අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/18

අද සෑම දෙයක්ම පාහේ ඩිජිටල්කරණය වී ඇත. එම නිසා ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. හැකර්වරු සෑම විටම සංවේදී දත්ත සොරකම් කිරීමට හෝ ඔවුන්ගේ ලාභය සඳහා ඔබේ උපාංග (ඩිවයිස්) වල පාලනය ලබා ගැනීමට නව ක්‍රම අත්හදා බලයි. ඒක හිතේ තියාගෙන ආරක්ෂිතව වඩාත් ඵලදායී ලෙස අන්තර්ජාලය භාවිත කරන විදිය බලමු.

  1. මුරපද කළමනාකරුවන් (පාස්වර්ඩ් මැනෙජර්) සහිතව ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) භාවිත කරන්න.
    • 123456, ඔබේ නම, ඔබේ මිතුරාගේ නම, හෝ ඔබේ සුරතලාගේ නම වැනි සරල පාස්වර්ඩ් භාවිත නොකරන්න.
    • ඒ වෙනුවට කැපිටල් අකුරු, ඉලක්කම් සහ සංකේත මිශ්‍රණයක් සහිත මුරපදයක් සාදන්න.
      උදාහරණය: MyP@ssw0rdIn2024!
      පාස්වර්ඩ් ගැන වැඩිදුර විස්තර
    • ඔබේ පාස්වර්ඩ් ආරක්ෂිතව ගබඩා කර කළමනාකරණය කිරීමට උපකාරී වන විශ්වාසදායක පාස්වර්ඩ් මැනෙජර් භාවිත කරන්න. එවිට ඔබට සෑම සංකීර්ණ මුරපදයක්ම මතක තබා ගැනීමට සිදු නොවේ.
  2. ද්වි සාධක සත්‍යාපනය (ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන්) ක්‍රියාත්මක කරන්න.
    • ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (2FA) ඔබගේ ගිණුම්වලට අමතර ආරක්ෂාවක් එක් කරයි.
    • යමෙකු ඔබගේ පාස්වර්ඩ් අනුමාන කළත්, ඔවුන්ට ඔබේ ගිණුමට ප්‍රවේශ වීමට දෙවන කේතයක් (ඔබේ දුරකථනයට හෝ යෙදුමට යවනු ලබන කෝඩ් එකක්) අවශ්‍ය වේ.
  3. ඊමේල් සහ සබැඳි (ලින්ක්) සමඟ ප්‍රවේශම් වන්න.
    • නොදන්නා / සැක සහිත ලින්ක් මත ක්ලික් කිරීමෙන් හෝ එවැනි ඊමේල් වලින් ගොනු බාගත (ඩවුන්ලෝඩ්) කිරීමෙන් වළකින්න.
    • හැකර්වරුන් බොහෝ විට ව්‍යාජ ඊමේල් යවමින් ඔබව රවටා ඔබෙන් තොරතුරු හෙළි කර ගනී (මෙය ෆිෂිං ලෙස හැඳින්වේ).
  4. ඔබේ මෘදුකාංග (සොෆ්ට්වෙයා) නිරතුරුව අප්ඩේට් කර තබන්න.
    • ඔබගේ උපාංග (ජංගම දුරකථනය, පරිගණකය ආදී) සහ සොෆ්ට්වෙයා සැමවිටම අප්ඩේට් කර තබා ගන්න. ආරක්ෂක දෝෂවලට විසඳුම් ලෙසත් මෙවැනි අප්ඩේට් හඳුන්වා දෙයි.
  5. වැදගත් කාර්යයන් සඳහා පොදු Wi-Fi භාවිත කිරීමෙන් වළකින්න.
    • ඔබගේ බැංකු ගිණුමට, ඊමේල් ගිණුමට හෝ වෙනත් වැදගත් සේවාවන්ට ලොග් වීමට පොදු Wi-Fi භාවිත නොකරන්න, මන්දයත් ඒ හරහා හැකර්වරුන්ට පහසුවෙන් ඔබගේ දත්ත සොරකම් කළ හැක.
  6. ප්‍රතිවයිරස (ඇන්ටි-වයිරස්) සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න.
    • ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා මගින් තර්ජනයක් විය හැකි ෆයිල්, ඩවුන්ලෝඩ් කිරීම් සහ යෙදුම් (ඇප්) පරීක්ෂා / ස්කෑන් කිරීමෙන් ඔබේ උපාංගය ආරක්ෂා කිරීමට උදව් කරයි.
    • එය භයානක වෙබ්අඩවි අවහිර කරන අතර සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව ඔබට අනතුරු අඟවයි.
    • ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා නොමැති නම්, ඔබගේ දත්ත සොරකම් කළ හැකි හෝ ඔබේ පද්ධතියට (සිස්ටම්) හානි කළ හැකි අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) වලට ඔබේ උපාංගය ගොදුරු විය හැක.
  7. පුද්ගලික තොරතුරු බෙදා ගැනීමට (ශෙයා කිරීමට) පෙර සිතන්න.
    • පාස්වර්ඩ්, හැඳුනුම්පත් අංක, හෝ වෙනත් ඔන්ලයින් පුද්ගලික තොරතුරු වැනි සංවේදී තොරතුරු කිසි විටෙක හුවමාරු කර නොගන්න.
    • හැකර්වරු ඔබ ලෙස පෙනී සිටීමට සහ හානියක් කිරීමට මෙම තොරතුරු භාවිත කළ හැක.
  8. වෙබ්අඩවියේ විශ්වසනීයත්වය පරීක්ෂා කරන්න.
    • වෙබ්අඩවියකට පිවිසීමට පෙර, URL (ලින්ක්) එක නිවැරදි දැයි පරීක්ෂා කර එහි ආරක්ෂිත බව සහතික කර ගන්න.
    • URL හි “https://” සහ වෙබ් ලිපිනයට යාබදව අගුලු දැමීමේ (padlock) සංකේතයක් තිබේ දැයි බලන්න. වෙබ්අඩවිය ඔබේ දත්ත ආරක්ෂා කරන බව පෙන්වීමට මෙම සංකේතනය භාවිත කරයි.
    • වැරදි අකුරු සමඟ හෝ සැක සහිත වසම් (ඩොමේන්) නාම සහිත වෙබ්අඩවි ව්‍යාජ හෝ අනතුරුදායක විය හැකි බැවින් ඒවාට පිවිසීමෙන් වළකින්න.

මූලාශ්‍ර:
https://www.cisa.gov/news-events/news/4-things-you-can-do-keep-yourself-cyber-safe
https://www.vu.edu.au/about-vu/news-events/study-space/10-easy-ways-to-protect-yourself-from-cyber-attacks