අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/01
“වංචනික ස්පෑම් හෝ අපයෝජන වාර්තා කරන්න” යන සබැඳිය (“Report spam or abuse” link) මඟින්, යූ-ටියුබ් පරිශීලකයන්ට ඔවුන් විසින්උඩුගත කරන (upload) හෝ නරඹන ලද වීඩියෝ වල ඇති වංචනික “ස්පෑම් අදහස් දැක්වීම්” වාර්තා කිරීමට ඉඩ සලසයි. ප්‍රමාණවත් පරිශීලකයන් සංඛ්‍යාවක් ස්පෑම් ලෙස අදහස් සලකුණු කළහොත් එය “ස්පෑම් ලෙස සලකුණු කර ඇත” (“Marked as Spam”) යන සබැඳිය යටතේ සැඟවෙයි. “සබැඳිය පෙන්වන්න” (“Show link”) ක්ලික් කිරීමෙන් ඔබට නැවත එම අදහස් දැකගත හැකිය. වීඩියෝව උඩුගත කරන්නාට (uploader) ස්පෑම් ලෙස සලකුණු කර ඇති විවේචනයක් ඉවත් කිරීමට (“unmark”) හැකියාව ඇත. අදහස් දැක්වීමක් වාර්තා කරන අයුරු පහත දැක්වේ.
- වාර්තා කිරීමට කැමති අදහස් දැක්වීම වෙතට යන්න.එ
- හි ඇති More මත ක්ලික් කරන්න.වංචනික අදහස් (ස්පෑම්) හෝ අපයෝජනය වාර්තා කිරී
- මට “Report spam or abuse” ක්ලික් කරන්න.
4. වාර්තා කිරීම සඳහා හේතුව තෝරන්න.
“වංචනික ස්පෑම් හෝ අපයෝජන වාර්තා කරන්න” යන විශේෂාංගය ඉතා ප්‍රවේශමෙන් භාවිතා කරන්න. ඔබ එය වැරදි ලෙස පාවිච්චි කළහොත් ඔබට යූටියුබ් භාවිතා කිරීම තහනම් විය හැක.
ඔබේ ප්‍රකාශය වැරදීමකින් ස්පෑම් ලෙස සළකුණු කර ඇතිනම්
ඔබ විසින් කරන ලද ප්‍රකාශයක් කාටහරි වැරදීමකින් ස්පෑම් ලෙස සලකුණු වී ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම්, වීඩියෝව උඩුගත කරන්නා අමතා (contact the video’s uploader) , ඔබේ ප්‍රකාශය නැවත දර්ශනය කරන ලෙස ඉල්ලා සිටින්න
මූලාශ්‍රය: https://support.google.com/youtube/answer/2802027?hl=en&co=GENIE.Platform%3DDesktop&oco=1