අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/08

2024 ජූලි 30 වන දින Google Meets හරහා UNFPA (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) නියෝජනය කරමින් Management Frontiers පුද්ගලික සමාගමේ උපදේශකයන් විසින් පවත්වන ලද මාර්ගගත සම්මුඛ පරීක්ෂණයකට හිතවතී සහභාගී විය. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් ඔවුන්ව මෙසේ හිතවතී වෙත යොමු කර ඇති අතර මෙම සාකච්ඡාව ස්ත්‍රී පුරුෂ භාවය පදනම්ව වෛරී ප්‍රකාශ ගවේෂණය කරන පර්යේෂණයක් හා සම්බන්ධ විය.