අවසන් වරට යාවත්කාලීන කලේ 2022/08/01
මුරපදය (පාස්වර්ඩ්)
කළ යුතු දෑ
- ශක්තිමත් මුරපදයක් නිර්මාණය කිරීම.
- මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (MFA) සක්‍රීය කර තබා ගැනීම.
- ආරක්ෂිත පාස්වර්ඩ් කළමණාකරණ මෘදුකාංගයක පාස්වර්ඩ් ගබඩා කර තැබීම.
නොකළ යුතු දෑ
- මුරපද කඩදාසිවල ලියා තැබිම.
- අන් අය සමඟ එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද (OTP) බෙදා ගැනීම (ශෙයා කිරීම).
- සෑම ගිණුමකටම එකම මුරපදයක් භාවිත කිරීම.
- උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය වැනි පහසුවෙන් අනුමාන කළ හැකි මුරපදයක් භාවිත කිරීම.
ලොගින් වීම
කළ යුතු දෑ
- ඔබේ උපාංගය භාවිතයෙන් ඔබ කරන දේවල් දෙස යමෙක් බලා සිටින බව හැඟේ නම් ඔබේ බැංකු මෘදුකාංගවල සහ ඔන්ලයින් ගිණුම්වල මුරපද වෙනස් කරන්න.
නොකළ යුතු දෑ
- වෙනත් අයෙකුට ඔබේ බැංකු මෘදුකාංග සහ ඔන්ලයින් බැංකු ගිණුම් තුළට ඇතුළු වීමට ඉඩ දීම.
සම්බන්ධතාවය (කොනෙක්ටිවිටි)
කළ යුතු දෑ
- නිතරම ආරක්ෂිත අන්තර්ජාල සබඳතාවක් භාවිත කිරීම.
නොකළ යුතු දෑ
- පොදු Wi-Fi ජාලයක් හරහා ඔබේ ඔන්ලයින් බැංකු මෘදුකාංග වලට පිවිසීම.
- පොදුවේ පරිහරණය කරන පරිගණක හරහා ඔන්ලයින් බැංකු වෙබ් අඩවි වෙත පිවිසීම.
ලින්ක් සහ වෙබ් අඩවි
කළ යුතු දෑ
- ඊ-මේල් / මැසේජ් හරහා ලැබෙන ලින්ක් හොඳින් පරික්ෂා කරන්න.
- ඔබේ බැංකුවේ නම සඳහන් කරමින් ලැබෙන ඊ-මේල් පණිවිඩ පිළිබඳව බැංකුවෙන් විමසීම.
නොකළ යුතු දෑ
- ඊ-මේල් හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ලින්ක් ක්ලික් කිරීම.
- එවැනි නොදන්නා ලින්ක් වලින් ඉල්ලා සිටින ඔබේ කාඩ්පත් වල අංක වැනි දෑ ලබා දීම.
උපාංග (ඩිවයිස්)
කළ යුතු දෑ
- අඟුළු ඇරීමට (අන්ලොක්) මුරපදයක්, ඇඟිලි සලකුණ, PIN අංකයක් වැනි ශක්තිමත් ආරක්ෂණ උපක්‍රමයක් භාවිත කිරීම.
- භාවිත නොකරන අවස්ථාවේදී උපාංගය අගුළු දමා (ලොක් කර) තිබිය යුතුයි.
නොකළ යුතු දෑ
- භාවිත නොකරන විටදී බැංකු සේවා මෘදුකාංග හෝ ඔන්ලයින් බැංකු සේවා ගිණුම් වලට ලොග් වී සිටීම.
- උපාංගය Jailbreak හෝ Root ක්‍රම වලින් වෙනස් කිරීම.
යෙදුම් (ඇප්) සහ මෘදුකාංග (සොෆ්ට්වෙයා)
කළ යුතු දෑ
- ජංගම දුරකතනයට ඇප්ස් බා ගැනීමේදී සහ ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් වීම.
- ඇප්ස් වල මූලාශ්‍ර හා එමඟින් ඉල්ලා සිටින පිවිසුම් අවසරයන් පිළිබඳව පරික්ෂා කිරීම.
නොකළ යුතු දෑ
- නොදන්නා සැපයුම් කරුවන්ගෙන් හෝ තෙවන පාර්ශවීය මුලාශ්‍ර වලින් මෘදුකාංග ඉන්ස්ටෝල් කර ගැනීම.
වෙබ් අඩවි වල ආරක්ෂිත භාවය පරික්ෂා කිරීම
කළ යුතු දෑ
- ඔබ ඔන්ලයින් මිලදී ගැනීම් වලදී ගෙවීම් කටයුතු සඳහා පිවිසෙන වෙබ් අඩවි http:// නොව https:// බව තහවුරු කර ගැනීම.
නොකළ යුතු දෑ
- ලැබෙන ආරක්ෂක අනතුරු ඇඟවීම් නොසලකා හැරීම.
සැක සහිත කෙටි පණිවිඩ (SMS) සහ ඇමතුම්
කළ යුතු දෑ
- කෙටි පණිවිඩයක් නම් එවන්නාගේ අනන්‍යතාවය පිළිබඳව පරික්ෂා කිරීම.
- කෙටි පණිවිඩයේ සඳහන් කාරණා පිළිබඳව බැංකුවෙන් විමසීම.
නොකළ යුතු දෑ
- ලැබෙන පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම හෝ ඉල්ලා සිටින කාඩ්පත් / ගිණුම් විස්තර ලබා දීම.
ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය
කළ යුතු දෑ
- පිළිගත් හොඳ ප්‍රති (ඇන්ටි) වෛරස් මෘදුකාංගයක් භාවිත කිරීම.
නොකළ යුතු දෑ
- කිසිදු අවස්ථාවක ප්‍රතිවෛරස් මෘදුකාංගය අක්‍රිය කිරීම.
පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංග යාවත්කාලින කිරීම
කළ යුතු දෑ
- උපාංග නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම.
- මෙහෙයුම් පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාලින (අප්ඩේට්) කර තබා ගැනීම.