අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/04
ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය (active status) පාලනය කරන්න:
ෆේස්බුක් මැසෙන්ජර් හි ඔබේ මිතුරන් හා සම්බන්ධතා ඔබ ‘ක්‍රියාකාරී’ (active) වීම දැකීම පහත පරිදි පාලනය කළ හැකිය;
ඇන්ඩ්‍රොයිඩ් (Android):
- චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
- එවිට දිස්වන ‘ක්‍රියාකාරී තත්ත්වය’යන්න (active status) ස්පර්ශ කරන්න.
- තිරයේ ඉහළින් ඇති පටිය එහා මෙහා කර ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය සක්‍රිය (on) හෝ අක්‍රිය (off) කරන්න.
- “සක්‍රිය “හෝ “අක්‍රිය කරන්න” යන ඔබගේ තේරීම තහවුරු කරන්න.
අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):
- චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
- එවිට දිස්වන “ක්‍රියාකාරී තත්ත්වය” යන්න (active status) ස්පර්ශ කරන්න.
- තිරයේ ඉහළින් ඇති පටිය එහා මෙහා කර ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය සක්‍රිය (on) හෝ අක්‍රිය (off) කරන්න.
- ‘සක්‍රිය’ හෝ ‘අක්‍රිය’ කරන්න යන ඔබගේ තේරීම තහවුරු කරන්න.
ඔබ කතාබස් / චැට් කළ යුත්තේ කා සමඟද යන්න පාලනය කරන්න:
පණිවිඩ සැකසීම් (Messaging Settings) වෙනස් කිරීමෙන් ඔබට ඔබගේ දුරකථන අංකයට පණිවිඩ එවිය හැකි පුද්ගලයින් පාලනය කළ හැකිය:
- චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
- එවිට දිස්වන පණිවිඩ සැකසීම් (Messaging Settings) ස්පර්ශ කරන්න.
- ඊළඟට ඔබගේ දුරකථන අංකය ඇති පුද්ගලයින් (People with your phone number) අසල සක්‍රිය හෝ අක්‍රිය කිරීම තෝරන්න.
ඔබේ කතාව (story) නැරඹිය හැක්කේ කාටද යන්න තෝරන්න:
පහත දැක්වෙන පියවර අනුව ඔබේ කතාව දැකිය හැකි සහ නොහැකි අය තෝරා ගත හැකිය.
- මැසෙන්ජර් හි, ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
- පසුව පහළට ගොස් (Scroll down) “කතාව” (story) යන්න ක්ලික් කරන්න.
- පොදු (Public), මිතුරන් සහ සම්බන්ධතා (Friends and Connections), මිතුරන් (Friends) හෝ ඔබට අවශ්‍ය අය (Custom) අතුරින් එක් තේරීමක් තෝරන්න.
- අවසානයේ එය “සුරකින්න” (Save).
ඔබට කතාවක් අවශ්‍ය නැති පුද්ගලයින් අවහිර කරන්න (block), සඟවන්න (hide) / නොසලකා හරින්න (ignore) හෝ නිශ්ශබ්ද කරන්න (mute):
පහත දැක්වෙන පියවර අනුව ඔබට පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම් අවහිර කිරීම, නොසලකා හැරීම / සැඟවීම හෝ දැනුම්දීම් නිශ්ශබ්ද කිරීම (mute the notifications) මගින් පාලනය කළ හැකිය.
යමෙකුගෙන් පණිවිඩ අවහිර කිරීමට (block messages):
අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):
- චැට්ස් වලින් (Chats), ඔබට අවහිර කිරීමට අවශ්‍ය පුද්ගලයා සමඟ කල සංවාදයක් (conversation) විවෘත කරන්න.
- ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
- ඉන්පසු පහළට ගොස් (Scroll down) ‘බ්ලොක්’ (Block) යන්න ක්ලික් කරන්න.
- අවසානයේ “මැසෙන්ජර් මත බ්ලොක් කිරීම” -> බ්ලොක් (Block on Messenger -> Block) යන්න ක්ලික් කරන්න.
ඇන්ඩ්‍රොයිඩ් (Android):
- චැට්ස් වලින් (Chats), ඔබට අවහිර කිරීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සංවාදයක් (conversation) විවෘත කරන්න.
- ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
- අවසානයේ “මැසෙන්ජර් මත බ්ලොක් කිරීම” -> බ්ලොක් (Block on Messenger -> Block) යන්න ක්ලික් කරන්න.
සංවාදයක් නොසලකා හැරීමට (ignore) / සැඟවීමට (hide):
අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):
- චැට්ස් වලින් ( Chats), ඔබට නොසලකා හැරීමට / සැඟවීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සිදුකල සංවාදයක් (conversation) විවෘත කරන්න.
- ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
- අවසානයේ පහළට ගොස් (Scroll down) “පණිවිඩ නොසලකා හරින්න” (Ignore Messages) මත ස්පර්ශ කර නැවතත් එය (Ignore Messages) මත ක්ලික් කරන්න.
ඇන්ඩ්‍රොයිඩ් (Android):
- චැට්ස් වලින් (Chats), ඔබට නොසලකා හැරීමට / සැඟවීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සිදුකල සංවාදයක් (conversation) විවෘත කරන්න.
- ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
- අවසානයේ පහළට ගොස් (Scroll down) “පණිවිඩ නොසලකා හරින්න” (Ignore Messages) මත ස්පර්ශ කර නැවතත් නොසලකා හරින්න (Ignore) යන්න ක්ලික් කරන්න.
දැනුම්දීම් අක්‍රිය කිරීමට (mute / turn notifications off)
අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):
සියලුම සංවාද (conversations) සඳහා මැසෙන්ජර් දැනුම්දීම් අක්‍රිය කිරීමට:
- චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
- එවිට දිස්වන ‘දැනුම්දීම් සහ ශබ්ද’ (Notifications & Sounds) යන්න මත ස්පර්ශ කරන්න.
- ඊළඟට ‘බාධා නොකරන්න’ (Do Not Disturb) අසල ස්පර්ශ කරන්න.
- දැනුම්දීම් අක්‍රිය කළ යුතු කාලය තෝරන්න.
තනි සංවාදයක් (conversation) සඳහා දැනුම්දීම් අක්‍රිය කිරීමට:
- චැට්ස් වලින් (Chats), අදාළ සංවාදය මත වමට අදින්න (swipe).
- ඊළඟට බෙල් අයිකනය මත ස්පර්ශ කර දැනුම්දීම් අක්‍රිය කළ යුතු කාලය තෝරන්න.
ඇන්ඩ්‍රොයිඩ් (Android):
සියලුම සංවාද (conversations) සඳහා මැසෙන්ජර් දැනුම්දීම් අක්‍රිය කිරීමට:
- චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
- එවිට දිස්වන ‘දැනුම්දීම් සහ ශබ්ද’ (Notifications & Sounds) ස්පර්ශ කරන්න.
- ඒවා ක්‍රියා විරහිත කිරීමට ‘ඔන්’ (On) අසල ක්ලික් කරන්න.
- ඉන්පසු දැනුම්දීම් අක්‍රිය කල යුතු කාලය තෝරා ‘OK’ මත ස්පර්ශ කරන්න.
තනි සංවාදයක් (conversation) සඳහා දැනුම්දීම් අක්‍රිය කිරීමට:
- චැට්ස් වලින් (Chats), අදාළ සංවාදය මත වමට අදින්න (swipe).
- ඊළඟට බෙල් අයිකනය මත ස්පර්ශ කර දැනුම්දීම් අක්‍රිය කළ යුතු කාලය තෝරන්න.
- ඉන්පසු OK මත ස්පර්ශ කරන්න.
වින්ඩෝස් (Windows)
මැසෙන්ජර් දැනුම්දීම් සක්‍රිය හෝ අක්‍රිය කිරීමට:
- පළමුව ගියර් අයිකනය මත ක්ලික් කරන්න.
- ඉන්පසු “දැනුම්දීම්” (Notifications) මත ක්ලික් කරන්න.
- අවසානයේ “බාධා නොකරන්න” (Do not disturb) යන්නට පහළින් ක්ලික් කරන්න.
තනි සංවාදයක් (conversation) සඳහා දැනුම්දීම් අක්‍රිය කිරීමට:
- සංවාදය විවෘත කරන්න.
- ඉහළ දකුණේ තිත් තුන () ක්ලික් කරන්න.
- “දැනුම්දීම් නිශ්ශබ්ද කරන්න” (Mute Notifications) යන්න තෝරන්න.
- දැනුම්දීම් නිශ්ශබ්ද කිරීමට අවශ්‍ය කාලය තෝරා, පසුව “තහවුරු කරන්න” (Confirm) යන්න ක්ලික් කරන්න.
මූලාශ්‍රය:
https://www.facebook.com/help/messenger-app/1064701417063145/?helpref=hc_fnav&bc[0]=691363354276356