අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/05
ආරක්ෂක ගැටළු
සියළුම අන්තර්ජාල සහ ජාල සේවා සපයන්නන්ට අනුව, පරිශීලකයින් (users) ඉ-තැපැල් යැවීම සහ ලබාගැනීම සඳහා පරිශීලක නාමය (username) හා මුරපදයක් (password) අවශ්‍යවේ.
ඔබගේ ඉ-තැපැල් යැවීමට හෝ ලැබීමට උත්සාහ කරන විට, නිවැරදි පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කරන බව තහවුරු කර ගන්න. පරිශීලක නාමයක් හෝ මුරපදයක් ඔබගෙන් විමසන්නේ නැති නම්, පරිශීලක නාමය සහ මුරපදය ඉ-තැපැල් වැඩසටහන තුළම හැඩගස්වා / සුරැකීමට සළස්වා (configured) ඇති බව පෙනේ. නිවැරදි පරිශීලක නාමය සහ මුරපදය ඉ-තැපැල් වැඩසටහන තුළ හැඩගස්වා ඇති බවට තහවුරු කර ගන්න.
සටහන: සමහර ජාල පරිපාලකයන් හෝ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් යම් කාලපරිච්ජේදයකින් පසු ඔබගේ මුරපදය කල් ඉකුත්කරවනු කරනු ලබයි. එම කාල සීමාව තුළ මුරපදය වෙනස් නොකළහොත්, මුරපදය වෙනස් වන තුරු ඉ-තැපැල් ඔබට තවදුරටත් ලැබීමට නොහැකි වනු ඇත.
ස්පෑම් පෙරහන් (Spam filters)
අවිධිමත් ලෙස ඔබට ඉ-තැපැල් නොලැබීමට ස්පෑම් ෆිල්ටර් හේතු වේ. ස්පෑම් ෆිල්ටර් නුසුදුසු ආකාරයට හැඩ ගස්වා ඇත්නම් හෝ ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා (Internet Service Provider) මඟින් යම් පණිවිඩයක් ස්පෑම් ලෙස සලකයි නම්, එම ඉ-තැපෑල ස්පෑම් ෆෝල්ඩරයේ තබා හෝ එය කියවීමට පෙර මකා දමනු ඇත. මෙය සිදුවන්නේ දැයි ඔබව දැනුවත් කළ හැක්කේ ඔබේ අන්තර්ජාල සේවා සපයන්නාට පමණක්වේ.
අද කාලයේ සෑම ඉ-තැපැල් වැඩසටහනක්ම පාහේ ස්පෑම් මඟින් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂාවන් යොදා තිබේ. මෙම වැඩසටහන්, ස්ක්‍රිප්ට් සහ ඇඩෝන්ස් (add-ons) මඟින් අවශ්‍ය ඉ-තැපැල් පණිවිඩ වුවත් වැරදි ලෙස මකා දැමිය හැක. ඔබට ඉ-තැපැල් ලැබීමේ ගැටලුවක් තිබේ නම්, ඔබගේ ස්පෑම් ෆිල්ටර් අක්‍රීය කර තිබේද සහ junk, spam හෝ trash යන ෆෝල්ඩර් තුළ ඉ-තැපැල් තිබේද යන්න පරීක්ෂා කරන්න.