අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17
අපිට නොයෙක් ආකාරයෙන් ඉ-තැපැල් ලැබෙන විටදී, වංචනික ඉ-තැපෑලක් හා වංචනික නොවන ඉ-තැපැල් පණිවුඩයක් අතර වෙනස හඳුනා ගැනීමට අපහසු විය හැකිය. පහත දැක්වෙන දර්ශකයන් / ඉඟි හරහා ඔබට ලැබී ඇති ඉ-තැපෑලෙහි වංචා සහගත බව තේරුම්ගත හැකිය.
අසම්පූර්ණ / අකුරු වැරදියට ලියු වචන
වංචනික ඉ-තැපැල් ලිපියක් හඳුනාගැනීමේ එක් ක්‍රමයක් වන්නේ ඒවායේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ හෝ විරාම ලකුණු දුර්වල හෝ වැරදි සහගත වීමයි. පිලිගත් ආයතන හෝ සමාගම් වලින් ලැබෙන ඉ-තැපැල්වල මෙම වැරදි කිසිවක් අඩංගු නොවේ. අනෙක් අතට ස්කැම් (scam) ඉ-තැපැල් බොහෝ විට අකුරු ලිවීමේ හෝ නිවැරදි ව්‍යාකරණ හැකියාවන් නොමැති තනි පුද්ගලයෙකු කලබලයෙන් ලියු ඒවා විය හැකිය. නීත්‍යානුකූල සමාගමක් විසින් එවා ඇති ලෙස පෙනෙන එහෙත් බොහෝ අකුරු හෝ ව්‍යාකරණ වැරදි සහිත ඉ-තැපෑලක් නම්, එය බොහෝ විට වංචාවක් විය යුතු අතර එය මකා දැමිය යුතුය.
ඉක්මන් පියවරක් ගත යුතුයි
වහාම ඉක්මන් පියවරක් ගත යුතු වන ඉ-තැපැල් පණිවුඩයක් ඔබට ලැබුණි නම්, අදාල සමාගම සෘජුවම අමතා පණිවුඩයේ නීත්‍යානුකූල දැයි විමසීම හොඳ පුරුද්දකි. එහිදී ඔබගේ ගිණුම පිළිබඳව සොයා බැලීමට අදාළ සමාගමේ පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුවට හැකි වන අතර ඔබට ලැබුණු ඉ-තැපෑල් පණිවුඩය සම්බන්ධයෙන් විශේෂයෙන් කිසියම් ක්‍රිමාර්ගයක් ගත යුතු වේද යන්න පිළිබඳව තීරණය කළ හැකිය.
පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට ඉල්ලීමක්
සමහර ඉ-තැපැල් පණිවුඩ සැලසුම් කර ඇත්තේ කිසියම් වෙබ් අඩවියක් සඳහා පරිශීලකගේ පිවිසුම් තොරතුරු (user’s login credentials) සොරකම් කිරීමටය. මෙම ඉ-තැපැල් බොහෝ විට ඔබේ පෞද්ගලික තොරතුරු හෝ ඔබට නොදැනෙන සේ පිවිසුම් විස්තර ඉල්ලන අයදුම්පත්‍රයක් මඟින් ඔබගේ අදාල ගිණුමට ප්‍රවේශ වීමට හෝ එම ගිණුම පිළිබඳව ගැටළුවක් තහවුරු කර ගැනීමට සිදු කරන ඉල්ලීමක් ලෙසින් ලැබිය හැකිය. ඔබට ලැබුණු ඉ-තැපෑලකින් මෙම තොරතුරු කිසිවක් ඉල්ලන්නේ නම්, එය වංචාව පිලිබඳ සලකුණක් ලෙස සැලකිය හැකිය.
ඉඟිය: බොහෝ නීත්‍යානුකූල ව්‍යාපාර මඟින් ඉ-තැපැල් හරහා තොරතුරු ඉල්ලා සිටීම වෙනුවට ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් ඔබගේ ගිණුමට පිවිසෙන ලෙස අවවාද කරයි.
පරිශීලක නාමයක් වෙත යොමු කර ඇත
ප්‍රෝඩාකාරී ලෙස ඉ-තැපැල් පණිවුඩ එවන්නන් ළඟ ඔබ පිළිබඳව තොරතුරු ඇත්තේ අල්ප වශයෙනි. බොහෝ විට ඔවුන් සතුව ඔබේ ඉ-තැපැල් ලිපිනය (email address) සහ පරිශීලක නාමය (user name) හැර වෙනත් කිසිවක් නැත. නීත්‍යානුකූල සමාගම් සාමාන්‍යයෙන් ඉ-තැපැල් පණිවුඩය ආරම්භයේ අමතන්නේ එය ලබන්නාගේ සම්පූර්ණ නමිනි. එහෙත් පරිශීලකයාගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීම සඳහා එවන වංචනික ඉ-තැපැල්වල බොහෝ අවස්ථාවලදී, “හිතවත් මහත්මාණනි / ඩියර් සර් (Dear Sir)” හෝ “ඩියර් මැඩම්” වැනි යමකින් ලිපිය ආරම්භ කරයි.
ඉඟිය: සුවිශේෂී ලෙස අමතන්නේ නැති හෝ තොරතුරු ලබා නොදෙන ඕනෑම ඉ-තැපෑලක් ෆිෂිං (phishing) ඉ-තැපෑලක සලකුණකි.
වෙබ් පිටුවේ සබැඳිය (web page link) පරීක්ෂා කරන්න
වෙබ් පිටු සබැඳියක් (link), වංචනිකයන් (scammers) වඩාත් පොදු ලෙස භාවිතා කරන මෙවලමකි. එවැනි සබැඳියක් හරහා පිවිසෙන රැවටිලිකාර වෙබ් අඩවි මඟින් ඔබ ටයිප් කරන ඕනෑම දෙයක් අල්ලා ගැනීමටත් ඔබේ ගිණුමට හෝ තොරතුරු වලට ප්‍රවේශ වීමටත් ඉඩ දෙන තත්ත්වයක් තිබිය හැකිය. මෙය මර්දනය කිරීම සඳහා, එය ක්ලික් කිරීමට පෙර අදාළ ඉ-තැපෑල වංචනිකද නැද්ද යන්න පහත ආකාරයට පරීක්ෂා කර බලන්න.
සබැඳියක් පරීක්ෂා කිරීම සඳහා එක් මාර්ගයක් වන්නේ ඔබේ මූසිකයේ කර්සරය (mouse cursor) ක්ලික් නොකර සබැඳිය (link) මත තැබීමයි. එවිට ඔබගේ ඉ-තැපැල් වැඩසටහනේ හෝ වෙබ් බ්‍රව්සරයේ පහළම ස්ථානයේ තත්ත්ව තීරුවෙහි (status bar), අදාල සබැඳිය හරහා ඔබව යොමු කරවනු ලබන නියම වෙබ් අඩවියේ ලිපිනය දිස්වේ. මේ ආකාරයට ඉ-තැපැල් සබැඳිය (link) හා සමාගමේ සැබෑ වෙබ් අඩවි ලිපිනය සමානද නැද්ද යන්න පරීක්ෂා කළ හැකිය.
තවද ඔබට ඉ-තැපැල් සබැඳිය (link) මත රයිට්-ක්ලික් (right-click) කර ලැබෙන පොප්-අප් (pop-up) මෙනුවෙහි “Copy Link Location” හෝ සමාන විකල්පයක් තෝරා, ඉන්පසු එය TextPad හෝ Microsoft Word වැනි යෙදුමක පේස්ට් කරන්න. සබැඳිය පිටපත් කර ගැනීමෙන් සම්පූර්ණ ලිපිනය බැලීමට ඉඩ ලබා දෙයි. සමාගමේ සැබෑ වෙබ් ලිපිනය සමග එම සබැඳිය ගැලපෙන්නේ නැද්ද යන්න පරීක්ෂා කර බලන්න.
මෙම සබැඳිය වංචනික සබැඳියක් දැයි බලා ගන්නේ කොහොමද දැනගැනීමට “ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!” යන ලිපිය බලන්න.
ඉහත සඳහන් ඕනෑම කරුණකදී ඔබට ලැබුණු ඉ-තැපෑල වංචාවක් බව ඔබට හැඟෙන්නේ නම්, ඒවායේ ඇති සබැඳි (link) ක්ලික් කිරීමට උත්සාහ නොකරන්න. මෙවැනි වංචනික ඉ-තැපැල් මගින් ප්‍රෝඩාකාරී වෙබ් අඩවියකට ඔබව යැවීමට උත්සාහ කිරීම හැරුණු විට, ඒ හරහා ඔබේ පරිගණකයෙන් වැඩිදුර තොරතුරු සොරා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ස්පයිවෙයා (spyware) ද අන්තර්ගත විය හැක.