අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/05
ඕනෑම කෙනෙකුට ඍජුවම හානිකර හැසිරීම් සහිත ට්වීට් වාර්තා කළ හැකි අතර ඒ සඳහා උපදෙස් පහත දැක්වේ.
- twitter.com හි හෝ ට්විටර් සඳහා iOS හෝ ඇන්ඩ්රොයිඩ් හි යෙදවුම (app) භාවිතයෙන් වාර්තා කිරීමට කැමති ට්වීට් එකට යන්න.
- එහි දකුණුපස ඇති අයිකනය ක්ලික් කරන්න.
- “වාර්තා කරන්න” යන්න තෝරන්න.
- “ඒවා අපවාදාත්මක හෝ අහිතකර” (They’re being abusive or harmful) යන්න තෝරන්න.
- ඉන් පසුව, ඒ පිළිබඳව අමතර තොරතුරු සැපයීමට ඔබට සිදු වනු ඇත. සමහර විට ඔබේ වාර්තාව තක්සේරු කිරීමට අදාළව වාර්තා කරනු ලබන ගිණුමෙන් අමතර ට්විට්ස් (Tweets) තෝරා දෙන ලෙස ට්විටර් ඔබෙන් ඉල්ලා සිටියි. .
මූලාශ්රය: https://help.twitter.com/en/safety-and-security/report-abusive-behavior