අවසන් වරට යාවත්කාලීන කලේ 2021/11/20
Password එකක් යනු කුමක්ද?
නිවසක, කාමරයක, අල්මාරියක යතුරක් යොදාගෙන පෞද්ගලික දේවල් ආරක්ෂා කර ගත හැකි ආකාරයට ඩිජිටල් ලෝකයේ අපගේ phone එක, computer එක,e-mail ගිණුම Facebook, Youtube, LinkedIn, Twitter, වැනි ගිණුම් විතරක් නෙවෙයි- ඔබේ බැංකුගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යොදාගන්නා ඉලෙක්ට්‍රොනික යතුර වන්නේ “ Password” එකයි.
Password එක හැමෝම දන්න දෙයක් වුනොත් කුමක් වෙයිද ?
නිවසේ, කාමරයේ හෝ කබඩ් එකේ යතුර මල්පෝච්ච්ය යට හෝ පාපිස්ස යට වගෙ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් තැනක තිබ්බොත් ඒක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් , ඒ වගේම password එක ලේසියෙන්ම guess කරන්න පුළුවන් නම් ,ඔබගේ e-mail ගිණුම Facebookගිණුම ලේසියෙන්ම හැක් වෙන්න පුළුවන්.
ලේසියට මතක තියාගන්න පුළුවන් නිසා සුලභව යොදාගන්න අනාරක්ෂිත password මොනවාද ?
- තමන්ගෙ නම සහ අංක දෙකක් උදා : Samantha89
- හැඳුනුම්පත් අංකය උදා : 947312100V
- 123456
- Keyboard එකේ එක ළඟ තියන අකුරු ටිකක් උදා : ASDF , QWERTY
- දුරකතන අංකයක්
- උපන්දිනය
මිනිස්සුන්ව අනාරක්ෂිත password යොදාගැනීම නිසා ඇතිවන කරදර වලින් බේරා ගැනීමට , විශේෂයෙන්ම email වල password set කිරීමේ දී පහත නිර්ණායක යොදාගනු ලැබේ
- අවම characters 8
- Simple සහ Capital අකුරු
- ඉලක්කම් ඇතුලත් විය යුතුයි
- සංකේත ඇතුලත් විය යුතුයි
සියලුම ගිණුම් වලට එකම password එක යොදාගත්තොත් කුමක් සිදුවේ ද ?
- හැකින් ප්‍රහාරයකින් තෙවන පාර්ශවයක් විසින් එක් ගිණුමක විස්තර ලබා ගත් විට අනෙක් සියලු ගිණුම් වල විස්තර ද ඔවුන්ට ලබා ගත හැකි වීම
- අත්‍යවශ්‍ය අවස්ථාවක දී password එක තව කෙනෙක්ට ලබාදෙන්න වුනොත් එම පුද්ගලයාට ඔබගේ සියලුම අනෙකුත් ගිණුම් වලට ප්‍රවේශ විය හැකි වීම
අමාරු password එකක් ලේසියෙන් සකස් කර ගන්නේ කොහොමද?
I ක්‍රමය
යම්කිසි වචනයක් හෝ වචන සංකලනයක් ගෙන, එය මතක තබාගැනීම සඳහා යම්කිසි මතක උපක්‍රමයක් භාවිතා කිරීම
උදා: වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි
ඒක අපි ඉංග්‍රිසියෙන් ලියාගන්නවා මෙහෙම:
Wadiya kadana naraka lamai hema nowe api
සෑම වචනයකම මුල අකුර වෙන් කර ගන්නවා:
[W]adiya [k]adana [n]araka [l]amai [h]ema [n]owe [a]pi
එතකොට අපිට මේ වගේ අකුරු ටිකක් ලැබෙනවා:
[W] [k] [n] [l] [h] [n] [a]
අපිට ලැබුන අකුරු ටිකට ඉලක්කමක් සංකේතයක් එකතුකරගන්නවා සුදුසු පරිදි; මේ උදාහරණයේදී අපි
[a] වෙනුවට @ ලකුණ යොදා ගන්නවා:
ළමයි කියන වචනයේ simple L = [l] අකුර වෙනුවට 1 යොදා ගන්නවා
දැන් අපේ පාස්වර්ඩ් එක තමයි:
WkN1hn@
මේ පාස්වර්ඩ් එක මතක තියාගන්න අමාරුයි. ඒත් අපිට “වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි” කියන වාක්‍ය මතකයි. මේ වාක්‍ය කියවන ගමන් පාස්වර්ඩ් එක ටයිප් කරන්න තමයි තියෙන්නේ ඉතින්!
වැදගත් : මේකට ඔයාවිතරක් දන්න වාක්‍ය කණ්ඩයක් (Phrase) එකක් ගත්තොත් වඩාත්ම හොදයි!
II ක්‍රමය
- පළමුව ඉන්ග්‍රීසි අකුරු 2 තෝරාගන්න උදා : AA
- දෙවනුව ඉලක්කම් 2ක් තෝරාගන්න උදා : 24
- තෙවනුව සංකේතයක් තෝරාගන්න උදා :
AA24# - AA අකුරු Aa ලෙස කැපිටල් සහ සිම්පල් ආකාරයෙන් සකස් කරගන්න
Aa24# – මෙය ඔබගේ password එකේ පළමු කොටසයි
දැන් අපි බලමු මෙම password එකේ ඉතිරි කොටස එක් එක් ගිණුම් වලට විශේෂිතව සකස් කරගන්නේ කොහොමද කියලා ?
Facebook ගිණුමක් නම් – Aa24#Fac
Gmail ගිණුමක් නම් – Aa24#Gma හෝ Aa24#MAIL
*සැ.යු – මෙය ඔබ කැමති ආකාරයකට සකස් කළ හැක -සම්පූර්ණ password එකේ characters 8 ක් අවම වශයෙන් තිබෙන පරිදි.
මෙහි දී ඔබ මතක තබා ගත යුත්තේ පළමු අකුරු/ඉලක්කම් පහ පමණක් වන අතර, විවිධ ගිණුම් සඳහා වෙනස් ආකාරයේ password ඉහත අයුරින් නිර්මාණය කරගත හැක
එසේම ඉහත password ඔබට කැමති අයුරින් මාරු කරගැනීමට ද පුළුවන්
උදා : Aa24#Fac -> Fac#24Aa -> 24Aa#Fac
Password සම්බන්ධයෙන් සැලකිය යුතු කරුණු
- හැකි සෑම අවස්ථාවකදීම 2 Factor Authentication (2FA) හෝ multi factor authentication භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ
- කිසිම වේලාවක කිසිම කෙනෙකුට password එක ලබා නොදිය යුතුයි
- Password යම් අයුරකින් ලබා දුන්නොත් Password set එකම වෙනස් කළ යුතුයි
පාස්වර්ඩ් වල ආරක්ෂාව ගැන තව විස්තර දැනගන්න: මෙතැනින්
Source :
https://www.youtube.com/watch?v=CeAchHKO6EE&t=344s
https://www.hithawathi.lk/help-centre/cyber-security-tips/selecting-a-strong-password-and-protecting-it/