අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/04
ඔබගේ ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කර තිබේ නම්,
ඔබගේ ගිණුමේ පරිශීලක නාමය (username) හා මුරපදය (password) සමඟ ඔබගේ ගිණුම වෙත පිවිසීමට නොහැකි නම් හෝ ඔබගේ ගිණුමේ නුහුරු නුපුරුදු වෙනස්කම් දැනගැනීමට හෝ වෙනත් කෙනෙකු ඔබගේ ගිණුමට ප්‍රවේශ වී ඇති බවට සැකයක් ඇත්නම්, කරුණාකර ඔබේ පැතිකඩෙහි (profile) URL ලිපිනය සමඟ ඔබේ අනවසරයෙන් උදුරාගෙන විකෘති කර තිබෙන ගිණුම වාර්තා කිරීම මගින් ලින්ක්ඩ්ඉන් වෙත වහාම දැනුම් දිය යුතුය. ඔබට එය නැවත ලබා ගැනීමට ලින්ක්ඩ්ඉන් උදව් වනු ඇත,
ඔබගේ ගිණුමට පිවිසීමට තවමත් ඔබට හැකි වුවද, එයට ප්‍රවේශ වීමට වෙනත් කෙනෙකුටද හැකියාව ඇත බව ඔබ විශ්වාස කරනවා නම්, ඉහත සබැඳියේ ඇති පෝරමය ඉදිරිපත් කර වහාම ඔබේ ගිණුම ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න.
- ඔබගේ මුරපදය වෙනස් කරන්න. වෙනත් කිසිදු තැනක භාවිතා නොකරන ලද ශක්තිමත් මුරපදයක් ලබා දෙන්න.
- ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය ඇති කෙනෙකු වුවද, ඔබගේ ගිණුමට අනවසරයෙන් පිවිසීම වැලැක්වීමට ද්වි-පියවර සත්‍යාපනය (two-step verification) සක්‍රීය කරන්න.
- ඔබ ලින්ක්ඩ්ඉන් වෙත පිවිස ඇති සියලුම ස්ථාන පිළිබඳව සොයා බැලීමට ඔබගේ ක්‍රියාකාරි සැසි සමාලෝචනය කර (Review your active sessions) එවායෙන් වරනය වන්න (sign out). ඔබ විශේෂිත පිවිසුමක් හෝ උපාංගයක් හඳුනා නොගන්නේ නම්, ඔබගේ මුරපදය වෙනස් කර එම සැසියෙන් ඉවත් වන්න.
- ඔබගේ මුරපදය යළි පිහිටුවීම (reset) සඳහා ලින්ක්ඩ්ඉන් මඟින් ඔබට සබැඳියක් (link) එවීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබගේ ලින්ක්ඩ්ඉන් ගිණුමේ සියලුම ඉ-තැපැල් ලිපිනයන් සහ දුරකථන අංක සමාලෝචනය කර, ඒවා යාවත්කාලීන කර සුරක්ෂිතව තබා ගන්න.
- ඔබේ ලින්ක්ඩ්ඉන් ගිණුමට සම්බන්ධව ඇති ඔබගේ පෞද්ගලික ඉ-තැපැල් ගිණුම් පරීක්ෂා කර එහි සුරක්ෂිතභාවය සහතික කර ගන්න. එම ගිණුම්වල ඇති මුරපද පවා වෙනස් කිරීම වඩා ආරක්ෂිත වේ.
- ඔබගේ මෑතකාලීන ලින්ක්ඩ්ඉන් සම්බන්ධතාවන් සමාලෝචනය කර එම ලැයිස්තුවේ සිටින්නේ ඔබ දැනටමත් දන්න සහ / හෝ විශ්වාස කරන, ඔබ විසින් ඔබේ ලින්ක්ඩ්ඉන් ගිණුමට සම්බන්ධ කර ගත් පුද්ගලයින් පමණක් බව තහවුරු කර ගන්න.
- ඔබේ ගිණුම යමෙකු අනවසරයෙන් උදුරා ගෙන තිබූ කාලයේ එහි ඇති පළකිරීම් (posts) සහ ක්‍රියාකාරකම් (activities) සමාලෝචනය කරන්න, අදාල පළ කිරීම් ඔබේ ගිණුමට සම්බන්ධ වන ඔබ විසින් පමණක් සිදු කරන ලද පළකිරීම් සහ ක්‍රියාකාරකම් බවට වග බලා ගන්න.
- මෑත කාලීනව ඔබ අනුගමනය කරන්නන් (follows) හා අනෙකුත් සමාජ ක්‍රියාවන් (likes) ඔබ විසින් සිදු කළ බවට තහවුරු කර ගන්න.
- ඔබගේ පණිවුඩ පරීක්ෂා කර ඔබ නොකළ ක්‍රියාවන් ඇත්නම් ඒවා මකා දමන්න.
ඔබගේ ලින්ක්ඩ්ඉන් සබැඳියෙකුගේ (සම්බන්ධතාවයක / connection) ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කර තිබේ නම්,
ලින්ක්ඩ්ඉන් හි ඔබ සමග සම්බන්ධව ඇති අයෙකුගේ ගිණුමක් අනවසරයෙන් උදුරාගෙන විකෘති කර ඇති බව ඔබ සිතන්නේ නම්, පහත පියවර අනුගමනය කරන ලෙස ලින්ක්ඩ්ඉන් නිර්දේශ කරයි:
- ප්‍රශ්න සහගත සාමාජිකයාගේ පැතිකඩට යන්න.
- සාමාජිකයාගේ පැතිකඩ පින්තූරයට පහළින් ඇති තවත් බොත්තම ක්ලික් කර, දිස්වෙන ලැයිස්තුවෙන් වාර්තා කරන්න / බ්ලොක් කරන්න (Report / Block) යන්න තෝරන්න.
- ඉන්පසු, “මෙම ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කර ඇති බව මා සිතනවා” (I think this account may have been hacked) යන්න තෝරා “ඉදිරිපත් කරන්න” (Submit) යන්න ක්ලික් කරන්න.
ලින්ක්ඩ්ඉන් තම සාමාජිකයාට ඔවුන්ගේ ගිණුම සුරක්ෂිත කිරීමට උපකාර කරනු ඇත. මේ අතරතුර:
- ඔබ හා සම්බන්ධ වන තොරතුරු (contact information) ඔබගේ ලින්ක්ඩ්ඉන් සබැඳි හට පෙනෙන ආකාරය වෙනස් කරන්න.
- බලපෑමට ලක්වූ සාමාජිකයා අවහිර කරන්න (block). සාමාජිකයා සිය ගිණුමේ පාලනය නැවත ලබා ගැනීමෙන් පසු ඔබට එම තැනැත්තාව අනවහිර (unblock) කළ හැක.
- අනවසරයෙන් උදුරා ගෙන විකෘති කරන ලද ගිණුම, ඔබගේ සම්බන්ධතා වලින් ඉවත් කරන්න (remove) යන්න තෝරන්න. මෙයින් අදහස් වන්නේ බලපෑමට ලක්වූ සාමාජිකයා තවදුරටත් ඔබේ සම්බන්ධතාවයක් නොවන අතර අනාගතයේදී නැවත සම්බන්ධ කිරීමට ඔබ කැමති නම්, නැවත ආරාධනා කිරීම අවශ්‍ය වේ.
මූලාශ්‍රය: https://www.linkedin.com/help/linkedin/answer/56363