අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/16
කාගෙන්ද මම උදව් ගන්නේ?
“මටත් අන්තර්ජාලය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා….මගේ ඉ-මේල් එක හැක්වෙලා …එහමත් නැත්නම් නරක විදියට වෙනස් කරපු මගේ පින්තූරයක් මූණු-පොතේ( facebook) එකේ පළ කරලා….මම කාටද කියන්නේ?” මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබටත් ඇතිවුනාද? නැත්නම් ඔයාගේ යාලුවෙක්ට, දන්න කියන කෙනෙකුට සිද්ධවුනාද? “හිතවතී” ඔබගේ උපකාරක කවුළුවයි. අපි ඔබ වෙනුවෙන් සිටින්නෙමු. ඔබට සයිබර් සම්බන්ධ විසඳාගත නොහැකි කිසියම් ගැටළුවක් හමු වුවහොත් පළමුව අපට කතා කරන්න. අවශ්‍ය අදාල පියවර ගරනීම සඳහා අපට ඔබට උදවු කල හැක. ඊට අමතරව, එහෙම ප්‍රශ්නයක් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔයා දන්නවාද මොකක්ද නිවැරදි පිළිතුර කියලා.. ලංකාවේ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආයතන කීපයක් තියෙනවා. එවැනි ප්‍රධාන ආයතන 03ක් ගැන කෙටි විස්තරයක් මේ.-
- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය – ශ්‍රී ලංකා පොලීසිය
-
- ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය.( Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)
-
- TechCERT ආයතනය