අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
ෂිම්මි යනු සමාජ මාධ්‍ය පරිශීලකයෙකි. මෑත දිනයකදී ඇය ෆේස්බුක් හරහා කිසියම් ඇඳුම් වෙළඳසැලක යම් යම් ඇඳුම් බලමින් සිටි අතර ඒවායෙහි මිල ගණන් දැන ගැනීමට අවශ්‍ය විය. ඇය ඇයගේ දුරකථන අංකය අදහස් ලියන කොටසෙහි (comment section) ටයිප් කර ඇයව නැවත සම්බන්ධ කරන ලෙස වෙළඳසැල් හිමියාගෙන් ඉල්ලා යවන ලදී.
එදා ෂිම්මිට ඉතාමත්ම නරක දවසක් විය. ඇයට නොකඩවාම අනවශ්‍ය ඇමතුම් ලැබෙන්නට විය. ඇය ඉතා කම්පනයට පත්වූ සිද්ධියක් විය. ඇගේ හොඳම මිතුරිය වන අනූෂා ඇයට දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ ඇයට ෆේස්බුක් හරහා ලින්ක් එකක් ලැබුණු අතර ඇය එය ක්ලික් කර බැලූවිට එහි ෂිම්මිගේ ඡායාරූප සහ ඇගේ දුරකථන අංකය අනවශ්‍ය විස්තර සහිතව ප්‍රදර්ශනය කර ඇති බවයි.
පූර්ව ආරක්ෂක උපදෙස්: පොදු සංසද වලදී කිසිම විටෙක ඔබගේ පෞද්ගලික දුරකථන අංකය ප්‍රදර්ශනය කිරීම නොකරන්න. ඔබට ඔබගේ දුරකථන අංකය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය වේදිකාවේ ඇති පෞද්ගලික පණිවුඩ සේවාව භාවිතා කරන්න.