අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/09
- ඔබ WhatsApp වෙත ගොස්, දකුණු කෙළවරේ උඩ “සෙවුම්” තීරුවෙන් පසුව ඇති මෙනු බොත්තම ක්ලික් කරන්න.
- ඉන්පසු
සැකසීම් → ගිණුම් → පුද්ගලිකත්වය වෙත යන්න
(settings → Account→ Privacy) - මෙයින් ඔබට අවසන් වරට වට්ස්ඇප් හි පණිවිඩ බලන ලද සදිනය (last seen), පැතිකඩ ඡායාරූපය (profile photo), ඔබ පිළීබඳව (About / පෞද්ගලික තොරතුරු) සහ තත්ත්වය (status) දැකිය හැක්කේ කාටද යන්න වෙන වෙනම පහත සඳහන් විකල්පයන් අතුරින් තෝරා සැකසිය හැකිය.
- හැමෝටම (Everyone)
හැමෝටම යන්න තෝරා ගත්තොත්, අදාළ තොරතුර හෝ ඡායාරූපය, WhatsApp භාවිතා කරන සියලු දෙනාටම දැකිය හැකිය. - මගේ සම්බන්ධතාවන්ට පමණක් (My Contacts)
මගේ සම්බන්ධතාවන්ට පමණක් යන්න තෝරා ගත්තොත්, අදාළ තොරතුර හෝ ඡායාරූපය දැකිය හැක්කේ ඔබේ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින අයට පමණි. - කිසිවෙකුටවත් නොවේ (Nobody)
කාටවත් එපා යන්න තෝරා ගත්තොත්, අදාළ තොරතුර හෝ ඡායාරූපය කිසිවෙකුට දැකිය නොහැක.
මූලාශ්රය: Handbook on Information Security, Sri Lanka CERT – CC