අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/07
අද කාලයේ මිතුරන්, පවුලේ අය, කාර්යාලීය සගයන් සහ කණ්ඩායම් සමඟ සන්නිවේදනය සිදු වන ජනප්‍රිය වේදිකාවක් (ප්ලැට්ෆෝම්) බවට වයිබර් පත්ව ඇත. එහි ආරක්ෂාව සහතික කිරීම සඳහා යෙදුම (ඇප් එක) හරහා හුවමාරු (ශෙයා) වෙන නුසුදුසු අන්තර්ගතයන් වාර්තා (රිපෝට්) කිරීමට, වයිබර් ආයතනය පරිශීලකයින්ව (users) දිරිමත් කරයි.
වයිබර් මඟින් නුසුදුසු අන්තර්ගතයන් ලෙස හඳුනාගෙන ඇති පහත සඳහන් දේ දැන්වීම්වල (ඇඩ්ස්), කණ්ඩායම්හි (කම්යුනිටිස්), කණ්ඩායම් / බොට්ස් තුළ විවිධ පළ කිරීම් (පෝස්ට්) මෙන්ම පෞද්ගලික රුචිකත්වය අනුව නිර්මාණය වන ස්ටිකර් පොදි අතර දැකිය හැකි අවස්ථාවන්හි වාර්තා කළ හැක.
වැරදි තොරතුරු (ව්‍යාජ පුවත්)
ස්වයං හානිය දිරි ගැන්වීම
ළමයින් සූරා කෑම
නිරුවත
නීතිය කඩ කිරීමට දිරි ගැන්වීම
කැට්ෆිෂිං (අන් අය සේ රඟපෑම)
ප්‍රකාශන හිමිකම් හා වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම්
තවද, ඉහත සඳහන් කළ නුසුදුසු අන්තර්ගතය ඔබට කෙලින්ම වෙනත් පරිශීලකයෙකුගෙන් (user) ලැබෙන්නේ නම්, අදාළ තැනැත්තාව අවහිර (බ්ලොක්) කිරීම, වයිබර් මඟින් නිර්දේශ කෙරේ.
චැට් එක එවන තැනැත්තා, ඔබේ සම්බන්ධතා ලැයිස්තුවේ (කොන්ටැක්ට් ලිස්ට් එකේ සේව් කර) නැති අයෙකු නම්, ඔබට මුල් අවස්ථාවේදීම බ්ලොක් (Block) කිරීමේ විකල්පය ලැබේ. එය ස්පෑම් බෙදා හරින වංචනිකයෙකුගෙන් කියා ඔබ විශ්වාස කරන්නේ නම්, පහත දැක්වෙන පරිදි අවහිර කර වාර්තා කිරීමටද (Block and report spam) හැක.
- චැට් එක එවන තැනැත්තා, ඔබේ සම්බන්ධතා ලැයිස්තුවේ (කොන්ටැක්ට් ලිස්ට් එකේ සේව් කර) සිටින අයෙකු නම්, පහත පෙන්වා ඇති ආකාරයට වාර්තා කළ හැක;
- ඔබේ ජංගම දුරකථනයේ වයිබර් (Viber) විවෘත කිරීමෙන් පසු “Chats” (චැට්ස්) මත ස්පර්ශ කර ඔබට බ්ලොක් කිරීමට අවශ්‍ය කතාබහ / චැට් (පුද්ගලයා) තෝරන්න
- තිරයේ ඉහළින් ඇති තොරතුරු (ඇන්ඩ්රොයිඩ්හි) හෝ සංවාදයේ / චැට්හි නම (අයිඕඑස්හි) මත ස්පර්ශ කරන්න
- එහි දිස්වෙන “Chat info” (චැට් තොරතුරු) ක්ලික් කරන්න
- අවසානයේ “Block this contact” (මෙම සම්බන්ධතාවය අවහිර කරන්න) මත ස්පර්ශ කරන්න.
ඒ හැරුණු විට වාර්තා (රිපෝට්) කිරීමට අදාළව පහත සඳහන් පියවර අනුගමනය කළ හැක;
- කණ්ඩායමක් (Community) ජංගම දුරකථනයෙන් රිපෝට් කිරීම
- වයිබර් (Viber)විවෘත කර ඔබට වාර්තා කිරීමට අවශ්‍ය ප්‍රජාව (Community) තෝරන්න
- තිරයේ ඉහළින් ඇති තිත් තුන (ඇන්ඩ්රොයිඩ්හි) (අයිඕඑස්හි) ස්පර්ශ කරන්න
- එහි දිස්වෙන“Report Community” (කණ්ඩායම වාර්තා කරන්න) ක්ලික් කරන්න
- අවසානයේ එම කණ්ඩායම රිපෝට් කිරීමට හේතුව තෝරන්න
- කණ්ඩායමක් (Community)හෝ බොට් (Bot) තුළ පණිවුඩයක් (message / මැසේජ්) ජංගම දුරකථනයෙන් රිපෝට් කිරීම
- වයිබර්(Viber) විවෘත කර නුසුදුසු පණිවුඩය සහිත ප්‍රජාව (Community) හෝ බොට් (Bot) තෝරන්න
- තිරයේ ඉහළින් ඇති තිත් තුන (ඇන්ඩ්රොයිඩ්හි) (අයිඕඑස්හි) ස්පර්ශ කරන්න
- එහි දිස්වන“Report a message” (පණිවුඩයක් වාර්තා කරන්න) ක්ලික් කරන්න
- ඔබට රිපෝට් කිරීමට අවශ්‍ය පණිවුඩ(ය) මත ස්පර්ශ කරන්න
- තිරයේ පහළින් ඇති “Report”(වාර්තා කරන්න) හෝ විශ්මයාර්ථ ලකුණ ක්ලික් කරන්න
- අවසානයේ එම පණිවුඩ(ය) වාර්තා කිරීමට හේතුව තෝරන්න
- වෙනත් අන්තර්ගතයන් වාර්තා (රිපෝට්) කිරීම
Create Your Own Sticker Pack (ඔබේම ස්ටිකර් පොදිය සාදා ගන්න) වෙත පිවිස ස්ටිකර් පොදියක් රිපෝට් කිරීමට අදාළ උපදෙස් ලබා ගත හැක.
ඉහතින් ආවරණය නොවන අනෙකුත් සියලුම කරුණු වාර්තා (රිපෝට්) කිරීම සඳහා ඔබ විසින් ආධාරක ටිකට් පතක් (support ticket) විවෘත කළ යුතු වේ. නිදසුනක් ලෙස, අන් අය සේ රඟපාන (ව්‍යාජ) ගිණුම්, හැක් කරන ලද ගිණුම්, තාක්ෂණික ගැටළු හෝ වෙනත් ඕනෑම දෙයක් මේ (https://vb.me/ContactUs) හරහා අවශ්‍ය තොරතුරු නිවැරදිව පුරවා වාර්තා කළ හැක. මෙහිදී ඔබේ ප්රශ්නය පැහැදිලිව සඳහන් කිරීම ඉතා වැදගත් කරුණකි. ඔබේ ගැටලුව වයිබර් ආයතනයට පහසුවෙන් හඳුනා ගැනීමට උපකාරී වීම පිණිස අදාළ තිරපිටපත් (ස්ක්‍රීන්ෂොට්) පවා ඇමිණිය (ඇටෑච් කළ) හැක. අවසානයේ “Submit Ticket” (ටිකට්පත යොමු කරන්න) මත ක්ලික් කර ඔබේ වාර්තාව එම ආයතනයට ඉදිරිපත් කළ හැක.
ඔබ වාර්තා (රිපෝට්) කරන තොරතුරු සලකා බැලීමෙන් (රිවීව්) පසු වයිබර් සහාය කණ්ඩායමට ඔවුන්ගේ අන්තර්ගත මාර්ගෝපදේශ (Content Guidelines) සහ භාවිත නියමයන් (Terms of Use) අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇත.
සැලකිය යුතු: ක්ෂණික උදවු අවශ්‍ය අයුරින් ඔබ හෝ වෙනත් අයෙකු මානසිකව / ශාරීරිකව අනතුරකට ලක්ව ඇති බව ඔබට හැඟේ නම්, අදාළ හිංසනකාරී අන්තර්ගතයේ තිරපිටපතක් (ස්ක්‍රීන්ෂොට්) සහ උපයෝගී කර ගත හැකි සබඳතා විස්තර (contact info) සමඟ ඔබේ දේශීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් (උදා: පොලිසිය) අමතා ඒ පිළිබඳව වාර්තා කළ හැක.
මූලාශ්‍රය: https://help.viber.com/hc/en-us/articles/8922694984733-How-to-Report-Inappropriate-Content