අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/25
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
මීට වසර දෙකකට පෙර නිෂි, කපිල සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගිය නමුත් ඔහු ඇයට හොර රහසේ වෙනත් කාන්තාවක සමඟ පෙම් සබඳතාවක පැටලී තිබූ බැව් හසුවීමෙන් පසු නිෂීත් කපිලත් එකිනෙකාගෙන් වෙන් වුණා. කෙසේ වෙතත් කලකට පසු එම කාන්තාවද කිසියම් හේතුවක් නිසා කපිලව අතහැර ගොස් තිබූ අතර තනි වූ කපිල, ‘තමාට සමාව දෙන්න’ යැයි කියමින් නැවත ඔහු ඇසුරට එන ලෙස නිෂිගෙන් ඉල්ලා සිටියා.
ඒ වන විට නිෂි වෙනත් කෙනෙකුට ඇගේ කැමැත්ත ලබාදී විවාහ වීමටද ආසන්නව සිටියා. ඇය මේ තත්ත්වය ගැන කපිලට පැහැදිලි කළ විට ඔහුට දැඩි ඊර්ෂ්‍යාවක් හා කේන්තියක් හට ගත්තා. එම විවාහය නවත්වා ඇයව අසරණ කිරීමෙන් අතීතයේදී මෙන් නැවත ඔවුන්ට එක් වීමට අවස්ථාවක් ලැබේ යැයි කපිල සිතුවා.
ඔවුන් මීට පෙර එකට සිට ගත් ඡායාරූප කපිල සතුව සුරැකී තිබුණා. ඒ අනුව එම පින්තූර වලට නොමඟ යවන ශීර්ෂ පාඨ (කැප්ෂන්) යොදා, නිෂිගේ නමින් ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නිර්මාණය කිරීමට ඔහු කටයුතු කළා. තවද ඔහු විසින් ඇගේ බොහොමයක් මිතුරන්, ඥාතීන් අනුගමනය (follow) කරමින් එම ව්‍යාජ ගිණුමේ බයෝ (Bio) කොටසේ මෙසේ සඳහන් කරා;
“කවුරු මොනවා කිව්වත් මම මගේ කපිලත් එක්ක සතුටින් ජීවත් වෙනවා…”
මේ ගැන තම යාළුවෙකුගෙන් නිෂිට අසන්නට ලැබුණු විට ඇය ඉමහත් සේ කලබල විය. ඇය මනාලියක් වීමට සිහින දකින අතරතුර මේ අයුරින් සමාජයට මුහුණ දෙන්නේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකි විය. එය සැබවින්ම ලැජ්ජාවට කරුණක් විය. හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති ඇගේ අනාගත සැමියාට සිදුවූ දේ පැවසීම හැර වෙනත් විකල්පයක් ඇයට නොතිබුණි. මේ ගැන වාර්තා (රිපෝට්) කිරීමට වහාම ‘හිතවතී’ අමතා සහය ලබා ගන්නා ලෙස ඔහු ඇයට උපදෙස් දුන්නා.
ඒ අනුව ඇය ‘හිතවතී’ උපකාරක සේවයට කෝල් කර ඇය මෙන් පෙනී සිටින ව්‍යාජ ගිණුම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. අන්තර්ජාලය හරහා සිදුවූ මෙම හිරිහැරයෙන් ඇගේ ජීවිතය බේරා දීම පිළිබඳව නිෂි හිතවතී ගැන සටහනක් (review) තබමින් ස්තූතිය පිරිනැමුවා. අවසානයේ ඇය කපිලගෙන් මිදී තමන් අසරණව සිටියදී ‘හිතවතී’ හඳුන්වා දී ඇයට උදව් කළ තැනැත්තා සමඟ විවාහ වූණා.
-
-
https://www.hithawathi.lk/si/help-center-si/social-media/instagram/how-do-you-report-a-fake-account-impersonating-you-pretending-to-be-you-on-instagram/ හරහා හෝ හිතවතී සහය ලබා ගෙන වහාම ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වාර්තා කරන්න.
-
මේ පිටුපස ඇත්ත වශයෙන්ම සිටින්නේ කවුරුන්දැයි සොයා බලා එම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් (නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට), ඔබ අයත් වන පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමීම හෝ telligp.police.lk වෙබ් පිටුව හරහා ඔන්ලයින් පොලිසීයට පැමිණිලි කළ යුතුවේ. (category එක ‘cyber crime’ ලෙස තෝරන්න. අදාළ සාක්ෂි අමුණන්න)
-