අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/16

ඔබ ස්කයිප් (Skype) හි අපයෝජනයන් සිදු කරන කෙනෙකු පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?

යම් ස්කයිප් පරිශීලකයෙකු ඔබගේ ලයිස්තුවට එකතු කර ගැනීම සඳහා ඔබට ඉල්ලීමක් ලැබුණු විට, ඔබට එම පරිශීලකයා එකතු කිරීම (add), නොසලකා හැරීම (ignore) හෝ අවහිර කිරීම (block) සිදු කළ හැකිය. ඔබ එම පරිශීලකයා අවහිර කිරීමට තෝරාගත්තේ නම්, අවහිර කරන ලද පරිශීලකයා පිළිබඳව ස්කයිප් වෙත වාර්තා කිරීම සඳහා ඔබට අතිරේක විකල්පයක් ලැබේ.

ඔබ භාවිතා කරන ස්කයිප් අනුවාදය අනුව අවහිර කිරීම සහ වාර්තා කිරීම සඳහා උපදෙස් වෙනස් වේ.

ඇන්ඩ්‍රොයිඩ් (Android) 6.0+, ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් (Android tablet), අයිෆෝන් (iPhone) සහ අයිපෑඩ් (iPad)

  1. චැට් (Chats) හරහා, ඔබට අවහිර කිරීම සඳහා අවශ්‍ය පරිශීලකයාගේ ස්කයිප් නම සොයා ගෙන, එම නම මත අල්ලා සිටීමෙන් දිස්වෙන බ්ලොක් (Block) යන්න.
  2. “මෙම පුද්ගලයාගෙන් අපයෝජනයන් වාර්තා කරන්න” (Report abuse from this person) මත හේතුවක් තෝරා ඉන්පසු බ්ලොක් (Block) යන්න තෝරන්න.

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන 4.0.4 – 5.1

  1. චැට් (Chats) හරහා, ඔබට අවහිර කිරීම සඳහා අවශ්‍ය පරිශීලකයාගේ ස්කයිප් නම සොයා ගෙන, එම නම තෝරන්න.
  2. මෙනු බොත්තම ක්ලික් කිරීම මගින් බ්ලොක් (Block) යන්න තෝරන්න.
  3. “මෙම පුද්ගලයාගෙන් අපයෝජනයන් වාර්තා කරන්න” (Report abuse from this person) මත හේතුවක් තෝරා ඉන්පසු බ්ලොක් (Block) යන්න තෝරන්න.
  1. ඔබට අවහිර කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ පැතිකඩේ (profile), පහළට ගොස් එහි ඇති බ්ලොක් (Block) යන්න තෝරන්න.
  2. “මෙම සම්බන්ධතාවය අවහිර කරනවාද?” (Block this contact?) කවුළුව හරහා ඔබ:
    • “අපයෝජනය වාර්තා කර මෙම සම්බන්ධතාවය අවහිර කරන්න” (Report abuse and then block the contact:): “මෙම පුද්ගලයාගෙන් අපයෝජනයන් වාර්තා කරන්න” (Report abuse from this person) මත හේතුවක් තෝරා ඉන්පසු බ්ලොක් (Block) යන්න තෝරන්න.
    • “අපයෝජනයක් ගැන වාර්තා නොකර මෙම සම්බන්ධතාවය අවහිර කරන්න” (Block someone without reporting abuse:) බ්ලොක් (Block) යන්න තෝරන්න.
  3. සම්බන්ධතාවය අවහිර කිරීමෙන් පසුව ඔවුන් ඔබගේ චැට් සහ සබඳතා ලැයිස්තුවෙන් ඉවත් වේ.

මූලාශ්‍රයhttps://support.skype.com/en/faq/FA10001/how-do-i-report-abuse-by-someone-in-skype