අවසන් වරට යාවත්කාලීන කලේ 2024/11/20
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
ළඟ එන ඡන්දය ගැන කමල් හිටියෙ මාර උනන්දුවෙන්. කමල් රැකියාවෙන් විශ්‍රාම ගිහින් හිටියෙ. දේශපාලනය ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වෙලා තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේ දීත් කමල් ඉතා ක්‍රියාශීලීව කටයුතු කළා. කමල් ගොඩක් වෙලාවට යූටියුබ් එකේ දේශපාලන විවාද බැලුවා. ඒ වගේම ෆේස්බුක් හි දේශපාලන පිටු සමඟත් සම්බන්ධ වුණා.
දවසක් කමල් යෝගා පන්තියට ගිහින් ගෙදරට එනකොට එයාට වට්ස්ඇප් පණිවිඩයක් ලැබුණා. ඒකෙන් ආරාධනා කරලා තිබුණේ ඉස්සරහට තියෙන ඡන්දෙට තරඟ කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීමකට සහභාගී වෙන්න කියලා.
මීගමුව බෝලවලාන ප්‍රාදේශීය රැස්වීම හෙට මාර්ගගතව පැවැත්වේ.
රැස්වීමට සම්බන්ධ වෙන ලින්ක් එක aaaaaaaaaaaaaaaaaaaa.
හෙට හවස 6 ට සම්බන්ධ වීමට කාරුණික වන්න.
කමල් මීට කලින් ගොඩක් රැස්වීම්වලට ගියා. ඒත් එයා ඔන්ලයින් රැස්වීමකට සම්බන්ධ වෙන පළවෙනි වතාව මේක. ඒ නිසා කමල් ඊළඟ දවස එන තුරු උනන්දුවෙන් බලාගෙන හිටියා.
අදාළ දවසේදී කමල් හරි වෙලාවට රැස්වීමට එකතු වෙන ලින්ක් එක ක්ලික් කරා. ඒත් එක්කම කමල්ට දුරකථන ඇමතුමක් ආවා. අනෙක් කෙළවරේ සිටි පුද්ගලයා කමල්ට කේතයක් එවනවා කිව්වා, ඒ කෝඩ් එක කමල් ඔවුන්ට ලබා දුන් පසු, ඔහුට රැස්වීමට සම්බන්ධ වීමට ඉඩ දෙන බව කිව්වා. දෙපාරක් හිතන්නෙ නැතුව කමල් කෝඩ් එක කිව්වා.
විනාඩියක් ඇතුළත කමල්ට එයාගෙ වට්ස්ඇප් එකට ලොග් වෙන්න බැරි වුණා. කොච්චර උත්සාහ කරත් ලොග් වෙන්න බැරි වුණ නිසා කමල් එයාගෙ යාළුවට කතා කරලා ප්‍රශ්නෙ කිව්වා. එයාගෙ යාළුවා අන්තර්ජාලයේ විසඳුමක් හොයලා හිතවතී ගැන දැනගෙන, කමල්ට කතා කරලා බලන්න කිව්වා.
කමල් හිතවතීට කෝල් කරා. හිතවතී පැහැදිලි කළේ කමල් වංචාවකට හසු වී ඇති බවයි. හිතවතී කමල්ට ඔහුගේ වට්ස්ඇප් ගිණුම නැවත ලබා ගත හැකි ආකාරය පිළිබඳ ප්‍රයෝජනවත් ස්වයං සේවා මෙවලම් (self-serve tools) පිළිබඳව කියා දුන්නා
පූර්වාරිෂක ඉඟි:
- කිසිවිටෙක ඔබගේ ලියාපදිංචි කේතය හෝ දෙපියවර සත්‍යාපන (Code / OTP / PIN) අංකය අන් අය සමඟ බෙදා නොගන්න (ශෙයා නොකරන්න).
- ඔබගේ වට්ස්ඇප් ගිණුම හැක් වී ඇත්නම්, https://www.hithawathi.lk/si/help-center-si/social-media/whatsapp/whatsapp-hacking-si/ හි ඇති ක්‍රියාමාර්ග පිළිපදින්න.
- ඔබගේ PIN එක අමතක වූ විට යළිත් සකස් කර ගැනීමට දෙපියවර සත්‍යාපනය (two-step verification) සක්‍රීය කර ඊමේල් ලිපිනයක් ලබා දෙන්න. ගිණුම ආරක්ෂිතව තබා ගන්නා ආකාරය ගැන වැඩි විස්තර සඳහා https://youtu.be/iNI0sRTrWBk?si=lD7cLjCkUgj3xtYY වෙත පිවිසෙන්න.