අවසන් වරට යාවත්කාලීන කලේ 2022/11/22

කිනම් ආකාරයක හෝ අන්තර්ජාලය සම්බන්ධ ගැටළුවක් වුවද ඒ සඳහා ගතහැකි සුදුසුම හා හොඳම විසඳුම ලබා ගැනීමට ඔබට උදව් කිරීමට අපි ඉන්නවා. මුලින්ම ගැඹුරු හුස්මක් ගෙන සන්සුන් වෙන්න . ඔබේ / ඔබේ යහළුවාගේ ගැටළුව විසඳා ගැනීමට අපි ඔයාට උදව් කරනවා.

මෙහිදී ඔයාගේ ගැටළුව පැහැදිලිව විස්තර සහිතව අපිට කියන එක ඉතා වැදගත්.
සිංහල / දමිළ/ ඉංග්‍රීසි භාෂාවෙන් අප වෙත ඔබේ ගැටළු ඉදිරිපත් කළ හැකිය.
හිතවතී ට ඔබේ ගැටළුව කියන්න පහසුම ආකාරය පහත ක්‍රම අතුරින් තෝරා ගන්න.

  • දුරකථන අංකය +94 11 421 6062 ඔස්සේ අප අමතන්න, ඔබගේ ගැටලුව හඳුනා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට අපි ඔබට සහාය වනු ඇත.
  • help@hithawathi.lk වෙත අපට ඉ-මේල් පණිවිඩයක් එවන්න.
  • www.hithawathi.lk වෙබ් අඩවියේ “අමතන්න -> පණිවිඩයක් යවන්න” යන මෙනුවේ ඇති පෝරමය හරහා ඔබේ විස්තර සහිතව ගැටලුවඅපට ඉදිරිපත් කරන්න.
  • ඔබ තනිව විස්තර සොයා ගැනීමට කැමතිනම් www.hithawathi.lk වෙබ් අඩවියේ “උපකාරක මධ්‍යස්ථානය,” මෙනුවේ ඇති තොරතුරු වලින් දැනුවත් විය හැකිය.

ෆේස්බුක්

මුලින්ම ඔබ විසින් එය වාර්තා (රිපෝට්) කළ යුතුයි.

කරුණාකර ඒ සඳහා පහත සබැඳිය (ලින්ක්) වෙත පිවිස ඉල්ලා ඇති විස්තර සපයන්න.

https://www.facebook.com/help/contact/169486816475808

මුලින්ම ඔබ විසින් එය වාර්තා (රිපෝට්) කළ යුතුයි.

කරුණාකර ඒ සඳහා පහත සබැඳිය (ලින්ක්) වෙත පිවිස ඉල්ලා ඇති විස්තර සපයන්න.

https://www.facebook.com/help/contact/169486816475808

වෙනත් කෙනෙකු සේ රඟපාන (ව්‍යාජ) ගිණුම හෝ පිටුව වාර්තා (රිපෝට්) කිරීම සඳහා කරුණාකර https://www.hithawathi.lk/si/help-center-si/social-media/facebook/how-do-you-report-an-account-or-page-thats-pretending-to-be-you-or-someone-else-si/ හි පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.

කරුණාකර පහත සබැඳිය (ලින්ක්) වෙත පිවිස ඔබේ ගිණුමේ පුද්ගලික සැකසුම් (ප්‍රයිවසි සෙටිංස්) හදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැන ගන්න.

https://www.hithawathi.lk/si/help-center-si/social-media/facebook/#Managing-Your-Account-si

යූටියුබ්

අදාළ වීඩියෝව රිපෝට් කිරීම සඳහා කරුණාකර පහත සබැඳිය (ලින්ක්) වෙත පිවිස එහි පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.

වීඩියෝවක් පිළිබඳව වාර්තා කිරීම

අදාළ නාලිකාව රිපෝට් කිරීම සඳහා කරුණාකර පහත සබැඳිය (ලින්ක්) වෙත පිවිස එහි පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.

යූ-ටියුබ් නාලිකාව වාර්තා කරන්න (REPORT A CHANNEL)

වට්ස්ඇප්

  • නාඳුනන අංකයකින් වට්ස්ඇප් ඇමතුමක් ලැබීම ඔබගේ ගිණුම අඩපණ වී (හැක් වී) ඇති බවට ලකුණක් විය හැකිය. ඒ සඳහා ඔබට එම ඇමතුමට පිළිතුරු ලබා දීම (pick) පවා අවශ්‍ය නොවේ. (‘The Sun’ පුවත්පත, 2019 මැයි 15)
  • ජංගම දුරකථනය අසාමාන්‍ය ලෙස උණුසුම් වේ.
  • මොබයිල් ඩේටා (mobile data) / ඉන්ටර්නෙට් හෝ Wi-Fi සක්‍රියව ඇති විට ජංගම දුරකථනයේ බැටරිය ඉතා ඉක්මණින් අඩු වේ.
  • ඔබගේ ගිණුමේ තොරතුරු වෙනස් කිරීම.
  • ඔබ නොයැවූ පණිවිඩ ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ අයට සහ නොදන්නා පුද්ගලයින් වෙත යවා තිබීම.
  • නොකියවූ පණිවිඩ කියවා ඇති බවක් (read) පෙනෙන අතර අලුත් හෝ මකා දැමූ පණිවිඩ එහි තිබිය හැකිය.
  • සම්බන්ධතා ලැයිස්තුවේ (contact list) වෙනසක්

වැඩිදුර දැන ගන්න: https://www.hithawathi.lk/si/help-center-si/social-media/whatsapp/whatsapp-hacking-si/

ඔබේ ගිණුම නැවත යථා තත්ත්වයට පත් (රිකවර්) කර ගැනීම සඳහා කරුණාකර පහත සබැඳිය (ලින්ක්) වෙත පිවිස එහි පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න. https://www.hithawathi.lk/si/help-center-si/social-media/whatsapp/whatsapp-hacking-si/

අපිට නොයෙක් ආකාරයෙන් ඉ-තැපැල් ලැබෙන විටදී, වංචනික ඉ-තැපෑලක් හා වංචනික නොවන ඉ-තැපැල් පණිවුඩයක් අතර වෙනස හඳුනා ගැනීමට අපහසු විය හැකිය. පහත දැක්වෙන දර්ශකයන් / ඉඟි හරහා ඔබට ලැබී ඇති ඉ-තැපෑලෙහි වංචා සහගත බව තේරුම්ගත හැකිය.

  • අසම්පූර්ණ / අකුරු වැරදියට ලියු වචන
  • ඉක්මන් පියවරක් ගත යුතුයි
  • පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට ඉල්ලීමක්
  • වෙබ් පිටුවේ සබැඳිය (web page link) පරීක්ෂා කරන්න

තවත් විස්තර මෙතැනින් බලන්න.