අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/14
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
අයෝධ්‍යා සිය ෆේස්බුක් පණිවුඩ පිරික්සා බැලූ විට ඇයට පහත පණිවුඩය සොයාගත හැකි විය.
Hi there,
We found the following link with your cute naked pictures and hot videos;
www.xyzja;uy;qjyq’qfj-kfkflsj,jl;ftyj
Hope you will upload some more and we are waiting for the latest release.
Have fun!
එහි සිංහල පරිවර්තනය පහත පරිදි වේ;
“ආයුබෝවන් කොහොමද,
ඔබගේ හුරුබුහුටි නිරුවත් පින්තූර සහ සරාගී වීඩියෝ සහිත පහත දැක්වෙන සබැඳිය අපට හමු වුණා.
www.xyzja;uy;qjyq’qfj-kfkflsj,jl;ftyj
ඔබ තවත් ඒවා අප්ලොඩ් කරයි කියා අප සිතන අතර ඔබේ අලුත්ම විඩීයෝපටය එනතුරු අපි බලා සිටිමු.
විනෝද වන්න! ”
මෙය දුටු අයෝධ්‍යා කම්පනයට පත්වූ අතර සිදුවන්නේ කුමක්ද යන්න සිතාගත නොහැකි විය. යමෙකු විසින් සංස්කරණය කරන ලද හෝ ඇත්තම පින්තූරද වැනි දහසක් ප්‍රශ්න ඇගේ මනසේ හොල්මන් කළේය. කුමක් වුවත්, එය කුමක්දැයි බැලීමට ඇය සබැඳිය ක්ලික් කළා. ඉන්පසු එය පහත සඳහන් පිටුව වෙත යොමු විය.
කෙසේ වෙතත්, ලොග් වීමට විද්‍යුත් තැපෑල සහ මුරපදය ඇතුලත් කිරීමෙන් පසුව පවා එය බැලීමේ දෝෂයක් ඇති වුණි.
ඊළඟ දවසේ ඇගේ මිතුරන්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණේ මෙසේය.
ශාමි: ඔයා එවපු කාමුක දර්ශන තියෙන (porn) වීඩියෝ එක මොකක්ද?
නලින්: හේයි, ඇයි ඔයා මේ වීඩියෝ මට එව්වේ, මම දැනටමත් කසාද බැඳලා ..
පේග්: ඔයාගේ කාල රේඛාවේ පළ කරලා තියෙන පින්තූරේ නම් පිළිකුල් සහගතයි ගෑනියේ.
එම සබැඳිය ක්ලික් කිරීම හරහා යමෙකුට තමන්ගේ සියළුම සබඳතා සොරා ගෙන, ඔවුන් වෙත නරක වීඩියෝ (ඇගේද නොවන) යවා එමෙන්ම ඇයගේ කාල රේඛාවෙහි නිරුවත් පින්තූරයක් පළ කිරීමටද මාර්ගය සකසා දුන් බව පසු කලෙක ඇයට වැටහිණි.
පූර්ව ආරක්ෂක උපදෙස්: නොදන්නා සබැඳි ක්ලික් නොකරන්න
ඔබ අදාල සබැඳියට ගියත් එම URL එක කිනම් ආකාරයේදැයි හොදින් පිරික්සා බලන්න.
වඩාත්ම වැදගත් වන්නේ ඔබ අදාල සබැඳියට ගියද ඔබ කිසි විටක ඔබේ මුරපදය හෝ පරිශීලක නම ඇතුලත් කරන්න හෝ ලොග් වෙන්න එපා!