අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/16

සංවිධානය කරන ලද ඉදිරි වැඩසටහන් නොමැත.

19 – 23
ජූනි, 2024
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හිතවතී සායනය
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී

2024 මස 19 සිට 23 දක්වා කොළඹ BMICH හි පවතින 2024 ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පො – හිතවතී සායනය නැරඹීමට ඔබත් පැමිණෙන්න. මෙහිදී හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරයි. රෝදය-කරකවන පුංචි තරඟයට සහභාගී වී හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් අමතක කරන්න එපා.

9
ජනවාරි, 2025
ගුරුවරුන් දැනුවත්කිරීමේ සැසිය
පල්ලේපොල මහාබෝධි ජාතික පාසලේදී
ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද ටීන්ස් හබ් (Teens Hub) ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමක් සමඟින් හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් එහි දෙවන කාණ්ඩායම සඳහා 2025 ජනවාරි 9 වැනි දින හිතවතී මඟින් පල්ලේපොල මහාබෝධි ජාතික පාසලේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පල්ලේපොල කොට්ඨාශයේ පාසල් ගුරුවරු 15 දෙනෙකු පමණ සහභාගි වූහ.
27
නොවැම්බර්, 2024
ගුරුවරුන් දැනුවත්කිරීමේ සැසිය
දඹුල්ලේ දී
ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද Teens Hub ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමක් සමඟින් හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 නොවැම්බර් 27 වැනි දින හිතවතී මඟින් දඹුල්ලේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා ගලේවෙල කලාපයේ පාසල් ගුරුවරු 25ක් පමණ සහභාගි වූහ.
22
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ‘හිතවතී ටීන්ස් හබ්’හරහා සිසුන් දැනුවත් කිරීම
බණ්ඩාරවෙල මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දී
2024 නොවැම්බර් 22 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් බණ්ඩාරවෙල මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 371 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.
21
නොවැම්බර්, 2024
‘හිතවතී ටීන්ස් හබ්’ ව්‍යාපෘතිය – දෙමාපියන් දැනුවත් කිරීමේ සැසිය
ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී
LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “හිතවතී ටීන්ස් හබ්” උප ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 නොවැම්බර් 21 වැනි දින ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්විණි. මෙම සැසිය සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් 50 සහභාගි වූහ.
20
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ‘හිතවතී ටීන්ස් හබ්’හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර මාඋස්සාගොල්ල මහා විද්‍යාලයේ දී
2024 නොවැම්බර් 20 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර මාඋස්සාගොල්ල මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 97 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.
20
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ‘හිතවතී ටීන්ස් හබ්’හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ දී
2024 නොවැම්බර් 20 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 208 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.
8
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ‘හිතවතී ටීන්ස් හබ්’හරහා සිසුන් දැනුවත් කිරීම
ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ දී
2024 නොවැම්බර් 8 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 411 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.
5
නොවැම්බර්, 2024
හිතවතී ටීන්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර ජාතික පාසලේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 නොවැම්බර් 5 වන දින පස්සර ජාතික පාසලේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 26 දෙනෙකු පමණ සහභාගි විය.
5
නොවැම්බර්, 2024
හිතවතී ටීන්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර දෙමළ මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 නොවැම්බර් 5 වන දින පස්සර දෙමළ මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 35 දෙනෙකු පමණ සහභාගි විය.
1
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ‘හිතවතී ටීන්ස් හබ්’හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර මැදවෙලගම මහා විද්‍යාලයේ දී
2024 නොවැම්බර් 1 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර මැදවෙලගම මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 85 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.
25
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේදී
නැණසල කටුගස්තොට මධ්‍යාස්ථානය විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ඔක්තෝබර් 25 වැනි දින හිතවතී මඟින් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා සිසුන් 200 ක් පමණ සහභාගී වූහ.
25
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ ගුරුභවතුන් දැනුවත් කිරීම
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේදී
නැණසල කටුගස්තොට මධ්‍යාස්ථානය විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ඔක්තෝබර් 25 වැනි දින හිතවතී මඟින් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා ගුරුභවතුන් 100 ක් පමණ සහභාගී වූහ.
25
ඔක්තෝම්බර්, 2024
හිතවතී ටීන්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
ලුණුගල ශ්‍රී රාමක්‍රිෂ්ණා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ඔක්තෝම්බර් 25 වන දින ලුණුගල ශ්‍රී රාමක්‍රිෂ්ණා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 15 දෙනෙකු පමණ සහභාගි විය.
22
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 ඔක්තෝම්බර් 22 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර, සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 550 දෙනෙකු පමණ සහභාගී විය.
21
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 ඔක්තෝම්බර් 21 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර, සාන්ත තෝමස් විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 900 දෙනෙකු පමණ සහභාගී විය.
15
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල හෙද විදුහලේ දී
2024 ඔක්තෝම්බර් 15 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල හෙද විදුහලේ දී පවත්වන ලදී.මේ සඳහා බදුල්ල හෙද විදුහලේ සිසු සිසුවියන් 235 දෙනෙකු පමණ සහභාගී විය.
14
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයේ දී
2024 ඔක්තෝම්බර් 14 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයේ සිසුන් සහ කාර්යමණ්ඩලය ඇතුළත්ව 310 දෙනෙකු පමණ සහභාගී විය.
10
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මොණරාගල කාර්මික විද්‍යාලයේ දී
2024 ඔක්තෝම්බර් 10 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් මොණරාගල කාර්මික විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මොණරාගල කාර්මික විද්‍යාලයේ සිසුන් සහ කාර්යමණ්ඩලය ඇතුළත්ව 285 දෙනෙකු පමණ සහභාගී විය.
9
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම
මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
2024 ඔක්තෝම්බර් 9 වන දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් 108 දෙනෙකු පමණ සහභාගී වූහ.
9
ඔක්තෝම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මොණරාගල මඩුල්ල ජාතික පාසලේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 ඔක්තෝම්බර් 9 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, මඩුල්ල ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 462 දෙනෙකු පමණ සහභාගී විය.
27
සැප්තැම්බර්, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර ගැමුණු මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 සැප්තැම්බර් 27 වන දින පස්සර ගැමුණු මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 12 දෙනෙකු පමණ සහභාගි විය.
26
සැප්තැම්බර්, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර මැදවෙලගම මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 සැප්තැම්බර් 26 වන දින පස්සර මැදවෙලගම මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 15 දෙනෙකු පමණ සහභාගි විය.
25
සැප්තැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල කාර්මික විද්‍යාලයේ දී
2024 සැප්තැම්බර් 25 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල, කාර්මික විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා බදුල්ල කාර්මික විද්‍යාලයේ සිසුන් සහ කාර්යමණ්ඩලය ඇතුළත්ව 315 දෙනෙකු පමණ සහභාගී විය.
18
සැප්තැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මොණරාගල, මදුරකැටිය මහා විද්‍යාලයේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මොණරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහය ඇතිව 2024 සැප්තැම්බර් 18 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, මදුරකැටිය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 246 දෙනෙකු පමණ සහභාගී විය.
18
සැප්තැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මොණරාගල, විද්‍යාලෝක මහා විද්‍යාලයේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මොණරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහය ඇතිව 2024 සැප්තැම්බර් 18 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, විද්‍යාලෝක මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 584 දෙනෙකු පමණ සහභාගී විය.
9
සැප්තැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
දඹගල්ල, පියරතන මහා විද්‍යාලයේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 සැප්තැම්බර් 9 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දඹගල්ල, පියරතන මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 200 දෙනෙකු පමණ සහභාගී විය.
4
සැප්තැම්බර්, 2024
යූත් හබ් ව්‍යාපෘතිය: හිතවතී සහ NSBM හරිත විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
හෝමාගම, NSBM හරිත විශ්ව විද්‍යාලයේදී
2024 සැප්තැම්බර් 4 වන දින හිතවතී සහ NSBM හරිත විශ්ව විද්‍යාලය තරුණ සිසුන් සඳහා විශේෂයෙන්ම හිතවතී යූත් හබ් (Youth Hub) පිහිටුවීම හරහා වඩා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමේ අරමුණින් අත්වැල් බැඳ ගනී. LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හවුල්කාර අංශයේ කළමනාකාර, නිරෝජා ජයවර්ධන මහත්මිය සහ NSBM හරිත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා මෙම අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් කරන ලදී.
29
අගෝස්තු, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මොණරාගල අල්පිටිය මහා විද්‍යාලයේ දී
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 අගෝස්තු 29 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, අල්පිටිය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 118 දෙනෙකු පමණ සහභාගී විය.
27
අගෝස්තු, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල, ඌව පළාත් තරුණ සේවා සභා කාර්යාලය
2024 අගෝස්තු 27 වැනි දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ මෙන්ම ඩිජිටල් යුගයේ තම ප්‍රජාව ආරක්‍ෂා කර ගැනීමට තරුණ සේවා නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කර ගත් සැසියක් බදුල්ල, ඌව පළාත් තරුණ සේවා සභා කාර්යාලයේදී පවත්වන ලදී. මේ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාල 15 ක් නියෝජනය කරමින් තරුණ සේවා නිලධාරීන් 26 දෙනෙකු සහභාගී වූ අතර මෙය තරුණ සේවා සභාවේ ඌව පළාත් කාර්යාලය මඟින් සංවිධානය කරන ලදී.
26
අගෝස්තු, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල උඩගම මහා විද්‍යාලය
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 26 වන දින බදුල්ල උඩගම මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.
15
අගෝස්තු, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල විහාරමහදේවි බාලිකා මහා විද්‍යාලය
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 15 වන දින බදුල්ල විහාරමහදේවි බාලිකා මහා විද්‍යාලයේදී Teens Hub නායිකාවන් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායිකාවන් 13 ක් පමණ සහභාගි විය.
14
අගෝස්තු, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර මාවුස්සාගොල්ල මහා විද්‍යාලය
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 14 වන දින පස්සර මාවුස්සාගොල්ල මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 11 ක් පමණ සහභාගි විය.
14
අගෝස්තු, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල බිබිලේගම මහා විද්‍යාලය
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 14 වන දින බදුල්ල බිබිලේගම මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 14 ක් පමණ සහභාගි විය.
13
අගෝස්තු, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල පැල්ගහතැන්න මහා විද්‍යාලය
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 13 වන දින බදුල්ල පැල්ගහතැන්න මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 11 ක් පමණ සහභාගි විය.
12
අගෝස්තු, 2024
අන්තර්ජාලයේ සැරිසරන ඔයාට ජාත්‍යන්තර තරුණ දිනය ‌නිමිත්තෙන් පණිවිඩයක්!
LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, හිතවතීගේ ආරාධනය පරිදි, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු දිනුෂික දිසානායක මහතා විසින් මෘදුකාංග (සොෆ්ට්වෙයා) අප්ඩේට් කර තබා ගැනීම සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂණ ඉඟියක් ලබා දෙන ලදී.
06
අගෝස්තු, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 6 වන දින බදුල්ල ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 12 ක් පමණ සහභාගි විය.
30
ජූලි, 2024
යාළුවෝ ඔන්ලයින් නම් බලන්නම ඕනේ
LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී
ජාත්‍යන්තර මිත්‍රත්ව දිනයට සමගාමීව, හිතවතීගේ ආරාධනය පරිදි, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ, මාස්පොත – ළමා ආරක්ෂක නිලධාරී මදාරා නුවරපක්ෂ මහත්මිය විසින් යාළුවෝ ඔන්ලයින් ඉන්න සැමට සයිබර් ආරක්ෂණ ඉඟියක් ලබා දෙන ලදී.
29
ජූලි, 2024
සමාජ ජාල තුළ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ දී
2024 ජූලි 29 වන දින හිතවතී විසින් සමාජ ජාල තුළ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් (කාණ්ඩ දෙකක් ලෙස) හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ. පළමු සැසිවාරය සඳහා නිලධාරීන් 45 ක් සහ දෙවන සැසිය සඳහා නිලධාරීන් 30 ක් පමණ සහභාගී වූහ.
25
ජූලි, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල ධර්මදූත ජාතික පාසලේදී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජූලි 25 වන දින බදුල්ල ධර්මදූත ජාතික පාසලේදීී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.
25
ජූලි, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජූලි 25 වන දින බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායිකාවන් 10 ක් පමණ සහභාගි විය.
23
ජූලි, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ ගුරුභවතුන් දැනුවත් කිරීම
කැබිතිගොල්ලෑව තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේදී
2024 ජූලි 23 වන දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැබිතිගොල්ලෑව තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ (ITDLH) දී පවත්වන ලදී. මෙය අනුරාධපුර නැණසල මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා කැබිතිගොල්ලෑව අධ්‍යාපන කළාපයට අයත් වාණිජ විෂයය උගන්වන ගුරුභවතුන් 25 දෙනෙකු පමණ සහභාගී විය.
23
ජූලි, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල සුජාතා මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජූලි 23 වන දින බදුල්ල සුජාතා මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායිකාවන් 10 ක් පමණ සහභාගි විය.
22
ජූලි, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජූලි 22 වන දින බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 14 ක් පමණ සහභාගි විය.
19
ජූලි, 2024
හිතවතී ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුලි 19 වන දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 9 ක් පමණ සහභාගි විය.
18
ජූලි, 2024
හිතවතී ව්‍යාපෘතිය සහ ටීන්ස් හබ් පිළිබඳ ගුරුභවතුන් දැනුවත් කිරීම
මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ දී / සූම් ඔස්සේ
2024 ජූලි 18 වැනි දින ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් ඔස්සේ හිතවතී විසින් පවත්වන ලදී. මෙම සැසිය මාතර කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසල් 45 ක් පමණ නියෝජනය කරමින් ගුරුභවතුන් මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට රැස් විය.
16
ජූලි, 2024
ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල ඌව මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුලි 16 වන දින බදුල්ල ඌව මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.
27
ජූනි, 2024
හිතවතී මේ දවස්වල සුලබ වංචා ගැන ITN digital හරහා දැනුවත් කරයි
ස්වාධීන රූපවාහිනි සේවා පරිශ්‍රයේදී
මේ දවස්වල සුලබව සිදු වන සයිබර් වංචා පිළිබඳව ස්වාධීන රූපවාහිනි සේවයේ ITN Digital with LK Domain Registry වැඩසටහන හරහා හිතවතී ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරිකා සුපුන්නා පතිරණ මෙය විසින් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
27
ජූනි, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
රාජගිරිය ශාන්ති මාර්ගම් හිදී
2024 ජූනි 27 වන දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජගිරිය ශාන්ති මාර්ගම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වූ අතර ඒ සඳහා බොරැල්ල ප්‍රදේශයේ සිටින වයස අවුරුදු 12 වැඩි ළමුන් සහභාගී වූ අතර මෙම සැසිය රාජගිරිය ශාන්ති මාර්ගම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.
24
ජූනි, 2024
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මීගහතැන්න මෙරිල් කාරියවසම් ජාතික විද්‍යාලයේ දී
2024 ජූනි 24 වන දින හිතවතී විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා මීගහතැන්න මෙරිල් කාරියවසම් ජාතික විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් 350ක් පමණ සහභාගී වූහ.
19-23
ජූනි, 2024
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හිතවතී සායනය
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී
2024 ජූනි මස 19 සිට 23 දක්වා කොළඹ BMICH හි පැවැත්වූ 2024 ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පො – හිතවතී සායනයේදී හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරන ලදි. රෝදය-කරකවන පුංචි තරඟයට සහභාගී වී හෝ හිතවතී යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් බොහෝ දෙනාට මෙහිදි අවස්ථාව ලැබුණි.
19
ජූනි, 2024
අන්තර්ජාලය භාවිතයේ යහ පුරුදු පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
2024 ජූනි 19 වන දින හිතවතී විසින් රාජ්‍ය සේවය තුළ අන්තර්ජාලය වඩාත් හොඳින් ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් සහභාගී වූහ.
14
ජූනි, 2024
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශයේදී
2024 ජූනි 14 වන දින හිතවතී කණ්ඩායම විසින් හිතවතී සහ හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර ඒ සඳහා පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂවරුන් සහ සම්බන්ධීකාරකවරුන් සහභාගී වූහ. මෙම සැසිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී.
12
ජූනි, 2024
ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බණ්ඩාරවෙල මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුනි 12 වන දින බණ්ඩාරවෙල මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවති විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.
12
ජූනි, 2024
ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල උඩවෙල නවෝද්‍ය විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුනි 12 වන දින බදුල්ල උඩවෙල නවෝද්‍ය විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතිී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.
11
ජූනි, 2024
ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුනි 11 වන දින බදුල්ල හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ දී Teens Hub නායකයන් සඳහා හිතවති විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.
11
ජූනි, 2024
ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
බදුල්ල විද්‍යා විද්‍යාලයේ දී
ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුනි 11 වන දින බදුල්ල විද්‍යා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවති විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 20 ක් පමණ සහභාගි විය.
11
ජූනි, 2024
ලංකාවේ මෙටා සිවිල් සමාජ හවුල්කරුවන්ගේ හමුව
කොළඹ දී
2024 ජුනි 11 වැනි දින මෙටා ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ප්‍රධාන අන්තර්ගත ප්‍රතිපත්ති, ඔන්ලයින් අන්තර්ගතයන්හි ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණ’ කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රජා විශ්වසනීය හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය.
12
මැයි, 2024
අම්මලාට පණිවිඩයක්
LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයට සමගාමීව, හිතවතීගේ ආරාධනය පරිදි, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු හර්ෂ සපරමාදු මහතා අන්තර්ජාලයේ සැරිසරන අම්මලාට සයිබර් ආරක්ෂණ උපදෙසක් ලබා දෙන ලදී.

04
මැයි, 2024

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – සූම් තාක්ෂණයෙන්

2024 මැයි 4 වන දින හිතවතී විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 34 ක කාණ්ඩායමක් සහභාගී වූහ.

25
අප්‍රේල්, 2024

පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමාජ සංවාදය

කොළඹ විශ්වවිද්‍යාලයේ දී

2024 අප්‍රේල් 25 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ පිළිබඳ සමාජ සංවාදයේ අවසන් සැසිය සඳහා හිතවතී සහභාගි විය. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 30ක් පමණ සහභාගි වූහ.

2
අප්‍රේල්, 2024

හිතවතී 10 වැනි සංවත්සරය

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

“සයිබර් අවකාශයේ ඔබේ ළබැඳි මිතුරිය” ලෙස හඳුන්වා දෙමින් 2014 වසරේ ආරම්භ වූ හිතවතී ව්‍යාපෘතිය ජයග්‍රාහී ලෙස තම දස වස් පිරීමේ චාම් උත්සවය 2024 අප්‍රේල් මස 02 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිළධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය සහ ලංකා වසම් ලේඛකාධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ව්‍යාපෘතියට නන් අයුරින් සහය වන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.

1
අප්‍රේල්, 2024

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

සවික්මා ඔටොමේෂන් සහ එන්ජිනියරිං සර්විසස් පුද්ගලික සමාගමේදී

“2024 අප්‍රේල් 1 වන දින සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මූනමලේ සවික්මා ඔටොමේෂන් සහ එන්ජිනියරිං සර්විසස් පුද්ගලික සමාගමේදී පැවැත්වූ අතර ඒ සඳහා එහි කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

30
මාර්තු, 2024

ඔන්ලයින් ආරක්ෂාව පිළබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ඇල්පිටිය, ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී
2024 මාර්තු මස 30 වන දින ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ‘දක්ෂිණ ජන මෙහෙවර’ වැඩසටහනේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතිය මඟින් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ඒ සඳහා 50ක පමණ පිරිසක් සහභාගි වූහ.
28
මාර්තු, 2024

ඔන්ලයින් ආරක්ෂාව පිළබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

කුකුලේගඟ ලයා ලෙෂර් හිදි
2024 මාර්තු මස 28 වන දින සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුකුලේගඟ ලයා ලෙෂර් හිදි පැවැත්වූ අතර ඒ සඳහා ස්වාධීන රූපවාහිනි නාලිකාව මඟින් පැවැත්වූ අවුරුදු කුමර කුමරියන් තරඟයේ තරඟකරුවන් සහභාගි වූහ.
21
මාර්තු, 2024

හිතවතී සහභාගි වූ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය පාර්ශවකරුවන්ගේ සංසදය

කොළඹ කෝට්යාර්ඩ් බයි මැරියට්හිදී

2024 මාර්තු 21 වන දින ‘Search for Common Ground’ මඟින් සංවිධානය කරන ලද දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය පාර්ශවකරුවන්ගේ සංසදය සඳහා හිතවතී සහභාගි විය. මෙහිදි ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදි. විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වූ මේ සංසදය කොළඹ කෝට්යාර්ඩ් බයි මැරියට්හිදී පැවැත්විණි.

14
මාර්තු, 2024

ටින්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීම

සූම් තාක්ෂණයෙන්

2024 මාර්තු 14 වන දින හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සහ ටීන්ස්හබ් ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා බදුල්ල සහ පස්සර අධ්‍යාපන කලාපවල පාසල් ගුරුවරුන් සහභාගී වූහ.

27
පෙබරවාරි, 2024

අධ්‍යාපනයට උදව් වන දේ ගැන සාකච්ඡාව

කොළඹ විශ්වවිද්‍යාලයේ දී

2024 පෙබරවාරි 27 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ වැඩමුළුවේදී හිතවතී විසින් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 40ක් පමණ සහභාගි වූහ.

14
පෙබරවාරි, 2024

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

මාලඹේ SLITT ව්‍යාපාර පාසලේදී

2024 පෙබරවාරි 14 වන දින උදේ 9.30 සිට 10.30 දක්වා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලඹේ SLIIT ව්‍යාපාර පාසලේදී පැවැත්වූ අතර ඒ සඳහා ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන පළමු වසරේ සිසු සිසුවියන් සහභාගී වූහ.

09
පෙබරවාරි, 2024

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

SLITT ව්‍යාපාර පාසලේදී – සූම් තාක්ෂණයෙන්

2024 පෙබරවාරි 9 වන දින සවස 2 සිට 3 දක්වා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා SLIIT ව්‍යාපාර පාසලේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන පළමු වසරේ සිසු සිසුවින් සහභාගී වූහ.

08
පෙබරවාරි , 2024

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනයේදී – සූම් තාක්ෂණයෙන්

2024 පෙබරවාරි 8 වන දින සවස 2 සිට 4 දක්වා හිතවතී සේවාවන් හා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

20
දෙසැම්බර් , 2023

හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ දී

2023 දෙසැම්බර් මස 20 වැනි දින පස්සර අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරුන් සඳහා හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පස්සර කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක සහ ගුරුවරුන් ඇතුළුව 50 දෙනෙකු පමණ සහභාගී විය.

20
දෙසැම්බර් , 2023

හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ දී

2023 දෙසැම්බර් මස 20 වැනි දින බදුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරුන් සඳහා හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා 20 දෙනෙකු පමණ සහභාගී විය.

14
දෙසැම්බර් , 2023

LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතියට සම්මානයක්

වෝටර්ස් එජ් හෝටලයේ දී

2023 දෙසැම්බර් 14 වන දින වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති SLIIT ව්‍යාපාරික පාසල විසින් සංවිධානය කරන ලද 2023 තිරසාර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී (International Conference on Sustainable and Digital Business – ICSDB) LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.

11
දෙසැම්බර් , 2023

සයිබර් ආරක්ෂණ සැසිය

ලංකා වසම් ලේඛකාධිකාරියේ දී

2023 දෙසැම්බර් 11 දින ටෙක්සර්ට් ආයතනය මඟින් හිතවතී කණ්ඩායම සඳහා නව සයිබර් ආරක්ෂණ ගැටලු පිළිබඳ සැසියක් ලංකා වසම් ලේඛකාධිකාරි කාර්යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා LK ඩොමේන් රෙජිස්ට්‍රියේ සහ TechCert ආයතනයේ නිලධාරීන් සහභාගී වූහ.

07
දෙසැම්බර් , 2023

හිතවතී ව්‍යාපෘතිය හඳුන්වාදීම හා සාකච්ඡාව

කොළඹ විශ්ව විද්‍යාලයේ දී

2023 දෙසැම්බර් 7 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ වැඩමුළුවේදී ඒ පිළිබඳ සාකච්ඡාව සහ හිතවතී හඳුන්වාදීම සිදු කරන ලදි. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 50ක් පමණ සහභාගි වූහ.

06
දෙසැම්බර්, 2023

හිතවතී හා ටික්ටොක් අතර සාකච්ඡාව

LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ දී

හිතවතී කණ්ඩායම TikTok නිලධාරිනියක (කළමණාකාර, ටික්ටොක් – සම්බන්ධතා වැඩසටහන්) සමඟ සාකච්ඡාවක් 2023 දෙසැම්බර් 6 වන දින LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී පවත්වන ලදී. මෙම හමුවෙහි ප්‍රධාන අරමුණ වූයේ හිතවතී සහ ටික්ටොක් අතර විශ්වාසවන්ත හවුල්කාරී සබඳතාවයක් (CPC) නිර්මාණය කර ගැනීමයි.

30
නොවැම්බර්, 2023

කරුණු පරීක්ෂාව (Fact Checking) ගැන පුහුණුව

LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ දී

2023 නොවැම්බර් 30 දින ශ්‍රී ලංකා Fact-Crescendo ආයතනයේ කරුණු පරීක්ෂක (Fact Checker), පී. සඳමාලි මහත්මිය විසින් හිතවතී කණ්ඩායම සඳහා සාවද්‍ය / අපහාසාත්මක හෝ නොමඟ යවන තොරතුරක්ද යන්න පරීක්ෂා කරන ආකාරය (Fact Checking) පිළිබඳව පුහුණු වැඩමුළුවක් ලංකා වසම් ලේඛකාධිකාරි කාර්යාලයේ දී පවත්වන ලදී.

21
නොවැම්බර්, 2023

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

මාතලේ – Hela Clothing ඇඟලුම් මධ්‍යස්ථානය

2023 නොවැම්බර් 21 දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් මාතලේ Hela Clothing (Pvt) Ltd ඇඟලුම් මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම ඇඟලුම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සේවක සේවිකාවන් 1500ක් පමණ සහභාගී වූහ.

20
නොවැම්බර්, 2023

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී

2023 නොවැම්බර් 20 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී පැවැත්වූ අතර මෙය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා උපකාරක සේවාව (1938) විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා ගුරුවරුන් සහ සිසුන් 250 ක් පමණ සහභාගී වූහ.

14
නොවැම්බර්, 2023

ICT කර්මාන්තය ගැන හැඳින්වීම සහ සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසිය

මැදමුල්ල ද මෙල් මහා විද්‍යාලය

2023 නොවැම්බර් 14 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කර්මාන්තය පිළිබඳ හැඳින්වීමක් සහිතව සයිබර් හිරිහැර හඳුනා ගෙන ඒවා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මැදමුල්ල ද මෙල් මහා විද්‍යාලෙය් දී පවත්වන ලද අතර මෙය Axiata ඩිජිටල් ලැබ්ස් (ADL) ආයතනය සමඟ එක්ව හිතවතී මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා එම ප්‍රදේශයේ පාසල්වල උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයින් ඇතුළුව 150 දෙනෙකු පමණ සහභාගී වූහ.

3-5
නොවැම්බර්, 2023

ඉන්ෆොටෙල් (INFOTEL) 2023

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka -FITIS) විසින් සංවිධානය කරන ලද 2023 Infotel ප්‍රදර්ශනයෙහි කුටියක් හිතවතීට වෙන් වී තිබුණි. හිතවතී අත්පත්‍රිකා, ප්‍රවර්ධන කාඩ්පත් මෙන්ම සුහුරුසර අත්පත්‍රිකා බෙදා හැරීම සහ හිතවතී පිළිබඳ දැනුවත් කිරීම ද භාෂා තුනෙන්ම සිදු කෙරුණි. 2023 නොවැම්බර් මස 03, 04, 05 දිනයන්හි මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව තුන් දහසක් පමණ සහභාගී විය.

02
නොවැම්බර්, 2023

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

NSBM හරිත විශ්ව විද්‍යාලය – හෝමාගම දී

2023 නොවැම්බර් මස 02 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් හෝමාගම NSBM හරිත විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා කථිකාචාර්යවරුන් සහ සිසුන් 80 ක් පමණ සහභාගී වූහ.

23
ඔක්තෝම්බර්, 2023

‘හිතවතී ටීන්ස් හබ්’ ව්‍යාපෘතිය – අන්තර්ජාල සුරක්ෂිතභාවය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ සැසිය

මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී

LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “හිතවතී ටීන්ස් හබ්” උප ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2023 ඔක්තෝම්බර් 23 වැනි දින මකුළුගස්වැව විද්‍යාලයේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා 80ක් පමණ දෙමාපියන්, ගුරුවරුන් සහ විදුහල්පතිතුමන් සහභාගි වූහ.

19
ඔක්තෝම්බර්, 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ලක්විරු ගුවන් විදුලි සේවයෙන් (FM 105.2 /FM 105.4)

 

2023 ඔක්තෝම්බර් 19 දින පෙ.ව. 10.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ලක්විරු ගුවන්විදුලි සේවය (FM 105.2 /FM 105.4) ඔස්සේ “සිත් පහන් වැට” වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.

18
සැප්තැම්බර් , 2023

“සයිබර් හිංසනය” ගැන වෙබ්නා වැඩසටහන

හිතවතී විසින් 2023 සැප්තැම්බර් 18 වැනි දින උදේ 10 ට “සයිබර් හිංසනය” සම්බන්ධයෙන් වෙබිනා සැසියක් සංවිධානය කරන ලද අතර එය සූම් ඔස්සේ සහ හිතවතී ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශනය කරන ලදී. මෙය සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ලද අතර 85 දෙනෙකු පමණ පිරිස ඔන්ලයින් සම්බන්ධ විය.

සම්පත් දායකත්වය: මේනකා පතිරණ මහත්මිය – නියෝජ්‍ය අධ්‍යක්ෂිකා – විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව

22
අගෝස්තු , 2023
හිතවතී පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී

2023 අගෝස්තු 22 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මේ සඳහා සිසුන් 25 ක් පමණ සහභාගී වූහ.

09
අගෝස්තු , 2023
හිතවතී පිළිබඳව දැනුවත් කිරීම

2023 අගෝස්තු මස 09 වන දින කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ 2023 .lk සහිත හොඳම වෙබ්අඩවි (BestWeb.lk) සම්මාන ප්‍රදානෝත්සවයේදී LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ව්‍යාපෘතියක් වන හිතවතී ප්‍රවර්ධනය විය. මේ උත්සවය සඳහා ආරාධිතයින්, ජයග්‍රාහකයින්, විනිසුරුවන්, අනුග්‍රාහකයින්, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ කාර්යය මණ්ඩලය සහ මාධ්‍ය වාර්තාකරුවන් ඇතුළත්ව 500 ක් පමණ දෙනා සහභාගී විය.

 

03
අගෝස්තු , 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

කන්තලේ ජාතික පාසලේ දී

2023 අගෝස්තු 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් කන්තලේ ජාතික පාසලේ දී පවත්වන ලදී. මේ සඳහා නැඟෙනහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ, අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීවරුන්, ගුරුවරුන් සහ සිසුන් 75 ක් පමණ සහභාගී වූහ.

03
අගෝස්තු , 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

කින්නියා අල්-අක්සා ජාතික පාසලේ දී

2023 අගෝස්තු 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් කින්නියා අල්-අක්සා ජාතික පාසලේ දී පවත්වන ලදී. මේ සඳහා නැඟෙනහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ, අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීවරුන්, ගුරුවරුන් සහ සිසුන් 75 ක් පමණ සහභාගී වූහ.

 

01
ජූනි, 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

අවිස්සාවේල්ල – බිෂොෆ් ගැමා Bischoff Gamma Lanka (Pvt.) Ltd. ඇගළුම් මධ්‍යස්ථානය

2023 ජූනි 01 දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් අවිස්සාවේල්ල – Bischoff Gamma Lanka (Pvt.) Ltd ඇගළුම් මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම ඇගළුම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සේවක සේවිකාවන් 180ක් පමණ සහභාගී වූහ.

25
මැයි, 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

අවිස්සාවේල්ල – බිෂොෆ් ගැමා Bischoff Gamma Lanka (Pvt.) Ltd. ඇගළුම් මධ්‍යස්ථානය

2023 මැයි 25 දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් අවිස්සාවේල්ල – Bischoff Gamma Lanka (Pvt.) Ltd ඇගළුම් මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම ඇගළුම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සේවක සේවිකාවන් 150ක් පමණ සහභාගී වූහ.

18
මැයි, 2023

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (FM 91.7 / 91.9)

2023 මැයි 18 දින පෙ.ව. 11.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයේ ජනරාවය වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.

12-14
මැයි, 2023
Skills Expo (ස්කිල්ස් එක්ස්පො) 2023

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද 2023 Skills Expo ප්‍රදර්ශනයෙහි කුටියක් හිතවතීට වෙන් වී තිබුණි. හිතවතී අත්පත්‍රිකා, ප්‍රවර්ධන කාඩ්පත් බෙදා හැරීම සහ හිතවතී පිළිබඳ දැනුවත් කිරීම ද භාෂා තුනෙන්ම සිදු කෙරුණි. 2023 මැයි මස 12, 13 හා 14 දිනයන්හි මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව දෙදහසක් පමණ සහභාගී විය.

03
මැයි, 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

ගහවත්ත අල් ර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී

2023 මැයි 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 90 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

 

 

 

 

02
මැයි, 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 මැයි 02 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 125 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

 

 

27
අප්‍රේල් , 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ උප විදුහල්පති ස්වාමින් වහන්සේ, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 55 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

27
අප්‍රේල් , 2023

හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

ඉනාමළුව වීර විජය විමලරතන ජාතික පාසලේ දී

2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ඉනාමළුව වීර විජය විමලරත්න ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 175 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

26
අප්‍රේල් , 2023
‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

තලකිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 26 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් තලකිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 160 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

25
අප්‍රේල් , 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

න්නම්පිටිය ජාතික පාසලේ දී

2023 අප්‍රේල් 25 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පන්නම්පිටිය ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 200 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

21
අප්‍රේල් , 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 21 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 110 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

 

20
අප්‍රේල් , 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 20 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 180 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

 

18
අප්‍රේල් , 2023
හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

වීර මොහාන් ජයමහ ජාතික පාසලේ දී

2023 අප්‍රේල් 18 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වීර මොහාන් ජයමහ ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 240 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

 

18
අප්‍රේල් , 2023
‘හිතවතී ටීන්ස් හබ්නියමු ව්‍යාපෘතිය

මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 18 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 170 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

 

 

21
මාර්තු, 2023

LK ඩොමේන් රෙජිස්ට්‍රි සහ Axiata ඩිජිටල් ලැබ්ස් අතර අවබෝධතා ගිවිසුම

Axiata ඩිජිටල් ලැබ්ස් හිදී

ලංකා වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) සහ Axiata Digital Labs ආයතනය ආරක්ෂිත අන්තර්ජාල භාවිතය පිළිබඳව කාන්තාවන් සහ ළමුන් දැනුවත් කිරීමට අත්වැල් බැඳ ගනී. ඒ සඳහා LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සහ Axiata Digital Labs (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී තුෂෙර කවුදවත්ත මහතා 2023 මාර්තු 21 වන දින අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් කරන ලදී.

සයිබර් සුරැකුම පොත් පිංච, පාසල්වල දැනුවත් කිරීමේ වැඩසටහන්, ඔන්ලයින් වැඩමුළු (වෙබ්නා) සහ හිතවතී පිළිබඳ ආරක්‍ෂක වීඩියෝපට හරහා සැමට සුරක්ෂිත අන්තර්ජාල ප්‍රජාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

 

14
මාර්තු, 2023

හිතවතී කාන්තා දින සැමරුම – සයිබර් අවකාශයේ කාන්තාවන් සවිබල ගැන්වීම
කොළඹ 10, එක්සෙල් ව(ර්)ල්ඩ් හිදී

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා “සයිබර් අවකාශයේ කාන්තාවන් සවිබල ගැන්වීම” යන තේමාව ඔස්සේ හිතවතී පාර්ශවකරුවන් ඇගයීමේ හමුවක් උත්සවාකාරයෙන් 2023 මාර්තු 14 දින කොළඹ එක්සෙල් ව(ර්)ල්ඩ් – මාකොපෝලෝ ලෝන්ජ් හිදී පවත්වන ලදී. එම ස්ථානයට පාර්ශවකරුවන් 30 දෙනෙකු පමණ සහභාගී වූ අතර අනෙක් සියලුම දෙනාට හිතවතී ෆේස්බුක් පිටුව හරහා සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව උදා විය.

 

08
මාර්තු, 2023

කාන්තාවන්ගේ ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ඔන්ලයින් – MS TEAMS (ටීම්ස්)

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, Axiata Digital Labs (ADL) ආයතනයේ සහයෝගීත්වයෙන් කාන්තාවන්ගේ ඔන්ලයින් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ ඔන්ලයින් වැඩසටහනක්, 2023 මාර්තු 08 දින, MS Teams (ටීම්ස්) හරහා පවත්වන ලදී.

 

07
මාර්තු , 2023
තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂ වැඩසටහනක්

ෆේස්බුක් සජීවී විකාශය

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, තාක්ෂණය සුරක්ෂිතව සහ ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තාවන් සඳහා වූ විශේෂ වැඩසටහනක් 2023 මාර්තු 07 වන දින ඩයලොග් – යෙහෙළි සහ හිතවතී එක්ව ෆේස්බුක් හි සජීවීව පවත්වන ලදී.

.

24
පෙබරවාරි , 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (FM 91.7 / 91.9)

2023 පෙබරවාරි 24 වැනි සිකුරාදා පෙ.ව. 11.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයේ ජනරාවය වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.

.

16
දෙසැම්බර්, 2022
“හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය
ගලේවල අධ්‍යාපන කලාපයේ දඹුල්ල ඉනාමළුව විද්‍යාල භූමියේදී

Resiliency Initiative අනුග්රහයෙන් හිතවතී ව්යාපෘතිය හරහා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඇරඹී “හිතවතී ටීන්ස් හබ් (Hithawathi Teens Hub)” නියමු ව්යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය පසු ගිය 16 වන දින ගලේවල අධ්යාපන කලාපයේ දඹුල්ල ඉනාමළුව විද්යාල භූමියේදී සනිටුහන් කරන ලද අතර ආරාධිත අමුත්තන් ලෙස LK ‌ඩොමේන් රෙජිස්ට්රියේ ප්රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, ගලේවල කලාප අධ්යාපන අධ්යක්ෂ වෙනුවෙන් ගුරු වෘත්තීය සංවර්ධන මධ්යස්ථානාධිපති විජේකෝන් බණ්ඩා මහතා, අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය (ඔන්ලයින්), ගලේවල අධ්යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක ධම්මික සෝමදාස මහතා, ගලේවල අධ්යාපන කලාපයේ තෝරාගත් පාසැල් 11ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් සහ ටීන්ස් හබ් නායක සිසු දරු දැරියන් සහභාගී විය.

3
ඔක්තෝම්බර්, 2022
හිතවතී අවසන් සතිඅග පැන සැමරුම
ෆේස්බුක් සජීවී විකාශය

ඔක්තෝම්බර් 3 වන සඳුදා දින දහවල් 12:00 ට හිතවතී ෆේස්බුක් සජීවී විකාශය සමඟ එකතු වෙන්න!

21
මාර්තු, 2022
හිතවතී 100 වන සතිඅග පැන සැමරුම
ෆේස්බුක් සජීවී විකාශය

හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන 100 වන සතිඅග පැනය සැමරීම සඳහා ජයග්‍රාහකයින් 10 දෙනෙකු LK ඩොමේන් රෙජිස්ට්‍රියේ දී සජීවීව තෝරා ගැනේ. මේ සඳහා Axiata ඩිජිටල් ලැබ්ස් අනුග්‍රාහකත්වයෙන් ජයග්‍රාහකයින් වෙත රු. 500/- බැගින් වටිනා ඩේටා කාඩ්පත් ලබා දෙයි. මාර්තු 21 වන සඳුදා දින දහවල් 12:00 ට හිතවතී ෆේස්බුක් සජීවී විකාශය සමඟ එකතු වෙන්න!

12
මාර්තු, 2022
කාන්තා දිනයට සමගාමීව හිතවතී විසින් සංවිධානය කරනු ලබන වෙබිනා සැසිය “අන්තර්ජාලයේ සිදුවන කාන්තා හිංසනය හා නීතිය!”
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා

කාන්තා දිනයට සමගාමීව හිතවතී විසින්, ICTA ආයතනය සමග එකමුතු වී අන්තර්ජාලයේ සිදුවන කාන්තා හිංසනය හා නීතිය පිළිබඳව වෙබිනාර් සැසිය ක් සංවිධානය කර ඇත.

දිනය: 2022 මාර්තු මස 12 වන සෙනසුරාදා
වේලාව: පෙ.ව 9:30 සිට පෙ.ව 10:30
කාලය:  පැය 1
මාධ්‍ය:  සිංහල

ලියාපදිංචි වීම : https://bit.ly/3HxRb9i

 

08
මාර්තු, 2022
ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා හිතවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්
ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය
2022 මාර්තු 08 වැනි දින ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – (ක්ෂණික ඇමතුම් අංක 1926) විසින් සිය කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද සයිබර් හිරිහැර සහ වැළැක්වීම පිළිබඳ මාර්ගගත දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වෙමින් හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි.

18
දෙසැම්බර්, 2021
ආදරයේ නාමයෙන් බ්ලැක්මේල් වීම
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා

හිතවතී මගින් නව යොවුන් වියේ ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා සුවිශේෂී වූ වෙබ්නාර් වැඩසටහනක් සංවිධානය කර ඇත.

ආදරයේ නාමයෙන් බ්ලැක්මේල් වීම තේමා කරගත් මෙම වැඩසටහන ICTA ආයතනය සමග එක්වී පවත්වනු ලබයි.

දිනය: 2021, දෙසැම්බර් මස 18 වන දින
වේලාව: ප.ව 5:30 සිට ප.ව 6:30 දක්වා
කාලය: පැය 1
මාධ්‍ය: සිංහල

වෙබිනාර් වැඩමුළුව විකාශනය වන්නේ
Zoom, Hithawathi Facebook නාලිකාව , Hithawathi Yotube නාලිකාව

සම්පත් දායකත්වය: සරිතා ඉරුගල්බණ්ඩාර මහත්මිය, සාමාජ මාධ්‍ය විශ්ලේෂිකා ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය, HashTag Generation

ලියාපදිංචි වීම : https://bit.ly/3oPVkyg

30
ඔක්තෝම්බර්, 2021
හිතවතී වෙබිනා වැඩසටහන – “දත්ත වල පෞද්ගලිකත්වය හා ඩිජිටල් පා සටහන”
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා

දත්ත වල පෞද්ගලිකත්වය සහ ඩිජිටල් පා සටහන යන තේමාව යටතේ හිතවතී ව්‍යාපෘතිය විසින් සංවිධානය කළ වෙබිනාර් වැඩමුළුව පසුගිය සැප්තැම්බර් 30 වන දින සවස 4 සිට 5 දක්වා Zoom ඔස්සේ පැවැත්විණි. මෙහි සම්පත් දායකත්වය Tech One Global ආයතනයේ ආරක්ෂණ ක්‍රමෝපාය උපදේශක ගයාන් අබේගුණවර්ධන මහතා විසින් සපයනු ලැබිණි. වැඩසටහන මෙහෙයවනු ලැබූයේ ලංකා වසම් ලේඛකාධිකාරී ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරන නිලධාරී සම්පත් රාජරත්න මහතා විසිනි. මෙම වැඩසටහනේදී පුද්ගලික දත්ත සොරාගන්නා ආකාරයන් සහ එයින් ආරක්ෂා වන ආකාරයන් ගැනත් සාකච්ඡා කෙරිණි.

වැඩසටහනේ වීඩියෝව පහත සබැඳියෙන්… https://www.youtube.com/playlist?list=PLqZ1JpaIpm9i2BSiwQ2bzbeGd4Z3tw45U

08
ඔක්තෝම්බර්, 2021
“සයිබර් සුරැකුම” පොත එළි දැක්වීම
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා

විශේෂයෙන්ම පාසල්ම යන දු පුතුන්ට අන්තර්ජාලයේ හොද නරක වෙන්කරගැනීමට සහ ඉන් ප්‍රයෝජන ගැනීමට උපකාරී වන, හිතවතී විසින් තිලිණ කරන සයිබර් ආරක්ෂණ අත්පොත- “සයිබර් සුරැකුම” පොත එළි දැක්වීම ඔක්තෝම්බර් මස 8 වන දින පෙ.ව 10:00 ට පැවත්වේ

02
ඔක්තෝබර්, 2021
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා හිතාවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්
ONLINE සැසිය
අග්නිදිග විශ්ව විද්‍යාලයේ, කළා අංශයේ 2, 3 සහ අවසාන වසර සිසුන් සඳහා 2021 ඔක්තෝබර් 02 වන දින “ඊ -මාධ්‍ය තුළින් -අනාගත මාධ්‍ය සඳහා නිර්‍මාණාත්මක මනසක් ගවේෂණය කිරීම” මැයින් පැවැත්වූ මාර්ගගත වැඩසටහනේදී, හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් දෙමළ භාෂාවෙන් පැවැත්විණි.
25
සැප්තැම්බර්, 2021
අන්තර්ජලයේ සැරිසරන දරුවා සුරක්ෂිත කිරීම සඳහා දෙමාපියන්ට ඇති පාලක උපක්‍රම පිලිබඳ වෙබිනාර් වැඩමුළුව
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා

තේමාව: දරුවට නොදැනෙන්න දරුවාව නිවැරදිව සිමා කරන්නසම්පත් දායකයින්: 

  • දිනේෂා ගමගේ – උපදේශිකා
  • පාරමී කුලන්ගනා – තොරතුරු ආරක්ෂණ විශ්ලේශිකා Sri Lanka CERT

දිනය : 2021 සැප්තැම්බර් 25
වෙලාව :  සවස 5.30 සිට 6.30 දක්වා

මේ ගැන උනන්දුවක් ඇති සියලු දෙමව්පියන්ට කෙරෙන ආරාධනයයි…

ලියාපදිංචි වීමට : https://forms.gle/FskLJMPbG5gHnppT8

Zoom link: https://us02web.zoom.us/j/89236172064
Meeting ID: 892 3617 2064

18
සැප්තැම්බර්, 2021
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා හිතවතී ව්‍යාපෘතිය සහ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්
ONLINE සැසිය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් සඳහා 2021 සැප්තැම්බර් මස 18 වන දින “ඊ -මාධ්‍ය තුළින් -අනාගත මාධ්‍ය සඳහා නිර්‍මාණාත්මක මනසක් ගවේෂණය කිරීම” මැයින් පැවැත්වූ මාර්ගගත වැඩසටහනේදී, හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි.
28
අගෝස්තු, 2021
වෙබිනාර් සැසිය – ඔයත් ‌gamer කෙනෙක්ද? ඔයා‌ පරිස්සම්ද? පරිගණක/මොබයිල් ක්‍රීඩා සහ ආරක්ෂාව!
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා
හිතවතී ව්‍යාපෘතිය සහ ICTA ආයතනයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරන “ඔයත් ‌gamer කෙනෙක්ද? ඔයා‌ පරිස්සම්ද?පරිගණක/මොබයිල් ක්‍රීඩා සහ ආරක්ෂාව!” යන්න තේමා කරගත් වෙබිනාර් වැඩමුළුව 2021 අගෝස්තු මස 28 වන සෙනසුරාදා දින පස්වරු 5.30 සිට 6.30 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ. පීසී. ගයිඩ් ආයතනය(PC Guide) මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙමින් සහභාගී වීමට නියමිතය.
28
අගෝස්තු, 2021
යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා හිතාවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්
ONLINE සැසිය
යාපනය විශ්ව විද්‍යාලයේ 2, 3 සහ අවසාන වසර සිසුන් සඳහා 2021 අගෝස්තු 28 වන දින “ඊ -මාධ්‍ය තුළින් -අනාගත මාධ්‍ය සඳහා නිර්‍මාණාත්මක මනසක් ගවේෂණය කිරීම” මැයින් පැවැත්වූ මාර්ගගත වැඩසටහනේදී, හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් දෙමළ භාෂාවෙන් පැවැත්විණි.
14
අගෝස්තු, 2021
හිතවතී – ITN – ගැජට් මේනියා සමඟින්….
අගෝස්තු 14 වන සෙනසුරාදා සවස 5.30ට
3
ජූලි, 2021
වෙබිනාර් සැසිය – සුරක්ෂිතව ඔන්ලයින් උගන්වන්නේ කොහොමද?
Online වෙබිනාර් සැසිය – Zoom
හිතවතී ව්‍යාපෘතිය සහ ICTA ආයතනයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරන “සුරක්ෂිතව ඔන්ලයින් උගන්වන්නේ කොහොමද?” යන්න තේමා කරගත් වෙබිනාර් වැඩමුළුව 2021 ජුලි 03 වන දින පස්වරු 3.00 සිට 4.00 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් මේ සඳහා සම්පත් දායකයින් දෙපළක් සහභාගී වීමට නියමිතය. මේ වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
26
නොවැම්බර්, 2020
7-8
සැප්තැම්බර්, 2020
මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පැවැත්වුණු Joomla වැඩමුළුව
හිල්වුඩ් විද්‍යාලය, මහනුවර
තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය විසින් මහනුවර හිල්වුඩ් විද්‍යාලයීය ගුරු මණ්ඩලය සඳහා Joomla වෙබ් අඩවි නිර්මාණය පිලිබඳව සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පුරාවට පැවැත්වුණු වැඩමුලුවෙහිදී සහභාගී වී සිටි පිරිස හිතවතී උපකාරක සේවාව පිළිබඳව දැනුවත් කල අතර වෙබ් අඩවිය හඳුන්වාදීමද සිදු කෙරිණි.
20
අගෝස්තු, 2020
නැණසල Joomla වෙබ් අඩවි නිර්මාණ ත්‍යාග ප්‍රදානෝත්සවය
ගම්පහ නැණසල
තෙල්දෙණිය, ගම්පහ සහ බලංගොඩ නැණසල මධ්‍යස්ථානයන් විසින් පාසැල් සිසු සිසුවියන් සඳහා පැවත්වූ Joomla වෙබ් අඩවි නිර්මාණ වැඩමුළුවට සමගාමී ත්‍යාග ප්‍රදානෝත්සවය ගම්පහ නැණසල මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් සහ LK Domain Registry ආයතනයේත් සහභාගිත්වයෙන් 2020 අගෝස්තු 20 වන දින ගම්පහදී පැවැත්විණි. ඒ සඳහා ආරාධිතයන් ලෙස LK Domain Registry ආයතනයේ ප්‍රධානී මහාචාර්ය ගිහාන් ඩයස් මැතිතුමන් සහ ව්‍යාපෘති කළමනාකාර නිරෝජා ජයවර්ධන මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද එම තරඟාවලියට සහභාගී වූ පාසැල් වල සිසු සිසුවියන් සහ ඔවුන්ගේ ගුරු භවතුන්ද සහභාගී වුහ.
24-25
ජුලි, 2020
ත්‍රිත්ව විද්‍යාලයීය Joomla ගුරැ පුහුණුව
ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
Joomla වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගුරු මණ්ඩලය සඳහා සංවිධානය කෙරුණු වැඩමුළුවක් එම විද්‍යාලයේ ප්‍රාථමික අංශ පරිගණක විද්‍යාගාරයේදී පැවැත්විණ. මෙයට විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 23 දෙනෙකු සහභාගී වූ අතර හිතවතී උපකාරක සේවාව පිළබඳවැ ඔවුන්ව දැනුවත් කිරීම සේදු කෙරිණි.
6
මාර්තු, 2020
නුවර එලිය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පැවැත්වුණු වැඩමුළුව
නුවර එලිය
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නුවර එලිය පාසලේ පරිපාලන අංශය විසින් එම පාසැලේ සිසු සිසුවියන්ට සහ දෙමව්පියන් වෙත සයිබර් හිරිහැරයන් පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු 06 වැනිදින සංවිධානය කරන ලදී.
5
මාර්තු, 2020
රිකිල්ලගස්කඩ නැණසල මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහන
රිකිල්ලගස්කඩ
රිකිල්ලගස්කඩ නැණසල මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහන
14
පෙබරවාරි, 2020
අලව්ව MAS කර්මාන්තශාලාවේදී පැවැත්වූ දැනුවත්කිරීමේ වැඩසටහන
MAS කර්මාන්තශාලාව, අලව්ව
අලව්ව MAS ඇඟලුම් කර්මාන්තශාලාව විසින් ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 වැනිදා එම ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් “අපේ ආදර ජීවිතවලට සමාජ මාධ්‍යයන්ගෙන් වන බලපෑම” යන්න තේමා කරගෙන සංවිධානය කෙරුණු දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා LK Domain Registry ආයතනයට ආරාධනා ලැබිණි. එම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සමාජ ජාල මාධ්‍ය භාවිතය පිලිබඳ දැනුම අවබෝධය ඉහල නැංවීම අරමුණු කරගෙන එහි මානව සම්පත් කළමනාකරණ අංශය විසින් මෙය සංවිධානය කෙරිණි.
28-29
ජනවාරි, 2020
සුහුරුලිය මොනරාගල දිස්ත්‍රික් සමුළුව
මොනරාගල
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයත්(ICTA) ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයත් සංවිධානය කළ සුහුරුලිය දිස්ත්‍රික් සමුළුව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනවාරි 28 සහ 29 යන දෙදින පැවැත්විණි.
19
නොවැම්බර්, 2019
ෆේස්බුක් දකුණු ආසියානු ආරක්‍ෂිත සමුළුව 2019
නවදිල්ලිය
දකුණු ආසියානු රටවල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතය සමඟ පැන නඟින ගැටළුවලට මුහුණ දෙන සමාජය සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සමුළුව සියලු උත්සාහයන් ගත්තේය.
9
නොවැම්බර්, 2019
“යෙහෙළි” සමඟ අත්වැල් බැඳගනිම
කිංග්ස්බරි, කොළඹ
යෙහෙළි විසින් ඔවුන් හා එක්ව ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයේ විශේෂඥන්ගේ හමුවක් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි
1-3
නොවැම්බර්, 2019
ඉන්ෆෝටෙල් 2019
බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව – කොළඹ
වසරක් පාසා පවත්වනු ලබන ඉන්ෆොටෙල් ප්‍රදර්ශන වැඩසටහන 2019 වසරේදී හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී. එහිදී පැමිණි ජනතාවට හිතවතී පිළිබඳව සඳහන් (ත්‍රෛභාෂා ) විස්තර පත්‍රිකාවක් සහ කුඩා ප්‍රොමෝ කාඩ් එකක්ද ලබා දෙන ලදී.
17
ඔක්තෝබර්, 2019
හිතවතී @ UNDP Hackadev වැඩසටහන
හලාවත
හිතවතී @ UNDP Hackadev වැඩසටහන
7
ඔක්තෝබර්, 2019
වනිතා ආරක්ෂණ සමුළුව
කොළඹ
අන්තර්ජාලයේදී කාන්තාවන් සහ ළමයින් මුහුණපාන විවිධ ගැටළු හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳව සාකච්චා කිරීම සඳහා හිතවතී විසින් එහි පාර්ශ්වකරුවන් සමඟ කොළඹදී සාකච්චාවක් පැවැත්වීය
4
ජූලී, 2019
සයිබර් හිංසනයට විරුද්ධව ක්‍රියාත්මක වීමට වෙබ් අඩවියක්.
කොළඹ
සයිබර් හිංසනයට විරුද්ධව ක්‍රියාත්මක වීමට “හිතවතී” නමින් නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී ජුලි 2 වන දින එළිදැක්විණි.
2
ජූලී, 2019
ෆේස්බුක් හි විශ්වාසනීය හවුල්කරුවෙකු (Trusted Partner) බවට ‘හිතවතී’ පත්වේ
Colombo
ලක් වසම් ලේඛකාධිකාරයේ හිතවතී ව්‍යාපෘතිය සහ ෆේස්බුක් ආයතනය ඔවුන්ගේ සහයෝගීතාවය නිල වශයෙන් නිවේදනය කලහ. මෙම බැඳීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ලෙස භාවිත වන සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් හි විශ්වාසනීය හවුල්කරුවෙකු (Trusted Partner) බවට ‘හිතවතී’ පත්වේ.
27
මාර්තු, 2019
ඩිජිටල් යුගයට සම්බන්ධ වීමේ අවස්ථාව ලංකාවට අහිමි කළ නොහැකිය – මහාචාර්ය ගිහාන් ඩයස්
කුරුණෑගල
ජාතියක් වශයෙන්, ඩිජිටල් යුගයේ කොටසක් වීමට සහ අනාගතය “වෙනස් කිරීමේ-නියෝජිතයන්” වීමට අපට ලිබෙන අවස්ථාව මඟහැරිය නොහැක. ගෝලීය ප්‍රවණතාවන්ට අප සවිඥාණිකව හා නිසි දැක්මෙන් යුතුව කටයුතු කළ යුතුයි. ලක් වසම් ලේඛකාධිකාරයේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැවසීය.
7
ජනවාරි, 2025
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී
සයිබර් ආරක්ෂාව සහ දෙමාපිය මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් 2025 ජනවාරි 7 වැනි දින කොළඹ 07, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා එම ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකු පමණ සහභාගී වූහ.
17
දෙසැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල හෙද විදුහලේ දී
සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් 2024 දෙසැම්බර් 17 වැනි දින බදුල්ල හෙද විදුහලේ දී පවත්වන ලදී. මේ සඳහා බදුල්ල හෙද විදුහලේ සිසු සිසුවියන් 243 දෙනෙකු පමණ සහභාගී විය.
16
දෙසැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
නුවරඑළිය සමුපකාර නිවාඩු බංගලාවේ දී
2024 දෙසැම්බර් 16 වන දින නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් නුවරඑළිය සමුපකාර නිවාඩු බංගලාවේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා නුවරඑළිය SED නිලධාරීන් 15 දෙනෙකු පමණ සහභාගී විය.
10
දෙසැම්බර්, 2024
දකුණු ආසියානු කලාපීය ලෝක බැංකු සැසිය
ඔන්ලයින් (MS ටීම්ස් ඔස්සේ)
2024 දෙසැම්බර් 10 වන දින MS ටීම්ස් ඔස්සේ පවත්වන ලද දකුණු ආසියානු කලාපීය ලෝක බැංකු සාකච්ඡා කණ්ඩායමේ සම්පත් දායකයෙක් ලෙස හිතවතී සම්බන්ධ විය. මෙහිදි ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16යේ සංදිස්ථානයක් සනිටුහන් කළ අතර, රැකියා ස්ථානවල සිට ඩිජිටල් අවකාශයන් දක්වා: දකුණු ආසියාවේ හිරිහැර හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටීම ගැන සකච්ඡාවට ගැණිනි.
4
දෙසැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
2024 දෙසැම්බර් 4 වන දින අනුරාධපුර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා අනුරාධපුර SED නිලධාරීන් 44 දෙනෙකු පමණ සහභාගී විය.
29
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
2024 නොවැම්බර් 29 වන දින පොළොන්නරුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පොළොන්නරුවේ SED නිලධාරීන් 10 දෙනෙකු පමණ සහභාගී විය.
27
නොවැම්බර්, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
2024 නොවැම්බර් 27 වන දින මොනරාගල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා මොනරාගල SED නිලධාරීන් 28 දෙනෙකු පමණ සහභාගී විය.
24
ඔක්තෝබර්, 2024
UNDP හා SLCERT පාර්ශවකරුවන්ගේ හමුව
කොළඹ 03 හිදී
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය මඟින් සංවිධානය කරන ලද 2024 ඔක්තෝම්බර් 24 වැනි දින කොළඹ 03 හිදී පැවැති ‘TFSGBV (පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය) සහ අනෙකුත් සයිබර් අපරාධ රිපෝට් කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ යෝජනාව’ පිළිබඳ පාර්ශවකරුවන්ගේ තෙවන සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය. මේ සඳහා පාර්ශවකරුවන් 20 ක් පමණ සහභාගි වූහ.
16
ඔක්තෝබර්, 2024
UNDP හා SLCERT පාර්ශවකරුවන්ගේ හමුව
කොළඹ 03 හිදී
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය මඟින් සංවිධානය කරන ලද 2024 ඔක්තෝම්බර් 16 වැනි දින කොළඹ 03 හිදී පැවැති ‘TFSGBV (පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය) සහ අනෙකුත් සයිබර් අපරාධ රිපෝට් කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ යෝජනාව’ පිළිබඳ පාර්ශවකරුවන්ගේ දෙවන සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය. මේ සඳහා පාර්ශවකරුවන් 20 ක් පමණ සහභාගි වූහ.
8
ඔක්තෝබර්, 2024
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
2024 ඔක්තෝබර් 8 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ මහරගම පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 26ක් පමණ සහභාගී විය.
4
ඔක්තෝබර්, 2024
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මොරටුව SLT-මොබිටෙල් NEBULA තාක්ෂණ ආයතනයේදී
2024 ඔක්තෝබර් 4 වන දින මොරටුව SLT-මොබිටෙල් NEBULA තාක්ෂණ ආයතනයේදී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ කළුතර පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 28ක් පමණ සහභාගී විය.
2
ඔක්තෝබර්, 2024
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
කාක්කපල්ලිය දිමුතු පදනමේදී
2024 ඔක්තෝබර් 2 වන දින කාක්කපල්ලිය දිමුතු පදනමේදී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ පුත්තලම පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.
12
සැප්තැම්බර්, 2024
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
2024 සැප්තැම්බර් 12 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ ගම්පහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.
11
සැප්තැම්බර්, 2024
නැණසලට හිතවතී හඳුන්වා දීම
කොළඹ 7 හාර්ටි හිදී
2024 සැප්තැම්බර් 11 වැනි දින කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ නැණසල නිපුණතා සංවර්ධන වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මෙම සැසිය සඳහා නැණසල ව්‍යාපෘතියේ I අදියරෙහි නැණසල හිමිකරුවන් / ක්‍රියාකරුවන් සහ සම්පත් දායකයින් ඇතුළු 30 දෙනෙකු පමණ සහභාගී විය.
4
සැප්තැම්බර්, 2024
CSSL GenZ පරිච්ඡේදයේ 2024 වාර්ෂික මහා සභා රැස්වීම වෙනුවෙන් හිතවතී ඉදිරිපත් කිරීමක්
හෝමාගම, NSBM හරිත විශ්ව විද්‍යාලයේදී
NSBM හරිත විශ්ව විද්‍යාලයේ CSSL GenZ NSBM පරිච්ඡේදයේ ආරාධනය පරිදි, හිතවතී ව්‍යාපෘතියේ අරමුණු ගෙනහැර දක්වන දේශනයක් CSSL GenZ පරිච්ඡේදයේ 2024 වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදු කරන ලදිී. එය 2024 සැප්තැම්බර් 4 වන දින හෝමාගම NSBM හරිත විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා CSSL GenZ NSBM පරිච්ඡේදයේ සාමාජිකයින්, සිසුන්, ආචාර්යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළුව 300 දෙනෙකු පමණ සහභාගී වූහ.
28
අගෝස්තු, 2024
සිවිල් සමාජ සංවිධාන විශාල තාක්ෂණික සමාගම් සමඟ සම්බන්ධ වීම
කොළඹ දී
2024 අගෝස්තු 28 වන දින Search for Common Ground ආයතනය විසින් සංවිධානය කරන ලද කොළඹ 3 Sofia Colombo City හෝටලයේදී පැවැත්වූ සැසියක් සඳහා හිතවතී සහභාගී විය. මෙහි දී Facebook, TikTok සහ YouTube වැනි විශාල තාක්ෂණික සමාගම් සමඟ සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ වී රටේ උපාය මාර්ගය ශක්තිමත් කිරීම සඳහා කළ හැකි එකතු කිරීම් හෝ වෙනස්කම් පිළිබඳ සාකච්ඡා විය. මෙම සැසිය සඳහා පාර්ශවකරුවන් 25 දෙනෙකු පමණ සහභාගී විය.
30
ජූලි, 2024
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පර්යේෂකයින් සමඟ සම්මුඛ පරීක්ෂණය
ඔන්ලයින් – ගූගල් මීට්ස් ඔස්සේ
2024 ජූලි 30 වන දින Google Meets හරහා UNFPA (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) නියෝජනය කරමින් Management Frontiers පුද්ගලික සමාගමේ උපදේශකයන් විසින් පවත්වන ලද මාර්ගගත සම්මුඛ පරීක්ෂණයකට හිතවතී සහභාගී විය. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් ඔවුන්ව මෙසේ හිතවතී වෙත යොමු කර ඇති අතර මෙම සාකච්ඡාව ස්ත්‍රී පුරුෂ භාවය පදනම්ව වෛරී ප්‍රකාශ ගවේෂණය කරන පර්යේෂණයක් හා සම්බන්ධ විය.
25
ජූලි, 2024
හිතවතී පිළිබඳ ජනාධිපතිතුමන් දැනුවත් කිරීම
පින්නවල, ව්‍යවසායකයින් සඳහා වූ සමාරම්භක උත්සවයේදී
2024 ජූලි 26 වැනි දින කෑගල්ල ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී අතිගරු ජනාධිපතිතුමා වෙත හිතවතී ව්‍යාපෘතිය සහ LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනෙකුත් ව්‍යාපෘති පිළිබඳ හැඳින්වීමක් කර අත් පත්‍රිකා ලබා දීමට හිතවතී කණ්ඩායමට අවස්ථාව ලැබුණි.
25
ජූලි, 2024
සයිබර් ආරක්ෂාව පිළිබඳ ගුරුභවතුන් දැනුවත් කිරීම
තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය, උඩුගම්පොළ සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දී
2024 ජූලි 25 වන දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය – උඩුගම්පොළ සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙය වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයට අයත් ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි විෂයයන් උගන්වන ගුරුභවතුන් 25 දෙනෙකු පමණ සහභාගී විය.
23
ජූලි, 2024
ටික්ටොක් (TikTok) හවුල්කරුවන්ගේ හමුව
කොළඹ 2, ඇඩ්ෆැක්ටර්ස් පබ්ලික් රිලේෂන්ස් ලංකා හිදී

2024 ජූලි 23 වැනි දින ටික්ටොක් ආයතනය විසින් සංවිධානය කරන ලද එම ආයතනයේ හවුල්කරුවන්ගේ හමුව කොළඹ 2, ඇඩ්ෆැක්ටර්ස් පබ්ලික් රිලේෂන්ස් ලංකා හිදී පැවැත්වූ අතර එහිදි ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ විස්තරාත්මක සමාලෝචනයක් මෙන්ම ඉදිරි මැතිවරණය සම්බන්ධව කරුණු සාකච්ඡා කරන ලදී. මේ සඳහා පාර්ශවකරුවන් 10 ක් පමණ සහභාගි වූහ.

12
ජූලි, 2024
UNDP හවුල්කරුවන්ගේ හමුව
කොළඹ UNDP මූලස්ථානයේ දී

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් 2024 ජූලි 12 වැනි දින එහි කොළඹ මූලස්ථානයේදි පැවැති TFSGBV (පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය) සහ අනෙකුත් සයිබර් අපරාධ රිපෝට් කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ පාර්ශවකරුවන්ගේ මූලික සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය. මේ සඳහා පාර්ශවකරුවන් 20 ක් පමණ සහභාගි වූහ.

11
ජූලි, 2024
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

2024 ජූලි 11 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ DigiGo.lk මාර්ගගත අලෙවිකරණ පුහුණු වැඩමුළුවේදී හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක් ලංකා වසම් ලේඛකාධිකාරියේ සහකාර කළමනාකරු රුවන් විගමගේ මහතා විසින් සිදු කළ අතර ඒ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 30 ක් පමණ සහභාගී වූහ.

10
ජූලි, 2024
StopNCII සය මාසික හවුල්කරුවන්ගේ හමුව
සූම් තාක්ෂණයෙන්

2024 ජූලි 10 වැනි දින සූම් තාක්ෂණය ඔස්සේ StopNCII.org විසින් සංවිධානය කරන ලද සය මාසිකව පවත්වන එහි හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය.

10
පෙබරවාරි , 2024
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා පැවැත්වු DigiGo.lk වැඩමුළුවේදි හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම
ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදි

2024 පෙබරවාරි 10 වන දින ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා පැවැත්වූ DigiGo.lk වැඩමුළුවේදි හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක් ලංකා වසම් ලේඛකාධිකාරියේ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා විසින්සිදු කළ අතර ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සහ DigiGo හවුල්කරුවන් සහභාගී වූහ.

20
නොවැම්බර්, 2023
සුහුරුලිය 2.0 එළිදැක්වීමේ උත්සවය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

2023 නොවැම්බර් 20 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද සුහුරුලිය 2.0 නව මුහුණුවර එළිදැක්වීමේ (launch) උත්සවය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් කරන ලද ආරාධනාවට “හිතවතී” සහභාගී විය.

20
ඔක්තෝම්බර්, 2023
හිතවතී දැනුවත් කිරීමේ සැසිය – DigiGo.lk උත්සවය
ගාල්ල – හෝල් ද ගෝල් හීදී

2023 ඔක්තෝම්බර් 20 වන දින ගාල්ලේ දී පැවැත්වූ DigiGo.lk හි මූලාරම්භක උත්සවයේ දී හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි. මෙය LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS -Federation of Information Technology Industry Sri Lanka) සමඟ එක්ව පවත්වන ලදී. මෙම අවස්ථාවට කලාපයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (SMEs) පිරිසක් සහභාගී විය.

13
ඔක්තෝම්බර්, 2023
යෙහෙළි වෙබ්අඩවියේ නව මුහුණුවර එළිදැක්වීමේ උත්සවය
ඩයලොග් ප්‍රධාන කාර්යාලයේදී

2023 ඔක්තෝම්බර් 13 වන දින ඩයලොග් ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද යෙහෙළි වෙබ්අඩවියේ නව මුහුණුවර එළිදැක්වීමේ උත්සවය සඳහා “හිතවතී” ට ලද ආරාධනවට සහභාගී විය.

12
ඔක්තෝම්බර්, 2023
CSGBV සහ GOHS ගැන ක්‍රියාකරන සිවිල් සමාජ සංවිධාන සාකච්ඡාව
කොළඹ 3 හිදී

2023 ඔක්තෝම්බර් 12 වන දින කොළඹ 3 හිදී පැවැත්වූ විශාල තාක්ෂණික සමාගම් සමඟ සම්බන්ධ වීම සඳහා රටේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ අරමුණින් සිවිල් සමාජ සංවිධාන මඟින් මෙහෙයවූ සාකච්ඡාවකට හිතවතී සහභාගී විය. “Caught in the Web” (CitW) නමින් හැඳින්වෙන මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ Search for Common Ground (SFCG), Centre for Equality and Justice (CEJ) සහ Hashtag පරපුර ඒකාබද්ධයෙනි.

26
සැප්තැම්බර්, 2023
ICT කර්මාන්තය ගැන හැඳින්වීම සහ සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසිය

වනරතන විද්‍යාලය – ගම්පහ

2023 සැප්තැම්බර් 26 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කර්මාන්තය පිළිබඳ හැඳින්වීමක් සහිතව සයිබර් හිරිහැර හඳුනා ගෙන ඒවා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ වනරතන විද්‍යාලයේදී පවත්වන ලද අතර මෙය Axiata ඩිජිටල් ලැබ්ස් (ADL) ආයතනය සමඟ එක්ව හිතවතී මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා එම ප්‍රදේශයේ පාසල්වල උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයින් ඇතුළුව 100 දෙනෙකු පමණ සහභාගී වූහ.

 

22
සැප්තැම්බර්, 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

රාජගිරිය සුසුමයවර්ධන විද්‍යාලයේ දී

2023 සැප්තැම්බර් 22 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් රාජගිරිය සුසුමයවර්ධන විද්‍යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා ගුරුවරුන් සහ සිසුන් 100 ක් පමණ සහභාගී වූහ.

13
ජූලි, 2023
ICT කර්මාන්තය ගැන හැඳින්වීම සහ සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසිය

පස්සර මධ්‍ය මහා විද්‍යාලය

2023 ජූලි 13 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කර්මාන්තය පිළිබඳ හැඳින්වීමක් සහිතව සයිබර් හිරිහැර හඳුනා ගෙන ඒවා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර මෙය Axiata ඩිජිටල් ලැබ්ස් (ADL) ආයතනය සමඟ එක්ව හිතවතී මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා එම ප්‍රදේශයේ පාසල්වල උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයින් සහභාගී වූහ.

17
ජනවාරි, 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර

2023 ජනවාරි 17 වැනි දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම විද්‍යාලය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සිසු සිසුවියන් සහ ගුරුභවතුන් 200ක් පමණ සහභාගී වූහ.

11
ජනවාරි, 2023
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල සුජාතා විද්‍යාලය

2023 ජනවාරි 11 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල සුජාතා විද්‍යාලයේ පයිතන් පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන MAC පරිගණක පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා පාසලේ විදුහල්පතිතුමා, සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 40 දෙනෙකු පමණ සහභාගී විය.

26
සැප්තැම්බර්, 2022
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය

2022 සැප්තැම්බර් 26 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා විද්‍යාලීය සිසුන් හා ගුරු භවතුන් 100 ක් පමණ සහභාගී වූහ.

23
සැප්තැම්බර්, 2022
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
නිවිතිගල සුමන මහා විද්‍යාලය

2022 සැප්තැම්බර් 23 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නිවිතිගල සුමන මහා විද්‍යාලයේ ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩමුළුව වෙබ්කොම්ස් ග්ලෝබල් (WebComms Global) ආයතනය විසින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 60 දෙනෙකු පමණ සහභාගී විය.

02
අගෝස්තු, 2022
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – මොණරාගල දුටුගැමුණු ජාතික පාසල
මොණරාගල දුටුගැමුණු ජාතික පාසල

2022 අගෝස්තු මස 02 වැනි දින මොණරාගල දුටුගැමුණු ජාතික පාසලේ පැවැත්වූ බුත්තල නැණසල විසින් සංවිධානය කරන ලද, ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා ගුරුවරු සහ සිසු සිසුවියන් 60 දෙනෙක් පමණ සහභාගී වූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා, කළාප අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා සහ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි මහතා යනාදී නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

19
මැයි, 2022
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – මහනුවර – පොල්ගොල්ල ආදර්ශ විදුහල
මහනුවර – පොල්ගොල්ල ආදර්ශ විදුහල

2022 මැයි 19 වැනි දින මහනුවර – පොල්ගොල්ල ආදර්ශ විදුහලේ පැවැත්වූ තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 60 ක් පමණ සහභාගී වූහ.

5
මැයි, 2022
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – වත්තේගම මධ්‍ය මහා විදුහල
වත්තේගම මධ්‍ය මහා විදුහල

2022 මැයි 05 වැනි දින වත්තේගම මධ්‍ය මහා විදුහලේ පැවැත්වූ තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 42 ක් පමණ සහභාගී වූහ.

25
පෙබරවාරි 2022
සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ(CEJ) පවත්වන ලද සාකච්ඡාව
ONLINE වෙබිනාර් සැසිය – ZOOM හරහා
සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (CEJ) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකාවේ සයිබර් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය (CSGBV) සහ ඔවුනොවුන් අතර ඇතිවන ඔන්ලයින් වෛරී ප්‍රකාශ (GOHS) සහිත සිදුවීම් සඳහා පවතින ප්‍රතිචාර යාන්ත්‍රණයන් පිළිබඳව, 2022 පෙබරවාරි 25 වන දින පස්වරු 2.00 ට සූම් ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවට හිතවතී සහභාගී වන ලදි. මේ සඳහා විවිධ සංවිධානවල නියෝජිතයින් 17 ක් පමණ සහභාගී විය.
22
දෙසැම්බර් 2021
හිතවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය – සුහුරුලිය කළුතර දිස්ත්‍රික් සංසදය
මතුගම සණස බැංකු ශ්‍රවණාගාරයේදී
2021 දෙසැම්බර් 22 වන දින මතුගම සණස බැංකු ශ්‍රවණාගාරයේදී, ප්‍රාදේශීය ප්‍රජාවේ කාන්තාවන් සඳහා, ICTA විසින් සංවිධානය කරන ලද “සුහුරුලිය කළුතර දිස්ත්‍රික් සංසදයේ” දී හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි.
09 සහ 15
දෙසැම්බර් 2021
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය
ශ්‍රී ලංකා පදනම් ආයතනය
2021 දෙසැම්බර් 09 සහ 15 යන දෙදින “සයිබර් හිරිහැර කිරීම කළමනාකරණය කිරීමට සහ හානිය වළක්වා ගැනීමට ඉඟි” යන මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ පුහුණු වැඩසටහනේදී හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී.
24
නොවැම්බර් 2021
16 වැනි ජාතික කාන්තා අධ්‍යයන සමුළුව
මාර්ගගත වැඩසටහනකි
16 වැනි ජාතික කාන්තා අධ්‍යයන සමුළුවේදී හිතවතී විසින් “ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වය – හිතවතී ව්‍යාපෘතිය පදනම් කරගත් සිදුවීම් අධ්‍යයනයක්” පිළිබඳ ලිපියක් ඉදිරිපත් කරන ලදී.
27
මාර්තු 2021
‘සයිබර් අපරාධ’ පිළිබඳ වැඩමුළුව ගාලු මුවදොර හෝටලය – කොළඹ
ගාලු මුවදොර හෝටලය – කොළඹ
2021 මාර්තු 27 වන දින හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් ගාලු මුවදොර හෝටලයේදී ‘සයිබර් අපරාධ’ පිළිබඳ වැඩමුළුවේදී පැවැත්වූ අතර ඇපිට් ලංකා (APIIT Lanka ) ආයතනයේ නීතිය පිළිබඳව හදාරන සිසුන් 60කින් යුත් කණ්ඩායමක් සඳහා USAID සංවිධානය සමඟ සම්බන්ධ වීමෙන් පවතුවන ලදී. එහිදී සිසුන් කණ්ඩායම් ක්‍රියාකාරකමක් සිදු කරන ලදී. එක් එක් කණ්ඩායමට ඔවුන් විසින් තෝරා ගන්නා ලද මාතෘකාව ඔස්සේ ඉදිරිපත් කිරීම් සිදු විය.