අවසන් වරට යාවත්කාලීන කලේ 2024/12/20
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
ප්‍රසාද් නාවික හමුදාවේ සේවය කරමින් සිටි අතර ඔහුගේ අලුත් බැංකු ගිණුම සඳහා ඔන්ලයින් බැංකු පහසුකම සක්‍රීය කර ගැනීමට ඔහුට අවශ්‍ය වුණා. නමුත් බැංකුවට යාමට නිවාඩු ලබා ගැනීම අපහසු වූ නිසා, ඔහුට ඒ සඳහා වෙනත් මාර්ගයක් සෙවීමට සිදු විය. දිනක් ඔහු ෆේස්බුක් එකේ “ඔන්ලයින් බැංකු පහසුකම්” ගැන දැන්වීමක් දැක්කා.
එවෙලේම ප්‍රසාද් එම දැන්වීම පළ කළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ගත්තා.
දැන්වීම්කරු: ඔව්, මට උදව් කරන්න පුලුවන්. ඔයාගෙ ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පතතේ පින්තූරයක් එක්ක මට එවන්නකො.
ප්‍රසාද් තම ගිණුම් විස්තර සහ ජාතික හැඳුනුම්පතේ පින්තූරයක් එසැණින් යැව්වා.
ඊට පස්සේ ප්‍රසාද් ඔහුගේ සුපුරුදු වැඩ කටයුතුවල නිරත වුණා. දින දෙකකට පසු, ඔහුගේ වැටුප බැංකුවට බැරවීමෙන් පසු, රු. 45,000/- ක මුදලක් ඔහුගේ ගිණුමෙන් ආපසු ලබාගෙන ඇති බවට ඔහුට බැංකුවෙන් කෙටි පණිවිඩයක් ලැබුණා. එවැනි කිසිදු ගනුදෙනුවක් නොකළ ප්‍රසාද් ඒ පණිවිඩය දුටු වහාම පුදුමයට සහ කලබලයට පත් වුණා. ප්‍රසාද් සිදු වූ සියලුම දේ ඔහුගේ ළඟම මිතුරෙකුට කිව්වා. ප්‍රසාද්ට සිදු වූ දේ අසා සිටි මිතුරා ඔහුට “හිතවතීට” කතා කරලා මේ සඳහා උපදෙසක් ගන්න කියලා කිව්වා.
හිතවතී අමතා ප්‍රසාද් සිදු වූ සියලුම දේ පැහැදිලි කළා. එය අසා හිතවතී ප්‍රසාද්ට කිව්වේ බැංකුවක් එවැනි නිල නොලත් ආකාරයේ දැන්වීම් පළ නොකරන බවත් එය වංචාවක් (ස්කැම්) සේ පෙනෙන බවත්ය. එබැවින්, වංචාවට අදාළ සාක්ෂි (දැන්වීමේ ස්ක්‍රීන්ෂොට් සහ ලින්ක් යනාදිය) එකතු කරගෙන පරිගණක අපරාධ විමර්ශන ඒකකය (CCID) අමතන ලෙස හිතවතී ඔහුට උපදෙස් දුන්නා. එසේම, මේ වංචාව පිළිබඳව XXX බැංකුවට දැනුම් දෙන ලෙසත් හිතවතී ඔහුට කිව්වා.
ප්‍රසාද් හිතවතී විසින් ලබා දුන් උපදෙස් හා මඟ පෙන්වීම සඳහා ස්තුති කළා.
පූර්වාරක්ෂක ඉඟි:
- ඔබට බැංකු කටයුතු සම්බන්ධව උදව් අවශ්‍ය නම්, අදාළ බැංකුව අමතා උපදෙස් ලබා ගන්න.
- කිසිම විටක නාඳුනන අය සමඟ ඔබේ පුද්ගලික තොරතුරු හෝ ලේඛන (ජාතික හැඳුනුම්පත, ලිපිනය ආදිය) හුවමාරු කර ගන්න එපා, මන්ද ඒවා අනිසි ලෙස භාවිත කළ හැක.
- විශ්වාසවන්ත / ප්‍රසිද්ධ ආයතනවලින් බව බොරුවට පෙන්වන වංචනික අන්තර්ගතයන් බහුල සමාජ මාධ්‍යවල පළ වන මෙවැනි දැන්විම් වාර්තා (රිපෝට්) කරන්න. ඒ පිළිබඳව වහාම අදාළ ආයතනය අමතා දැනුවත් කරන්න.
- Facebook වැනි සමාජ මාධ්‍ය ඇප් හරහා සිදු වන වංචනික (ස්කැම්) පෝස්ට් රිපෝට් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සඳහා හිතවතී අමතන්න.
- සයිබර් අපරාධයක් සම්බන්ධයෙන් සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් ආදිය) තිබේ නම්, අදාළ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk / report@cid.police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක