අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/18

2024 අගෝස්තු 28 වන දින Search for Common Ground ආයතනය විසින් සංවිධානය කරන ලද කොළඹ 3 Sofia Colombo City හෝටලයේදී පැවැත්වූ සැසියක් සඳහා හිතවතී සහභාගී විය. මෙහි දී Facebook, TikTok සහ YouTube වැනි විශාල තාක්ෂණික සමාගම් සමඟ සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ වී රටේ උපාය මාර්ගය ශක්තිමත් කිරීම සඳහා කළ හැකි එකතු කිරීම් හෝ වෙනස්කම් පිළිබඳ සාකච්ඡා විය. මෙම සැසිය සඳහා පාර්ශවකරුවන් 25 දෙනෙකු පමණ සහභාගී විය.