අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/09
ඔබගේ වට්ස්ඇප් ගිණුමට ප්‍රවේශය ලබා ගැනීමට හැකර්වරු පහත දැක්වෙන ක්‍රම භාවිතා කළ හැකිය.
- හැකර්වරුන්ට මොහොතකට හෝ ඔබේ උපාංගයට පිවිසීමට අවස්ථාවක් ලැබුනොත්, ඔවුන්ට වට්ස්ඇප් QR කේතය (code) භාවිතා කර වට්ස්ඇප් වෙබ් (‘WhatsApp Web’) හරහා ඔබගේ ගිණුම පාලනය කළ හැකිය.
- ඔබගේ උපාංගයේ උපස්ථ ගොනු (backup files) වෙත ප්‍රවේශ වීම.
- වට්ස්ඇප් ස්නිෆර් (WhatsApp Sniffer) සමඟ Wi-Fi ජාලය භාවිතා කිරීම
- තෙවන-පාර්ශවීය ස්පයිවෙයාර් (spyware) භාවිතා කිරීම
ඔබේ වට්ස්ඇප් ගිණුම හැක් කර ඇත්දැයි දැන ගන්නේ කෙසේද?
- නාඳුනන අංකයකින් වට්ස්ඇප් ඇමතුමක් ලැබීම ඔබගේ ගිණුම අඩපණ වී (හැක් වී) ඇති බවට ලකුණක් විය හැකිය. ඒ සඳහා ඔබට එම ඇමතුමට පිළිතුරු ලබා දීම (pick) පවා අවශ්‍ය නොවේ. (‘The Sun’ පුවත්පත, 2019 මැයි 15)
- ජංගම දුරකථනය අසාමාන්‍ය ලෙස උණුසුම් වේ.
- මොබයිල් ඩේටා (mobile data) / ඉන්ටර්නෙට් හෝ Wi-Fi සක්‍රියව ඇති විට ජංගම දුරකථනයේ බැටරිය ඉතා ඉක්මණින් අඩු වේ.
- ඔබගේ ගිණුමේ තොරතුරු වෙනස් කිරීම.
- ඔබ නොයැවූ පණිවිඩ ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ අයට සහ නොදන්නා පුද්ගලයින් වෙත යවා තිබීම.
- නොකියවූ පණිවිඩ කියවා ඇති බවක් (read) පෙනෙන අතර අලුත් හෝ මකා දැමූ පණිවිඩ එහි තිබිය හැකිය.
- සම්බන්ධතා ලැයිස්තුවේ (contact list) වෙනසක්
හැක් කරන ලද වට්ස්ඇප් ගිණුම නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ (recover) කෙසේද?
ඔබට තවමත් ගිණුමට ප්‍රවේශය තිබේ නම්,
* වට්ස්ඇප් වෙබ් අක්‍රීය කරන්න (Disable ‘WhatsApp Web’)
- ඔබගේ ජංගම දුරකථනයෙන් වට්ස්ඇප් විවෘත කරන්න,
- ඉහළ දකුණේ සිරස් තිත් තුන ක්ලික් කරන්න
- එහි දිස්වෙන ‘WhatsApp Web’ ක්ලික් කිරීමනේ අවසන් වරට භාවිතා කළ උපාංග ලැයිස්තුවක් සමඟ නව කවුළුවක් (window) විවෘත වේ.
- ‘සියලු උපාංග වලින් ඉවත් වන්න’ (‘Log out from all devices’) යන්න තෝරන්න
ඔබගේ ගිණුමට ප්‍රවේශ විය නොහැකි නම්,
* වට්ස්ඇප් අමතන්න
- ඒ සඳහා https://www.whatsapp.com/contact/ වෙත පිවිසෙන්න.
- ‘WhatsApp Messenger Support’ හි ‘අප අමතන්න / contact us’ ක්ලික් කරන්න
- අදාළ වට්ස්ඇප් අංකය ටයිප් කරන්න
- උපාංගයේ වර්ගය තෝරන්න
- ඔබේ පණිවිඩය පැහැදිලිව යැවීමට ‘ප්‍රශ්නය යවන්න / Send Question’ බොත්තම ක්ලික් කර තිරයේ උපදෙස් අනුගමනය කරන්න.
ඔබගේ වට්ස්ඇප් ගිණුම සුරක්ෂිත කරන්නේ කෙසේද?
- නවතම අනුවාදය යාවත්කාලීන කරන්න (Upgrade the latest version)
- පොදු හෝ නොමිලේ Wi-Fi ප්‍රවේශ ස්ථාන භාවිතා කිරීම නවත්වන්න
- කිසි විටෙකත් වෙනත් අයෙකුට ඔබගේ දුරකථනයට ප්‍රවේශය ලබා නොදෙන්න
- ඔබගේ දුරකථනයට ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී නොදන්නා ප්‍රභවයන්ගෙන් (Playstore / Appstore හැර) කිසිවක් ස්ථාපනය (install) නොකරන්න. එසේ නොමැති නම්, අදාළ ප්‍රභවය භාවිතා කිරීමේදී ඔවුන් ඔබේ දුරකථනයට RAT (දුරස්ථ ප්‍රවේශ ට්‍රෝජන්) නොකරන බවට සහතික කර ගන්න.
- ප්‍රවේශ වීමට කේතයක් (code) සැකසූ යෙදුම් ලොකර් (App locker) මෘදුකාංගයක් භාවිතයෙන් ඔබගේ සියලුම යෙදුම් අගුළු දමන්න.
- ද්වි-සාධක සත්‍යාපනය / Two-factor authentication සක්‍රීය කරන්න (ද්වි-සාධක සත්‍යාපනය යනු කුමක්ද?)
ඒ සඳහා වට්ස්ඇප් හි > සැකසීම් > ගිණුම > දෙපියවර සත්‍යාපනය > සක්‍රීය කරන්න.
(Open WhatsApp > Settings > Account > Two-step verification > Enable.)
මූලාශ්‍ර:
https://www.indiatoday.in/technology/tech-tips/story/tech-tips-how-to-know-your-whatsapp-account-has-been-hacked-and-tips-to-prevent-it-1267810-2018-06-23
https://www.quora.com/How-do-I-know-if-my-WhatsApp-account-has-been-hacked
https://gotechug.com/whatsapp-hacked-how-to-know-and-how-to-fix-it/
https://www.thesun.co.uk/tech/9074690/whatsapp-hack-how-to-find-out-if-hacked/