අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/19

වර්තමාන ඩිජිටල් ලෝකයේ, ආරක්ෂක තර්ජන වලින් බේරී සිටීමට ඔබගේ උපාංග සහ මෘදුකාංග යාවත්කාලීන (සොෆ්ට්වෙයා අප්ඩේට්) කර තබා ගැනීම ඉතා වැදගත් වේ. ජංගම දුරකථන, ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් තුළ මෙහෙයුම් පද්ධති (OS), යෙදුම් (ඇප්) සහ ආරක්ෂක වැඩසටහන් වැනි සංකීර්ණ සොෆ්ට්වෙයා ක්‍රියාත්මක වේ. සෑම දෙයක්ම අප්ඩේට් කර තබා ගැනීම මඟින් ඔබට හැකර්වරුන්ගෙන් සහ අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) වලින් ආරක්ෂිත බව සහතික කර ගත හැක. එසේම දත්ත සොරකම් කිරීම, ගොනු සංකේතනය (එන්ක්රිප්ෂන්), හෝ උපාංග බිඳවැටීමද වළක්වයි.
උපාංග (ඩිවයිස්) අප්ඩේට් කිරීම වැදගත් වන්නේ ඇයි?
- ආරක්ෂක විධික්රම: උපාංග නිෂ්පාදකයින් සහ යෙදුම් සංවර්ධකයින් දෝෂ නිවැරදි කිරීමට, නව විශේෂාංග හඳුන්වා දීමට සහ කාර්ය සාධනය (performance) වැඩි දියුණු කිරීමට නිරතුරුව සොෆ්ට්වෙයා අප්ඩේට්ස් නිකුත් කරයි. වැදගත්ම දෙය නම්, ඔවුන් හඳුනාගත් දුර්වලතා විසඳීම සඳහා ආරක්ෂක විධි ක්‍රම ලබා දීමයි. එසේ නොකලොත් ප්‍රහාරකයින් බොහෝ විට පරිශීලක උපාංගවලට හානි කිරීමට මෙම දුර්වලතා උපයෝගී කර ගනී.
- නව විශේෂාංග සහ කාර්ය සාධනය: යාවත්කාලීන බොහෝ විට පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කරන සහ ඔබේ උපාංගයේ වේගය සහ performance වැඩිදියුණු කළ හැකි නව විශේෂාංග සමඟ පැමිණේ.
- ස්වයංක්‍රීය (Automatic) යාවත්කාලීන: බොහෝ උපාංග ස්වයංක්‍රීයව අප්ඩේට් කිරීම් සඳහා සහය දක්වයි, නමුත් එය සක්‍රීය කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සැමවිටම හොඳය. අප්ඩේට් කිරීම් ස්වයංක්‍රීය නම්, ඒවා ඔබගේ මැදිහත්වීමකින් තොරව ක්‍රියා කරයි. නමුත් ඒවාට වරින් වර අවධානය අවශ්‍ය වේ.
අප්ඩේට් කර තබා ගත යුතු දේ
ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා සොෆ්ට්වෙයා වර්ග කිහිපයක් අප්ඩේට් කළ යුතුය:
- මෙහෙයුම් පද්ධතිය (ඔපරේටිං සිස්ටම් / OS): ඔබගේ උපාංගයේ OS යාවත්කාලීනව තබා ගන්න. බොහෝ මෙහෙයුම් පද්ධති ස්වයංක්‍රීය අප්ඩේට් කිරීම් වලට ඉඩ සලසයි, නමුත් මෙම විශේෂාංගය සක්‍රීය කර ඇත්දැයි සොයා බලන්න.
- වෙබ් බ්‍රව්සරය සහ දිගු (extensions): බ්‍රවුසර විශේෂයෙන් සයිබර් ප්‍රහාරවලට ගොදුරු වේ. ඕනෑම දිගුවක් සමඟින් ඔබේ බ්‍රවුසරය නිතිපතා යාවත්කාලීන වන බවට සැලකිලිමත් වන්න.
- තුන්වන පාර්ශව යෙදුම්: බාහිර මූලාශ්‍රවලින් ඉන්ස්ටෝල් කර ඇති යෙදුම් (office app, ඡායාරූප සංස්කරණ යෙදුම් ආදිය) යාවත්කාලීන කළ යුතුය. සමහර යෙදුම් ස්වයංක්‍රීයව යාවත්කාලීන වන අතර අනෙක් ඒවා ඔබ විසින් (manually) යාවත්කාලීන කළ යුතුය.
- ප්‍රති-වයිරස (anti-virus) මෘදුකාංග: ඔබ ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා භාවිත කරන්නේ නම්, ඊට නව තර්ජන සහ නවතම වයිරස් හඳුනා ගැනීමට උදවු වෙන අයුරින් එයද අප්ඩේට් කර ඇති බවට සහතික වන්න.
ඔබගේ උපාංග සුරක්ෂිතව තබා ගැනීම සඳහා මූලික පියවර
- ස්වයංක්‍රීය යාවත්කාලීන ක්‍රියාත්මක කරන්න: OS, බ්‍රවුසරය, ප්‍රති-වයිරස සහ office app ඇතුළුව සියලුම තීරණාත්මක සොෆ්ට්වෙයා සඳහා ස්වයංක්‍රීය අප්ඩේට් කිරීම් සක්‍රිය කර ඇති බව සහතික කර ගන්න.
- ඉක්මනින් යාවත්කාලීන ඉන්ස්ටෝල් කරන්න: යාවත්කාලීනයක් ගැන දැන ගන්න ලැබුන විට, ඔබේ උපාංගය ආරක්ෂිතව පවතින බව සහතික කිරීමට අදාළ දින කිහිපය ඇතුළත ඉක්මනින්ම එය ඉන්ස්ටෝල් කරන්න.
- නිරතුරු උපස්ථ (බැකප්): ස්වයංක්‍රීයව බැකප් වන සේ සකසන්න නැත්නම් දත්ත නිරතුරුව බැකප් කරන්න. එවිට ඔබට යාවත්කාලීන කිරීමේදී යමක් වැරදී ගියහොත් එය නැවත ලබා ගත හැක.
- සොෆ්ට්වෙයා අප්ඩේට් නිරීක්ෂණය කරන්න: ඔබේ උපාංග නිසි ලෙස යාවත්කාලීන වන්නේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. ඔබ ගැටළු වලට මුහුණ දෙන්නේ නම් (උදා., අඩු ගබඩාව / low storage), ඒවා ඉක්මනින් විසඳන්න.
- දිගු කල් සහාය ලැබෙන උපාංග තෝරන්න: නව උපාංග මිලදී ගැනීමේදී, නිෂ්පාදකයා කොපමණ කාලයක් ඒවාට සහය දක්වයිද යන්න සලකා බලන්න. දිගු ආධාරක කාල සීමාවන් යනු ඔබට වඩාත් දීර්ඝ කාලයක් සඳහා ආරක්ෂක අප්ඩේට් ලැබෙනු ඇති බවයි.