අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/03
වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුමේ පැතිකඩට (profile) ගොස් ඍජුවම එම ගිණුම වාර්තා කළ හැකිය. වැඩි තොරතුරු දැන ගැනීම සඳහා:පැතිකඩ හරහා සෘජුවම වාර්තා කරන ආකාරය යොමු වන්න.
උල්ලංඝනයන් (violations) සිදු කර ඇති පැතිකඩ වාර්තා කරන්නේ කෙසේද?
- වාර්තා කිරීමට කැමති පැතිකඩ විවෘත කරන්න.
- දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇති සිරස් තිත් තුන මත ක්ලික් කරන්න
- “වාර්තා කරන්න” (Report) යන්න තෝරා, වාර්තා කිරීමට කැමති කරුණ තෝරන්න.
ඔබ තෝරා ගන්නේ “ඒවා අපවාදාත්මක හෝ අහිතකර” (They’re being abusive or harmful) ලෙස නම්, ඒ පිළිබඳව අමතර තොරතුරු සැපයීමට ඔබට සිදු වනු ඇත. සමහර විට ඔබේ වාර්තාව තක්සේරු කිරීමට අදාළව වාර්තා කරනු ලබන ගිණුමෙන් අමතර ට්විට්ස් (Tweets) තෝරා දෙන ලෙස X (ට්විටර්) ඔබෙන් ඉල්ලා සිටියි.
ඔබට අන් අයෙකු සේ පෙනී සිටින ගිණුමක් පිළිබඳව වාර්තාවක්ද ඉදිරිපත් කළ හැකිය.
ඔබට අන් අයෙකු සේ පෙනී සිටින ගිණුමක් වාර්තා කිරීම සඳහා X (ට්විටර්) ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ.
මූලාශ්‍රය: https://help.twitter.com/en/safety-and-security/report-twitter-impersonation#how