙ මං බදින්න ඉන්න කෙනාට මේ පිළිබදව තේරුම් කර දීම තුලින් ආරාෂා උනා. ඉතින් අද වෙනකොට මේ fb එකවුන්ට් හිතවතීගෙ උස්තහයෙන් මෙටා ආයතනය මගින්ම අයින් කර තිබෙනවා. ඒ පිළිබද හිතවති ඔබට ඔහොම ස්තූති