අවසන් වරට යාවත්කාලීන කලේ 2024/12/19


අද වන විට බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම ළමයින් සහ තරුණයින්, දිනපතා ජංගම දුරකතන, පරිගණකය, රූපවාහිනිය ආදී තිර / ස්ක්රීන් (screen) මත පැය ගණන් කාලය ගත කිරීමට පුරුදු වී තිබේ. ඔවුන්ට එය ඉතා විනෝදයක් ලබා දුන්නද ඒ නිසා ශරීරයට සහ මනසට ඇතිවන බලපෑම සුලුවට ගත නොහැකිය.

ස්ක්රීන් එක ඉදිරිපිට වැඩිපුර කාලය ගත කිරීමෙන් ඇතිවන ගැටලු

මානසික සෞඛ්යය:

  • අසතුටට පත් වීම: ස්ක්රීන් එක​ ඉදිරිපිට වැඩිපුර කාලයක් ගත කිරීම ඔබව මානසිකව අසතුටට පත් කරයි.
  • කාංසාව / පාළුව: වැඩිපුර අන්තර්ජාලය භාවිත කිරීම තුළින් ඔබට ආතතිය සහ කනස්සල්ලක් හෝ තනි වූ හැඟීමක් ඇති විය හැක.

කායික​ සෞඛ්යය:

  • නිදාගැනීමේ ගැටලු: ස්ක්රීන් නිසා නිදාගැනීමේ අපහසුවක් හා අවිවේකී බවක් ඇති වේ.
  • ඇස් වල වෙහෙසකාරී බව​: ස්ක්රීන් එක දෙස​ දිගු කාලයක් බලා සිටීමෙන් ඇස් වල වේදනාවක් සහ වියළි බවක් ඇති වේ.
  • හිසරදය: ස්ක්රීන් එක මගින් නිකුත්වන ආලෝකය නිසා දිගු කාලීනව හිසරදය ඇති කරයි.

සමාජ සම්බන්ධතාවයන්:

  • තනිකම: වැඩිපුර ස්ක්රීන් එක මත කාලය ගත කිරීමෙන් පවුලේ අය​ සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට අකමැත්තක් දක්වයි.
  • අන්තර්ජාලයේ හිරිහැර​: මේ වන විට බොහෝ නව යොවුන් වියේ පසුවන්නන් සයිබර් හිරිහැරයන්ට ලක් වීමේ ප්රවණතාවක් ඇත​.

ඔබ ස්ක්රීන් එකට ඇබ්බැහි වෙලාද?

මෙන්න මේ ලක්ෂණ අනතුරුදායක සංඥා​වන් වේ.

  • ඔබට පරිගණක හෝ දුරකථන භාවිතය අඩු කිරීමට අවශ්ය වුවත් එසේ කළ නොහැකි වීම.
  • ඔබ බාහිර (outdoor) ක්රියාකාරකම් වලට හෝ වෙනත් විනෝදාංශ සඳහා වැඩි කැමැත්තක් නොදැක්වීම.
  • ඔබට රාත්රියට සුව පහසු ලෙස නින්ද නොයෑම.
  • ඔබ පවුලේ අය​ සහ මිතුරු මිතුරියන් සමඟ ගත කරන​ කාලය අඩු වීම.

කොහොමද මේ තිරය මත කාලය අඩු කරන්නේ?

වයස අනුව පැනවිය යුතු කාල සීමාවන්:

  • ළදරුවන් (මාස 0–6): ස්ක්රීන් භාවිත කිරීමෙන් වැළකිය යුතුය.
  • මාස 6–අවු. 2: වීඩියෝ සංවාද සඳහා පමණක් භාවිත කරන්න.
  • අවු. 2–5: දිනකට පැයක් ලෙස සීමා කරන්න.
  • අවු. 6–18 ළමයින්: දෙමාපියන් විසින් ටීවී, ගේම් සහ සමාජ මාධ්ය සඳහා සීමා පැනවිය යුතුය (දිනකට පැය 2 ට වඩා වැඩි නොවිය යුතුය).
  • වැඩිහිටියන්: දිනකට පැය 4 කට​ සීමා කිරීමට උත්සාහ කරන්න.

තිරය මත කාලය අවම කිරීමට උපක්රම කිහිපයක්

  • Screen Time apps භාවිත කරන්න: ඔබේ ස්ක්රීන් භාවිතය ගැන අවධානය යොමු කර එම කාලය අඩු කිරීමට උපකාරී වේ.
  • සාමූහික ක්රියාකාරකම්වල යෙදීම: ස්ක්රීන් නොමැතිව කතා කිරීම, එළිමහනේ ක්රීඩා කිරීම, නිසි ලෙස ආහාර ගැනීම ආදී ක්රියාකාරකම්වල යෙදීම.
  • වෙනත් විනෝදාත්මක විකල්ප උත්සාහ කරන්න: තිරයක් භාවිත කිරීම වෙනුවට චිත්ර කලාව​, ගීත ඇසීම​, පොත් කියවීම, නර්තනය වැනි දේ සඳහා යොමු වන්න.

 

මූලාශ්ර:

Premier Health
Diamond Rehab Thailand