අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/02

2024 ජූලි 25 වන දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය – උඩුගම්පොළ සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙය වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයට අයත් ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි විෂයයන් උගන්වන ගුරුභවතුන් 25 දෙනෙකු පමණ සහභාගී විය.