අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/01
යූ ටියුබ් කාර්ය මණ්ඩලය විසින් වාර්තා කරන ලද වීඩියෝ දර්ශන දිනකට පැය 24 ක් සතියේ දින 7 පුරාවටම සමාලෝචනය කරනු ලබයි. යම් වීඩියෝවක් යූ-ටියුබ් වෙත උඩුගත කළ පසු ඕනෑම අවස්ථාවක දී ඒ ගැන වාර්තා කළ හැකි අතර එය YouTube කාර්යමණ්ඩලය විසින් සමාලෝචනය කිරීම සිදු කරයි. එහිදී උල්ලංඝනයන් කිසිවක් සොයා නොගත්තේ නම් කිනම් වාර ගණනක් වාර්තා කිරීම් සිදුකලත් අතර වීඩියෝව යු-ටියුබ්වෙබ් අඩවියෙහි පවතිනු ඇත.
- යූටියුබ් වෙත පුරනය වන්න.
- ඔබ වාර්තා කිරීමට අවශ්‍ය වීඩියෝවට- පහළින්, More ක්ලික් කරන්න.
- පතන මෙනුව (drop-down menu) තුළ “වාර්තා” (Report )යන්න තෝරන්න
- වීඩියෝවට අදාල උල්ලංඝනය කිරීමට සුදුසු හේතුව තෝරා ගන්න.
- සමාලෝචන කණ්ඩායමට තම තීරණය ගැනීමට උපකාර වන, ඒවගේම අදාල උල්ලංඝනය පිළිබඳ තොරතුරු හෝ අදාල උල්ලංඝනය වීඩියෝවේ ඇති තැන පිලිබඳ විස්තර (උදා, වීඩියෝවේ අදාල අවස්ථාවේ කාලරාමුව (විනාඩි:තත්පර)සැපයිය හැකිය.
මූලාශ්‍රය: https://support.google.com/youtube/answer/2802027?hl=sl