අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/04
ඔබගේ ගිණුම කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් උදුරාගෙන විකෘති කර හෝ පවරා ගෙන ඇතැයි ඔබ සැක කරන්නේ නම්,
ඔබට ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඉ-තැපැල් පණිවිඩයක් ලැබුණාද යන්න පරීක්ෂා කරන්න.
ඔබගේ ඉ-තැපැල් ලිපිනය වෙනස් කරන ලද බවට ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඔබට ඉ-තැපෑලක් ලැබුණි නම්, එම පණිවුඩයේ මෙම වෙනස් කිරීම “යථා තත්ත්වයට පත් කරන්න” (revert this change) යන විකල්පය භාවිතා කිරීමෙන් මෙය අහෝසි කරන්න. අමතර තොරතුරු (උදාහරණ: ඔබගේ මුරපදය වැනි) වෙනස් කර ඔබගේ ගිණුමට ලොග් වීමට අපහසු කර ඇත්නම් හෝ එය යථා තත්වයට පත් කිරීම දුෂ්කර නම්, කරුණාකර එය ඉන්ස්ටග්‍රෑම් වෙත වාර්තා කරන්න.
ඔබ විසින් කවුරුන් හෝ අනවසරයෙන් උදුරාගෙන විකෘති කරන ලද ගිණුම වාර්තා කරන්නේ කෙසේද?
ඇන්ඩ්‍රොයිඩ් (Android) හි:
- පිවිසුම් තිරයේ දී, ලොග් වමෙ (Log In) පහල ඇති “පිවිසීමට උදව් ලබා ගන්න” (Get help signing in) මත ස්පර්ශ කරන්න.
- ඔබගේ පරිශීලක නාමය (user name), ඉ-තැපැල් ලිපිනය හෝ දුරකථන අංකය ඇතුළු කර, “ඊළඟට” (Next) ස්පර්ශ කරන්න.
- “තවත් උදව් අවශ්‍යද?” (Need more help?) යන්න ස්පර්ශ කර තිරයේ උපදෙස් අනුගමනය කරන්න.
අයිඕඑස් (අයිෆෝන්) / IOS (iPhone) මත:
- පිවිසුම් තිරයේ, “රහස් පදය අමතකද?” (Forgot password?) යන්න ස්පර්ශ කරන්න.
- “පිවිසුම් සබැඳි එවන්න” (Send Login Link) යන්නට පහළින් ඇති “තවත් උදව් අවශ්‍යද?” (Need more help?) යන්න ස්පර්ශ කර, තිරයේ උපදෙස් අනුගමනය කරන්න.
සටහන: මෙහිදී ඔබට පමණක් පිවිසිය හැකි සුරක්ෂිත ඊමේල් ලිපිනයක් ඇතුළත් කිරීමට වග බලා ගන්න. ඔබ ඔබේ ඉල්ලීම ඉදිරිපත් කළ පසු ඊළඟ පියවර සමඟ ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඉ-තැපෑලක් ලැබෙන හෙයින් විමසිලිමත් වන්න.
ඔබගේ අනන්‍යතාවය (Identity) තහවුරු කරන්න
ඔබ ඔබේ ඉල්ලීම ඉදිරිපත් කළ පසු, ඉන්ස්ටග්‍රෑම් හි ආරක්ෂක කණ්ඩායම වෙතින් ඔබේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උදව් කරන ලෙස ස්වයංක්‍රීය ප්‍රතිචාරයක් ලැබිය යුතුය. ඔබෙන් පහත සඳහන් එකක් හෝ දෙකම විමසනු ඇත:
- ඉන්ස්ටග්‍රෑම් විසින් ඔබට ලබා දුන් කෝඩ් එක අත් අකුරින් කඩදාසියක ලියා එය අල්ලා ගෙන සිටින ඔබේ ඡායාරූපයක්.
- ඔබ ලියාපදිංචි (signed up) වීමට භාවිතා කරන ලද ඉ-තැපැල් ලිපිනය හෝ දුරකථන අංකය සහ ඒ සඳහා අවසන් වරට ඔබ භාවිතා කළ උපාංග වර්ගය (උදාහරණ: iPhone, Android, iPad, වෙනත්).
ඔබේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමෙන් පසු ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඔබගේ ගිණුම නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නිශ්චිත උපදෙස්, ඔබ ලබා දුන් ආරක්ෂිත ඉ-තැපැල් ලිපිනයට එවනු ඇත.