අවසන් වරට යාවත්කාලීන කලේ 2021/09/03
ස්පෑම් සහ ස්කෑම්
ස්පෑම් / Spam නොහොත් ජන්ක් (ආයාචිත තැපැල්) – අදාළ නැති, අනවශ්‍ය සහ ඉල්ලුම් නොකළ අලෙවිකරණ (marketing) ඊමේල්, පෝස්ට් සහ මැසේජ් වලින් සමන්විත වේ. | ස්කෑම් / Scam නොහොත් වංචා – වංචනික, උපායශීලී, නොමඟ යවන ඇමතුම් / චැට් / කෙටි පණිවුඩ සහ ව්‍යාජ පෝස්ට් / පෝස්ටර්, රැවටිලිකාර පුවත්පත් දැන්වීම් වලින් සමන්විත වේ. |
ඔබේ තොරතුරු සොරකම් කිරීමට හෝ ඔබට වංචාවක් කිරීමට ස්පෑම්කරුවන්ට (spammers) අවශ්‍ය නැත. ඔවුන් තනිකරම උත්සාහ කරන්නේ හැකි තරම් පිරිසකට අහඹු ලෙස තොරතුරු විසුරුවා හැරීමටයි. | වංචාකරුවන් (scammers) ඔබේ තොරතුරු සහ / හෝ මුදල් වංචාවෙන් ගැනීම සඳහා ඔවුන්වත් නොදන්නා අවස්ථාවන් / නිධානයන් පෙන්වා ඔබව රවටා ගැනීමට උත්සහ කරයි. |
ඔවුන්ගේ ඉලක්කය වන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ඉල්ලුම් නොකළ තැනැත්තෙකුට එය විකුණා ගැනීම සඳහා සන්නිවේදනයේ යෙදීමයි. | ඔවුන්ගේ ඉලක්කය වන්නේ වංචාවෙන් යමෙකු රවටා එහි ප්රතිලාභ භුක්ති විඳීමයි. |
මෙහි භයානකත්වය, වංචනික හෝ ස්කෑම් හැසිරීම් වලට වඩා අඩුය. එය හානිකර නැතත්, අනිවාර්යයෙන්ම කරදරයකි. | මෙය හානිකර වන අතර එය අවසන් වන්නේ කරදරවල පටලවමින් / ඔබේ මුදල් හෝ වෙනත් වටිනා දේ නැති කරමින්ය. |
ඔබට ඒවා බොහෝ දුරට භාණ්ඩ හෝ සේවා ප්‍රවර්ධනය කරන වෙළඳ ප්‍රචාරණ සමාගමකින් හෝ වංචා නිර්මාණකරුවකුගෙන් (con artist) ඊමේල් හරහා ලැබේ. ස්පෑම්කරුවන් ඔවුන්ගේ පණිවිඩ ලබන්නනේ කවුරුන්දැයි කියාවත් නොදන්නා නමුත් තොග වශයෙන් පණිවුඩ (bulk messages) යවා ඊට කිසිවෙකු ගොදුරු වන තෙක් බලා සිටියි. |
වින්දිතයාගේ විශ්වාසය දිනා ගැනීමෙන් මෙම වංචනික උපක්‍රමය සාර්ථක කර ගැනීමට ඔවුන් දක්ෂ වේ. බොහෝ ඔන්ලයින් ස්කෑම්, ස්පෑම්වලට මුවා වී සිටී. එනම් ස්පෑම් යනු, ස්කෑම් සඳහා භාවිත කරන එක් මෙවලමකි. |
ස්පෑම් සඳහා උදාහරණ
|
මිනිසුන් හසු කර ගන්නා ස්කෑම් සඳහා උදාහරණ
|
ස්පෑම් යනු දුටු විට ඔබට ක්ලික් කරන්න හිතෙන, ඔබට ඒත්තු ගන්වන පණිවිඩයකි. | ඔබ ස්පෑම් එකක් විශ්වාස කර එය මත ක්ලික් කළ නමුත් ඔබ අපේක්ෂා කල අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වුවහොත් ඔබව ස්කෑම් එකකට හසු වී ඇත |
ඉහත වගුව හරහා ස්කෑම්වලින් ස්පෑම් වෙන්කර හඳුනා ගැනීමට උත්සාහයක් දැරුවත්, ස්පෑම් වේශයෙන්, එනම් ස්පෑම් ෆිල්ටර්ස් මඟ හැරීමට වැරදි අකුරු (spellings) සහිතව, ඇමුණුම් (attachments), ලින්ක්, අදහාගත නොහැකි දීමනා, මාතෘකාවේ සහ අන්තර්ගතයේ අතර වෙනස්කම්, මෙන්ම බොහෝ විට අවසන් / නියමිත දිනයක් හදිසි බවක් පෙන්වන / ඔබව භීතියට පත් කරන ආකාරයෙන් ස්කෑම් ඔබ වෙත පැමිණිය හැක.
2019 දී ස්පෑම් යටතට මූලිකවම ඇතුළත් වූ දෑ පහත දැක්වෙන රූප සටහනින් පෙන්නුම් කරයි. මෙහි ස්කෑම් ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ ය; 5 න් 2 ක්ම ස්කෑම් වේ. පනවා ඇති සීමාවන් සහ දැනුවත් කිරීමේ මට්ටම අනුව මෙම අනුපාතය රටින් රටට වෙනස් වේ.
truecaller insights දත්ත අනුව, පසුගිය වසරේ ස්පෑම් ඇමතුම් සහ කෙටි පණිවුඩ මඟින් පහත රටවල් කෙරෙහි විශාල බලපෑමක් කර ඇත. ඔබ සිහියේ තබා ගත යුතු දෙය නම්, මේ ආකාරයේ කරදරකාරී ස්පෑම් ඇමතුම්, කෙටි පණිවුඩ හෝ ඊමේල් වල හානිකර ස්කෑම් පවා අඩංගු විය හැකි බවයි.
එමනිසා, ඔබගේ උපාංගයේ (device) යාවත්කාලීන ප්‍රති-වයිරස් මෘදුකාංගයක් (up-to-date anti-virus software) ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම, ස්පෑම් බ්ලොක් කිරීම හෝ එවැනි පුද්ගලික නොවන කටයුතු සඳහා වෙනම ඊමේල් ලිපිනයක් පවත්වා ගැනීම වැනි ස්පෑම් / ස්කෑම් වලින් ආරක්ෂාකාරී වීමේ උපදෙස් අනුගමනය කිරීම නුවණට හුරු වේ.
සයිබර් අවකාශයේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න ගැන තවත් දැනගන්න.
මූලාශ්‍ර:
https://hiya.com/blog/2016/08/17/unwanted-calls-explained-difference-spam-scam/
https://www.getsafeonline.org/protecting-your-computer/spam-and-scam-email/
https://support.indeed.com/hc/en-us/articles/360040122351-Spam-vs-Scam
http://www.afd-techtalk.com/spam-scam/#:~:text=In%20other%20words%2C%20a%20scam,many%20tools%20for%20a%20scam.
https://truecaller.blog/2019/12/03/truecaller-insights-top-20-countries-affected-by-spam-calls-sms-in-2019/
https://www.informit.com/articles/article.aspx?p=397914
https://www.informit.com/articles/article.aspx?p=1234199&seqNum=6