අවසන් වරට යාවත්කාලීන කලේ 2021/04/15
වට්ස්ඇප් යෙදුම (ඇප් එක), අන්තයකින් අන්තයකට සංකේතිත (එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්රිප්ටඩ්) ආරක්ෂිත අංගයෙන් සමන්විත නිසා, ඒ තුළ බෙදා හදා ගන්නා (ශෙයා වෙන) දේ ගැන විමසිලිමත් වීමට වට්ස්ඇප් ආයතනයටවත් ප්‍රවේශයක් නොමැත. එබැවින්, වට්ස්ඇප් සේවාවේ කොන්දේසි (Terms of Service) උල්ලංඝනය වන සිදුවීම් රිපෝට් කිරීමෙන් ඔවුන් වෙත දැනුම් දීම ඉතා වැදගත් වේ. අදාළ ගැටලු රිපෝට් කිරීම සඳහා ඔබට වට්ස්ඇප් යෙදුම හරහාම සම්බන්ධ විය හැකි ආකාරය පහත පරිදි වේ.
- ඇන්ඩ්‍රොයිඩ් (Android)හි:
වට්ස්ඇප් (WhatsApp) වෙත ගොස් > තවත් විකල්ප (More options / ) මත ස්පර්ශ කර > සැකසීම් (Settings) > උදව් (Help) > අප අමතන්න (Contact us) තෝරන්න.
- අයිෆෝන්(iPhone) හි:
වට්ස්ඇප් (WhatsApp) වෙත ගොස් > සැකසීම් (Settings / ) මත ස්පර්ශ කර > උදව් (Help) > අප අමතන්න (Contact us) තෝරන්න.
එහි දී ඔබට හැකි තරම් තොරතුරු සැපයීමෙන් ප්‍රශ්න සහගත අන්තර්ගතයන් පිළිබඳ ගැටළුව පැහැදිලිව විස්තර කිරීමට පුලුවනි. ඔබ පවසන දේ සත්‍ය බව ඔප්පු කිරීම සඳහා අදාළ තිරපිටපත් (ස්ක්‍රීන්ෂොට්) ද ඇමිණිය (ඇටෑච් කළ) හැක.
ඔබට නාඳුනන අංකයකින් පළමු වරට පණිවිඩයක් ලැබෙන විට, එම අංකය වට්ස්ඇප් යෙදුම හරහා රිපෝට් කිරීමට අවස්ථාව ලැබේ. එමෙන්ම, යම් සබඳතාවක් (contact) / ව්‍යාපාරයක් (business) / ඔබ සමාජිකත්වය දරන කණ්ඩායමක් (group) වට්ස්ඇප් සේවාවේ කොන්දේසි උල්ලංඝනය කරනවා යැයි ඔබ සිතන්නේ නම්, පහත දැක්වෙන පියවර අනුව, අදාළ සබඳතාව (කොන්ටැක්) / ව්‍යාපාරය (බිස්නස්) / කණ්ඩායම (ගෘප්) වාර්තා කළ හැක:
- අදාළ චැට් (chat) එකවිවෘත කරන්න.
- contact / business / group මත ස්පර්ශ කර අදාළ ගිණුමේ (ප්‍රොෆයිල්) තොරතුරු වෙත පිවිසෙන්න.
- එහි පහළම ඇති Report contact / business / group මත ස්පර්ශ කර අදාළ සබඳතාව (කොන්ටැක්) / ව්‍යාපාරය (බිස්නස්) / කණ්ඩායම (ගෘප්) රිපෝට් කරන්න.
තවද, වට්ස්ඇප් වඩාත් ආරක්ෂිත වේදිකාවක් (ප්ලැට්ෆෝම්) බවට පත් කිරීම සඳහා බොහෝ දුරට නොදන්නා අංක හරහා ව්‍යාජ තොරතුරු පතුරවමින් ඔබව රවටා ප්රතිලාභ ලැබීමට උත්සහ කරන වංචනික හා ප්‍රෝඩාකාරී මැසේජ් (spam and hoax messages) ඉහත පෙන්වා ඇති අයුරින්ම වාර්තා කළ හැක. යම් පණිවිඩයක් (මැසේජ්) සැක සහිත නම් හෝ අදහාගන්න බැරි තරම් හොඳ යැයි පෙනේ නම්, එම පණිවිඩය මත ස්පර්ශ කිරීමෙන් හෝ අන් අය සමඟ ශෙයා කිරීමෙන් හෝ ඉදිරියට යැවීමෙන් (ෆෝවර්ඩ් කිරීමෙන්) වළකින්න.
වංචනික (ස්පෑම්) හා ප්‍රෝඩාකාරී (හෝක්ස්) මැසේජ්වල,
- අක්ෂර වින්‍යාස (spellings) හෝ ව්‍යාකරණ(grammar) වැරදි ඇතුළත් වේ
- සබැඳියක්(ලින්ක්) ස්පර්ශ කරන ලෙස ඔබෙන් ඉල්ලයි
- ඔබේ පුද්ගලික තොරතුරු (ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු ගිණුම් අංක, උපන් දිනය, පාස්වර්ඩ්ආදිය) බෙදා ගන්නා (ශෙයා කරන) ලෙස ඔබෙන් ඉල්ලා සිටියි
- පණිවිඩය ඉදරියට යවන (ෆෝවර්ඩ් කරන) ලෙසඔබට කියා සිටියි
- නව අංගයක්(feature) “සක්‍රිය (ඇක්ටිවේට්) කිරීම” සඳහා සබැඳියක් (ලිනක්) ක්ලික් කරන ලෙස දන්වා සිටියි
- වට්ස්ඇප්භාවිතා කිරීම සඳහා ඔබ මුදලක් ගෙවිය යුතු බව පවසයි (වට්ස්ඇප් යනු නොමිලේ ලබා දෙන යෙදුමක් වන අතර එම ආයතනය කිසි විටෙකත් වට්ස්ඇප් භාවිතය සඳහා මුදල් ගෙවන ලෙස ඔබෙන් ඉල්ලා නොසිටින අතර නොමිලේ වට්ස්ඇප් භාවිතා කිරීමට ඔබ කිසිවක් කළ යුතු නැත.)
ඔබේ දන්නා තැනැත්තෙකු ඔබට එවැනි පණිවිඩයක් ශෙයා / ෆෝවර්ඩ් කර ඇත්නම්, අදාළ පණිවිඩයේ සබැඳි (ලින්ක්) ක්ලික් නොකර, අසා ඇති පුද්ගලික තොරතුරු සපයන්නේ නැතිව වහාම එය මකා දමන්න (ඩිලීට්). අදාළ තැනැත්තා එවූ පණිවිඩයේ වංචාව (ස්පෑම්) අන්තර්ගතව ඇති බව ඔහුට / ඇයට කියා දෙන්න. වැඩි විස්තර සඳහා හිතවතී අමතන ලෙස දන්වන්න.
වාර්තා (රිපෝට්) කරන ලද ක්‍රියාකාරකම්, වට්ස්ඇප් සේවාවේ කොන්දේසි (Terms of Service) උල්ලංඝනය කිරීමක් යැයි වට්ස්ඇප් ආයතනය විශ්වාස කරන්නේ නම් අදාළ ගිණුම් තහනම් කිරීමට පවා ඔවුන්ට අයිතියක් ඇත.
සැලකිය යුතු: ක්ෂණික උදවු අවශ්‍ය අයුරින් ඔබ හෝ වෙනත් අයෙකු මානසිකව / ශාරීරිකව අනතුරකට ලක්ව ඇති බව ඔබට හැඟේ නම්, අදාළ හිංසනකාරී අන්තර්ගතයේ තිර පිටපතක් (ස්ක්‍රීන්ෂොට්) සහ උපයෝගී කර ගත හැකි සබඳතා විස්තර (contact info) සමඟ ඔබේ දේශීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් (උදා: පොලිසිය) අමතා ඒ පිළිබඳව වාර්තා කළ හැක.
මූලාශ්‍රය:
https://faq.whatsapp.com/general/security-and-privacy/staying-safe-on-whatsapp/?lang=en