අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/09

2024 ජූලි 29 වන දින හිතවතී විසින් සමාජ ජාල තුළ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් (කාණ්ඩ දෙකක් ලෙස) හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ. පළමු සැසිවාරය සඳහා නිලධාරීන් 45 ක් සහ දෙවන සැසිය සඳහා නිලධාරීන් 30 ක් පමණ සහභාගී වූහ.