අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/02
හිතවතීගෙන් Teensලට අලුත් වැඩසටහනක් !
අන්තර්ජාලයේ නිතර සැරිසරන ඔයාට පරිස්සමින් ඉන්න උදව් කරන යාලුවෙක්…
සම්පූර්ණ කරන ලද නියමු ව්‍යාපෘතිය බලන්න >> https://hithawathiteenshub.blogspot.com/2023/06/blog-post_13.html
කාටද?
- Teensලට (පාසලේ 8 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නව යොවුන් වියේ පසුවන ඔයාට)
කොහොමද වෙන්නේ?
- මුලින්ම අපි ඔයාගේ පාසලේ මූලික වැඩමුලුවක් කරනවා. ඊට පස්සේ ඔයාගේ පාසලේ Teens Hub ඒකක පිහිටුවනවා.
- මේකට මුලික වෙන්නේ ඔයාගේ පාසලේ විදුහල්පති සහ IT ටිචර්. ඒ විතරක් නෙවෙයි අපි Teens Hub Leaders ල කීපදෙනෙකුත් පත් කරනවා.
මොකද්ද මේකෙන් වෙන්නේ?
- අපි දන්නවා ඔයාට දැන් ඉන්ටර්නෙට් නැතිව බැහැ කියල. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ඕන. හැබැයි පරිස්සමින්! ඒ කොහොමද කියල තමා මේ අලුත් වැඩසටහනෙන් කියල දෙන්නේ.
ඒ විතරද? නෑ….
- ඔයා හරියට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ කොහොමද?
- කළ යුතු, නොකළ යුතු දේ මොනවද?
- ඉන්ටර්නෙට් එකේ වෙන්න පුළුවන් අනතුරු මොනවද?
- ඒවා හඳුනගන්නේ කොහොමද?
- අලුත් තොරතුරු වගේම
- අන්තර්ජාලයේ අනතුරක් වුනොත් මොකද කරන්නේ කියලත් දැනුවත් කරනවා.
දන්නවාද?
- ඔයා කැමතිම social media channel එක හරහා Teens Hub එකට Join වෙන්න පුලුවන්….
ඉවරයි කිව්වට ඉවරම නෑ!
ඔයාගේ පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන සැසිය අවසානයේදී අපි ප්‍රශ්නයක් අහනවා – හරි උත්තරේ දෙන අය අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා පස් දෙනෙකුට රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමනවා. මීට අමතරව සෑම සති අන්තයකම අපේ ෆේස්බුක් ගෲප් එකේ අසනු ලබන සයිබර් පැනයට පිළිතුරු දෙන අය අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා අයෙකුට වටිනා ත්‍යාගයක් ලබා දෙනවා.. වැඩි විස්තර අපේ වැඩසටහනේදි කියල දේවි…..