
හිංසන විරෝධී ගෝලීය අභිනයන්
අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/06
හිංසන විරෝධී ගෝලීය අභිනයන්, ඩී.පි. එඩියුකේෂන්හි තවත් සමාජ සත්කාරයක්!
මෙය ගෝලීය වශයෙන් කාන්තා හිංසනය මුලිනුපුටා දැමීම සහ පොදු ස්ථානයන්හි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.
තමාගේ ආරක්ෂාවට තර්ජනයක් පවතින අවස්ථා වලදී භාවිත කළ හැකි හස්ත සංඥා සහ ඩිජිටල් සංකේත හඳුන්වා දීම තුලින් සැමට සමානාත්මතාවයෙන් ගරු කරන සහ ආරක්ෂාකාරී පරිසරයක් බිහිකිරීමට හිංසන විරෝධී ගෝලීය අභිනයන් නැත්නම් GG Movement කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන අරමුණු අතර 5.2, කාන්තා හිංසනය මැඩලීම සහ පොදු මෙන්ම පෞද්ගලික ස්ථානයන්හි කාන්තාවන්ට සිදුවිය හැකි ලිංගික අපයෝජන මර්ධනය කිරීම යන අරමුණට පාදකව සිදුකෙරේ.