අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/31

2024 ජූලි 23 වන දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැබිතිගොල්ලෑව තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ (ITDLH) දී පවත්වන ලදී. මෙය අනුරාධපුර නැණසල මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා කැබිතිගොල්ලෑව අධ්‍යාපන කළාපයට අයත් වාණිජ විෂයය උගන්වන ගුරුභවතුන් 25 දෙනෙකු පමණ සහභාගී විය.