අවසන් වරට යාවත්කාලීන කලේ 2021/05/16
- ඔබගේ IMO ගිණුම ඔබගේ දුරකථනයෙන් විවෘත කළ පසු, යෙදුමේ පහල වම් කෙළවරේ පිහිටි මෙනු සබැඳිය මත තට්ටු කරන්න. එවිට, ඔබගේ පැතිකඩ(profile) විවෘත කරන්න (ඔබට ඔබේ පැතිකඩ නම හෝ පින්තූරය මතට තට්ටු කිරීමෙන් කළ හැකිය).
- ඉන් ලබාදෙන විකල්ප තේරීම් වලින් IMO ගිණුම් සැකසුම් “IMO Account Settings” තෝරන්න
- ඊළඟට දිස්වන විකල්ප තේරීම් වලින් “ඔබේ IMO ගිණුම මකන්න” (Delete your IMO account) යන්න තෝරන්න.
- ඔබේ IMO ගිණුම විවෘත කිරීම සඳහා භාවිතා කළ දුරකථන අංකය ඇතුල් කරන්න. ඔබේ IMO ගිණුම මකා දැමීම සඳහා ‘මකන්න’ (Delete) -යන්න තෝරන්න. මකා දැමීමේ ක්රියාවලිය තහවුරු කිරීම සඳහා ‘ඔව්’ (Yes ) තෝරන්න. මෙවිට ඔබේ ගිණුම IMO දත්ත සමුදායෙන් ඉවත් කරනු ලැබේ.
IMO ගිණුමක් මකා දැමීමේ පියවරයන්