අවසන් වරට යාවත්කාලීන කලේ 2024/12/19
ඔබේ යෙහෙළිය
සයිබර් අවකාශය
ඇහුම්කන් දෙන්නෙමු
අපේ වගකීමයි
විශේෂිත
ලිපිය: සම්බන්ධයට කලින් දෙපාරක් හිතන්න
නොමිලේ ලැබෙන නිසා අපි හැමෝම පොදු වයි-ෆයි (public Wi-Fi) භාවිත කරන්න බොහොම කැමතියි. Wi-Fi තියෙන ස්ථානයක් නම්, අපි ගොඩක් වෙලාවට දෙපාරක් හිතන්නෙ නැතුව ඒකට සම්බන්ධ (connect) වෙන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත්, නොමිලේ ලැබෙන දේවල් වලට ගොඩක් වෙලාවට සැඟවුණු මිලක් තියනවා.
සත්‍ය කතාව: හොර පක්ෂ රැස්වීම
ළඟ එන ඡන්දය ගැන කමල් හිටියෙ මාර උනන්දුවෙන්. කමල් රැකියාවෙන් විශ්‍රාම ගිහින් හිටියෙ. දේශපාලනය ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වෙලා තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේ දීත් කමල් ඉතා ක්‍රියාශීලීව කටයුතු කළා. කමල් ගොඩක් වෙලාවට යූටියුබ් එකේ දේශපාලන විවාද බැලුවා. ඒ වගේම ෆේස්බුක් හි දේශපාලන පිටු සමඟත් සම්බන්ධ වුණා.
කවුද මේ හිතවතී?
ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්
වැඩිදුර කියවන්න… | දෙසැම්බර් 11, 2024
මයික්‍රොසොෆ්ට් 2024 ජුනි ආරක්ෂක යාවත්කාලීන නිකුත් කරයි
වැඩිදුර කියවන්න… | ජූනී 28, 2024
තර්ජන මට්ටම – මධ්‍යස්ථ
මාසික වීඩියෝවට
කමෙන්ට් කර රු.2,000/- තෑගි වවුචර්පත් දිනාගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයින් පස් දෙනා අතරට එක්වන්න
හිතවතී ෆේස්බුක් පිටුවමීලඟ තරඟය ආරම්භ වීමට තව:
තරඟය අවසන් වීමට ඇත්තේ තව:
හිතවතී මාසික වීඩියෝ තරඟවල ජයග්‍රාහකයින් කීප දෙනෙකු තවමත් අදාළ ත්‍යාග ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වී නොමැති බව පෙනීයයි. එම ජයග්‍රාහකයින් තමන්ට හිමි M.D. ගුණසේන පොත්හලේ රු.2,000/- ක් වටිනා ‘ඉ-තෑගි වවුචර්පත වෙන්කරවා ගැනීමට 2024 දෙසැම්බර් මස 31 දිනට පෙර අප හා (වීඩියෝවට කමෙන්ට් කළ ෆේස්බුක් ගිණුම හරහා) සම්බන්ධ වන ලෙස’ කාරුණිකව දන්වා සිටිමු. ස්තූතියි!
පියවර
පළමු පියවර: හිතවතී ෆේස්බුක් පිටුව 'Like' කරන්න
දෙවන පියවර: මාසික වීඩියෝවෙන් ඔබ තේරුම් ගත් දේ ඔරිජිනල් පෝස්ට් එකේ කමෙන්ට් කරන්න
(කොන්දේසිය: එක් අයෙකුට අදාළ පෝස්ට් එකේ කමෙන්ට් කළ හැක්කේ එක් වරක් පමණි.)
සිදුවීම්
හිතවතී සිදුවීම්
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හිතවතී සායනය
2024 මස 19 සිට 23 දක්වා කොළඹ BMICH හි පවතින 2024 ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පො – හිතවතී සායනය නැරඹීමට ඔබත් පැමිණෙන්න. මෙහිදී හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරයි. රෝදය-කරකවන පුංචි තරඟයට සහභාගී වී හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් අමතක කරන්න එපා.
හිතවතී 10 වැනි සංවත්සරය
හිතවතී ගැන කියන කතා
A commenter (who is not willing to reveal his name)
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/11
සමාජයේ අඩුපාඩු තියන තැන් සොයා බලා ඒවාට පිලියම් ලෙස පුන්චි vedio මාර්ගයෙන් හෝ අදහසක් සමාජය තුලට ගෙනයාමට දරන උත්සාහය අගය කොට සලකමි.
රුවන් ඉලේසිංහ
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/22
ඔයාලාගේ ආයතනය ගොඩාක් හොඳ ආයතනයක් මම ගොඩාක් ගරු කරනව ඔයාල මගේ ප්රශ්නය ගැන ගොඩාක් හොයල බැලුව ඒ එකව්න්ට් එක මේ වෙද්දි අයින් වෙලා තියෙන ඔයාලාට ගොඩාක් ස්තුති ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏
ලක්ෂි මියැසිකා ඒකනායක
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/05/28
පහුගිය කාල වකවානුව තුල fake facebook Account හේතුවෙන් ඉතා තදබල ලෙස මානසික පීඩනයකින් පෙලුනෙමි. නීතිමය ආදාර පතමින් පරිගනක අපරාද විමර්ශන ඒකකය වෙත ගොස් පැමිනිල්ලක්ද ඉදිරිපත් කලෙමි. නමුත් එම ගිණුම ඉවත් නොවූ අතර ඒ හේතුවෙන් මගේ පවුද්ගලික ජීවිතය හා රැකියා ජීවිතය තුලද යම් යම් ගැටලු මතුවිය. පසුව මම පොලිස් ළමා හා කාන්තා කර්යන්ෂයට දුරකතන ඇමතුමකින් සම්බන්ධ වූ අතර ඔව්න් ඔබ ආයතනයේ සේවාව පිලිබදව මා දැනුවත් කරන ලදි. ඔබ ආයතනය තුලින් අවස්තා තුනකදී එලෙසින් මගේ නමින් ආරම්බව තිබූ ගිනුම් තුනක් ඉවත් කර දීමට කටයුතු කරන ලදී. මාගෙන් කිසිදු මුදල් අය කිරීමක් හෝ නොමැතිව ලබා දුන් කාරුණික සහයෝයට හදවතින්ම ස්තූතිය පුද කරමි. මානසික පීඩනයකින් මා නිදහස් කිරීම පිලිබදව ඔබට මගේ ආගම අනුවද හදවතින්ම පින් දීමට කැමැත්තෙමි. මා හා මගේ හිතවතුන් විසින් මේ පිලිබදව විමසීම් කිරීමට ඔබ ආයතනයට ලබාගත් සියලු දුරකතන ඇමතුම් වලට ඔබ දැක්වූ කාරුණික ප්‍රතිචාර පිලිබදවද මා ඔබේ සියලු කාර්ය මන්ඩලයට ස්තූතිය පුදමි. මා මෙන් මේ රට තුල මෙලෙසින් අපහසුවෙන් පෙලෙන සියලුම කාන්තාවන් වෙනුවෙන් ඔබට තව දුරටත් පෙනී සිටීමට ශක්තිය ලැබේවා කියාද පතමි. තවද වෘත්තියෙන් මා අනුරාධපුර ශික්ෂන රෝහලේ පවුල් සවුක්ය සේවා නිලදාරිනියක් වෙමි. ඔබ ආයතනයේ ඇති වටිනා සේවාව පිලිබදව අන් අයව දැනුවත් කිරීම් මා සිදු කරමි. සමාජ මෙහෙවරක් ලෙස මා හට කිසිදු වැටුපක් හෝ දීමනාවක අපේක්ෂාවකින් තොරව ඔබේ අයතනය හා එක්ව කටයුතු කිරීමටද මා කැමැත්තෙන් පසුවෙමි. මා පත්වූ අපහසුතාවට කිසිදු ගැහැනු දරුවෙක් පත් නොවිය යුතුයි යන්න මගේ මතයයි. මේ ආයතනය පවත්වාගෙන යන සියලුම දෙනාටත් සුහදශීලී කාර්ය මන්ඩලයේ ඔබ සියලුම දෙනාටත් නැවත නැවතත් මා හදවතින්ම ස්තූතිය පුදමි.
දිපානි උයන්ගොඩ
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/04
🙏 මුලින්ම බොහොම ස්තුතියි හිතවතී’ ආයතනයට 🙏 ඔබෙන් මාහට ලැබුනු සේවාව ට මට ස්තුති කරන්න වචන නැතිතරම් මම ගොඩාක් මානසිකව වැටිලා හිටිය වෙලාවේ මට පිහිටවූ හිතවතී ආයතනයේ සේවය කරන සියලුම දෙනාට මාගෙ හිස නමා වැද නමස්කාර කරමි බොහොම පිං🙏
A victim (who is not willing to reveal his name)
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/04
හිතවතී අප අසරණ වුන අවස්ථාවක පිහිටවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර මෙම සේවාව අගය කොට සලකමි.ස්තූතියි
Bandara Jayarathne
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/06
G.K.J Chamodi
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/27
මගේ පොටෝ දාලා ෆේක් fb ගිණුමක් හදලා මාව දැඩි අපහසුතාවකට පත්වී මානසිකව ඇදවැටී බලාපොරොත්තු සුන්වී සිටින මොහොතක අපාරාධ විමර්ශන කොට්ඨාසයේ නම්බර් එකක් හොයාගෙන ඒකෙන්වත් උදවක් ගන්න ඕන කියලා හිතලා google එකට ගිය මොහොතෙයි මට හිතවතීගෙ නම්බර් එක ලැබුනේ. මං මගේ එකව්න්ට් එක ගැන දැනුම් දුන්න දවසේ ඉදන්ම මගේ ලගින්ම ඉදගෙන මගේ හිතත් හදන ගමන් මේ එකවුන්ට් එක අයින් කරගන්න හිතවතී දැඩි වෙහෙසක් දැරුවා. මෙම fb එකව්න්ට් එක නිසා බිදීයාමට ගිය මගේ විවාහය පවා හිතවතීගෙ මැදිහත් වීමෙන් ඒ කියන්නෙ මං බදින්න ඉන්න කෙනාට මේ පිළිබදව තේරුම් කර දීම තුලින් ආරාෂා උනා. ඉතින් අද වෙනකොට මේ fb එකවුන්ට් හිතවතීගෙ උස්තහයෙන් මෙටා ආයතනය මගින්ම අයින් කර තිබෙනවා. ඒ පිළිබද හිතවති ඔබට ඔහොම ස්තූති
Wasana madumali nanayakkara
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/08/23
ඇත්තටම කිව්වොත් Hithuwathi කියන්නේ සමාජයට හොඳ දැනුමක් දෙනවා.ඒ වගේම සමාජයට හොද ආදර්ශමත් මම කැමතියි Hithuwathi page එකට මෙවැනි වීඩියෝ වලින් සමාජය දැනුවත් කරනවට Hithawathi page එකට ගොඩක් ස්තුතියි.
Wasana Perera
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/05/22
I am writing to you to show my gratitude to you for supporting me in
regaining access to my Facebook page, Your agents were highly
supportive and I highly appreciate the fact that they encouraged me to
be strong through the whole incident, Without your help I won’t be
able to recover this fast. Thank you so much and Keep up the good
work!
A victim (who is not willing to reveal his name)
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/30
ඔබලා අපිට දැකවූ සහයෝගයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.පසුගිය දින කිහිපයේදි අපිට මහත් හිසරදයක්ව පැවති ගැටලුව බොහෝ තැන්වලට යොමු කලද අපට නිසි පිලිතුරක් නොලැබුනි. එය අපට මහත් ගැටලුවක්ව තිබියදි ඔබලාට එම ගැටලුව පැවසු වහාම අපට ඒ සම්බන්ධව කඩිනම් විසදුමක් ලබා දීම සම්බන්ධයෙන් ඔබලාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.තවද මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන අප වැනි තවත් අයට සහනයක් ලබා දීමට ඔබලාට හැකිවේවායි පතමි.නැවතත් ඔබලා අපට කල උපකාරය වෙනුවෙන් ස්තුතිය පුද කරමු.🙏
Chamodya Niranjali Randeniya
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/30
@Hithawathi ape rata ta samajayata hodak wenawa nam adahas prakasha kirimedi hema kenekgema nidahasa ta mulbtena lebena wanam hodai.. stutii 🙏
Ayesh Sachinthaka
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/30
I got a proper solution to the problem in just one call.
Hithawathi is the best place to get solution for any of your social media issues.
A. G. H. Apsara Dilrukshi
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/02/09
Aththatama thank you so much. 🙏 e wagem oy godk hod kenek. Me prashnedi udau klt godk thanks. Oy godak karunikai ☺️
Me wage issrhatath oylge ham karyakm sarthak wenn kiyl prarthna karnwa
H.G.S. Ishani
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/05
මගේ නමින් fake account එකක් හදලා තිබුනා..මං විස්තර හොයන් හිතවතී දුරකථන අංකයට කතා කලා.
ඒ වෙලාවේ ඉදන් හරීම සහනයක් මගේ හිතට දැනුනා කතා කරපූ වෙලාවේ ඉදන්..මගේ ගිණුම සතියක් යන්න කලින් අයින් කරලා..හැමදේම හොයලා බලලා අදාල විස්තර මං දුන්න්ම අදාල තැන් ඉක්මණටම දැනුවත් කරලා මේක අයින් කරන්න ඔයාලා ලොකු උදව්වක් උනා මට…ඇත්තටම ඒක මට ලොකූ සහනයක්..🙏🙏ඇත්තටම ඔයාලගේ සේවය මට නම් මහමෙරක් වගේ…ස්තූතියී හැමෝටම.🙏🙏🙏🙏
මම ඉෂානී.
Sandu Sandu
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/02
” හිතවතී ” ගැන මම මෙහෙම කියන්නම්. කෙනෙක් මාත් එක්ක ඉන්න ෆොටෝ එයාගෙ ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඇත්තටම ඒක මට කාලෙක ඉදලා තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. මට ඕන උනේ ඒවා අයින් කර ගන්න. ඒත් එහෙම කරන්න ඕන විදියක් ගැන මට අදහසක් තිබ්බෙ නෑ. සමහර අය කිව්වා රිපෝට් කරමු කියලා. ඒත් ඒකෙන් මේ ෆොටෝ ඇයින් වෙයි කියලා මට හිතුනෙ නෑ. ඉතින් මන් මේ ෆොටෝ අයින් කර ගන්න විදි හොයද්දි නිකමට වගේ දැක්කෙ මේ “හිතවතී” පේජ් එක.
ඉතින් නිකමට වගේ මැසේජ් එකක් දාලා බැලුවා. මට රිප්ලයි එකක් ආවා. ඉතින් මන් කිව්වා මගේ ප්‍රශ්නෙ. ඉතින් මට උදව් කලා ගොඩක්. ඉතින් මැසේජ් එකක් ආවා මට ෆොටෝ ඔක්කොම අයින් කලා කියලා. ඒක දැක්කාම මගේ ඔලුවට මාර නිදහසක් දැනුනා. ඇත්තටම මන් ඒ ෆොටෝ ප්‍රශ්නෙ නිසා ගොඩක් මානසිකව වද උනා. ඒ ටික අයින් කලා කිව්වාම මාර ම සතුටක් දැනුනෙ මට.
ඉතින් මන් හිතුවෙ නෑ මේ ප්‍රශ්නෙ මට විසද ගන්න පුළුවන් වෙයි කියලා . මට ” හිතවතී” කලේ ගොඩක් ලොකු උදව්වක්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට. ගොඩක් ස්තූතී. ගොඩාක් පින් ” හිතවතී” ඔයාලාට මට මේ කරපු උදව්වට. 🙏
Hiruni Dewindi
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/02
අධ්‍යනය කටයුතු පීඩනයත් එක්ක මට තිබුණු කරදරකාරි පීඩනයක් මගෙ හිතේ තිබුණෙ. එයින් මගෙ හිත නිදහස් කරලා , එම ප්රශ්නය විසදා දුන්නට ගොඩක් ස්තූතියි….!!! 🙏🥺 ගොඩක් පින්
Sajith Gunathilaka
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/09/06
I am Sajith Gunathilaka and I live in Bandarawela. With the advent of new technology in the world, many social media networks have emerged. It is simply a successful means of communication created for the well-being of human beings. But there are many people or groups in our society who use it in a wrong way or for inappropriate things.
A big problem for me was the fake Facebook account that someone maintained using my personal details and photos. My problem was completely solved in three days from the time I presented the problem to the social care agency. hitavati Institute is an excellent social care institution of the era that I have seen from my experience.
You are a perfect haven to solve the social and material problems of the age. Undoubtedly, there are many people around us who are uncomfortable like me. May your organization and staff get the strength to provide your services to such people promptly and heal their hearts. Thanks a lot …!!!
Kanthi Liyanage
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/08/01
කාන්තාවන් අප සැමටත් ,අන්තර් ජාලයේ සැරිසරන අපහට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනවා. එම බියට නොබියව මුහුණ දීමට හිතවති පිටුව දක්වන සහයෝගය ස්තුති පූර්වකව අගය කරනවා.Excellent.ඉතාමත් හොඳ සේවයක්.
අන්තර්ජාලය භාවිතා කරන කාන්තාවක් හැටියට අපට මගපෙන්වන හිතවතියක් ,වගේම රක්ෂණාවරණයක් කීවොත් මා නිවැරදියි. ස්තුතියි ! ❤❤😍
Hirusha
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/06
Godak pin miss obalata ..katawath kiya gana beri pashneka man hitiyee obalage hithawathi sawa aththatama api wage asarana unu kanthawanta godak watinwaa,, ,🙏🙏🙏🙏🙏
Suvineetha Mahasooriya
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/27
Hithawathi ඇත්තටම මේ page එක කාන්තාවකට ගොඩක් වටිනව. මොකද අන්තර්ජාල භාවිතයේදී නොදන්නා ගොඩක් දේ ගැන දැනුවත් උනා. ගොඩක් ස්තුතියි #hithawathiteam ♥️
Geetha Sandamali
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/02/07
” මම වගේ සිටියෙ යුතු මම පමනි.ඒත් ජීවිතේ පලවෙනි වතාවට මගෙ නමින් මගෙ රූපෙන්ම ෆේක් account එකක් ෆ්බි සමාජ ජාලයේ තිබෙන බව දැනගත්තා.මා නොවන මා ගැන මට දැනුන බය මාස තුනක් පුරාවට මානසික පීඩනයක් බවට පත් උනා.සෑහෙන්න කෙට්ටු උනා කන්නෙ අඩුවෙන් මොකද මම වගේ ඉන්න ඕන මම විතරයි.මගෙ රූපෙන් මගේම නමින් මානසික අසහන කාරයො මොන නින්දිත වැඩ කරනවද කියල දැඩි බියක් දැනුනා.දවසක් මට දරා ගන්නම බැරි උනා සණස සංවර්ධන බැංකුවෙ වැඩ කරේ මම මට ඒ වැඩ කරගන්න පවා බැරි උනා.ඒ වෙද්දි මම පොලිසි ගියා කිසිම හව්හරනක් ලැබුනෙ නෑ ” හිතවතී ” ගැන දැනගෙන දයාබර මිස්ලට විස්තරේ කියල තොරතුරු සියල්ල යවා තිබුනව කොරෝනා උවදුර නිසා කල් ගත උනා ෆේක් එක delete කරන්න. එදා අමුතු දවසක් මට දැනුනෙම මට මේ පස්නෙන් බේරෙන්න බෑ කියල fake එක හදල මාස හතකට වැඩියි මාස හතේම එක වගේ කල්පනා කරා.අපි අහිංසක යි වගේම මම අදහනවා බුදු දහම තදින්ම කාටවත් රිද්දලා සැනසීමක් නෑ කියල අපි දන්නවා උනාට මානසික ලෙඩ්ඩුන්ට තේරෙන්නෑ.මම එදා තීරනය කරා ජීවිතෙන් සමු ගන්න ගෙදර හැමෝම බය වෙලා දුකින් හිටියෙ ඒත් එයාලට පේන්න මම දුක පෙන්නුවෙ නෑ.වැඩ ට ගියාට වැඩ කරගන්න බෑ.බැංකුවෙන් අහනවා පස්නයක්ද කියල.එහෙන් ෆේක් එකෙන් මට පස්න ආවා.මම වැටුනා තීරනය කරත් මැරෙන්න එක පාරක් ආයි ” හිතවතී “ආයතනයේ මිස්ට කතාකරා.එදා කතා නොකරනම් අද මට මාවත් මගෙ දෙමවුපියන්ට සහෝදරයොන්ට මාව නෑ.මිස් ට කිව්වා මම මැරෙනවා මිස් කිව්වම මට අද වගේ මතකයි මිස් මට කෝල් ගත්ත තරම් මට හිතවතී ආයතනයේම ඩොක්ටර් කෙනෙක් හරියටම පැය තුනක් කතා කරා.මිස් හැමවෙලේම කෝල අරන් එදා දවසෙම හිත හැදුවා මම ඉන්නෙම වෙනම ලෝකෙක.ඒක හැමෝටම තේරුනා පස්සෙ එදා ම මිස් පැය පහකින් fake account එක delete කරලා දුන්නා.ඒ තමයි මම ජීවිතේ විදපු නරකම ආරංචිය නැති කරල අහපු සතුටුම ආරංචිය.මට ආයි ජීවිතේ ලැබුනා වගේ දැනුනා.ජීවිතේට ගොඩක් දේවල් එදා මිස්ල මට කියල දුන්නා.කවදාවත් මට ඒ කරපු උදව්ව අමතක වෙන්නෑ.තවත් මේ වගේ අසරන උනු අසරන ජීවිත වලට වැඩි වැඩියෙන් පිහිට වෙන්න.ආලෝකයක් දෙන්න දයාබර මිස් ඇතුලු කාර්ය මන්ඩයය ශක්තිය ලැබේවා !!!!!!!.🙏💐 අද මම කසාද බැදලා ගොඩාක් සතුටින් ඉන්නවා ඒ මාව ජීවත් වෙන නිසා.” හිතවතී” ආයතනයට ගොඩක් පින් !.
Shashee Perera
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/08/13
බොහොම ස්තූතියි “හිතවතී”
මගේම කෙනෙක් මාව ලජ්ජාවට පත් කරන්න ෆේක් එකවුන්ට් එකට මගේ ෆොටෝ එකක් දාලා තිබුනා …
මගේ හිතවතුන් රිපෝර්ට් කලත් එකවුන්ට් එක අයින් උනේ නෑ …
නමුත් හිතවතී මාර්ගයෙන් ඒ ගිණුම අක්‍රීය කරන්නට හැකියාව ලැබුනා …
නැවතත් 🙏 ස්තූතියි … “හිතවතී.”…
ශශී…
Nuwan Priyasadh
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/10
හිතවතී කියන්නෙ හැම වෙලාවෙම සයිබර් අවකාශෙ පිහිටට එන කෙනෙක්.අත්දැකීමක් තියනව මට.පේජ් එකෙන් මට උපදෙසුත් දීලා ආයෙ කාටවත් එහෙම නොවෙන්නත් එය සමාජ ගත කරන පේජ් එකක්
Upulvila Mangala Thero
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/05
Hithawathi Facebook පිටුව නුතන සමාජයට ඉතාමත් වැදගත් ඵලදායි එකක් විදිහට දකින්න පුළුවන්.
මන්ද තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අපේ දරු පරපුර මේ තාක්ෂණයම අවභාවිතා කරලා විනාශයට ලක්වෙනවා. ඒවගේම ළමයින්ගේ මෙන්ම කාන්තා අයිතීන්, රැකවරණයාදි වූ යහපත් දෑ ඔවදන් ලෙස, ප්‍රශ්න ලෙස ප්රතිඵලදායී ආකාරයෙන් යොමු කරන හිතවතී පිටුවේ admin හිතවන්තියට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි !!!
Doughty Ifadha
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/20
Hithawathi’s cyber service is most Appreciated & Amazing. Taking care of specially women & Children so nice. We are thanking for ur valuable services.
Ratnapala Hakmanage
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15
කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් වැය කරන හිතවතී තවත් පෙරට යාමට හැකි වේවායි පතමි.
Mano Kanchana
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15
‘Hithawathi ‘idiriyata yanna hadawathinma suba pethum ek karanawa !!!
Achala Prabodani
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15
දයාබර ඔබේ කාරුණිකබව ආදරය මට මෙන් සෑම යුවතියකට මෙන් දුවා දරුවන් වෙනුවෙන් මහගු සේවය ඉතා අගය කරමි ඔබයි අපේ වත්කම “හිතවති “
Mohamed Shameem
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15
Cyber service about women’s & children’s safety highly appreciated & all of other services to most useful & valuable.thanking warmly and wishing to develop 4ever.
Happy New year
Samitha Fernando
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/15
කාන්තාවන් හා ළමයින්ට අන්තර්ජාලය හරහා වන අකටයුතුකම් වලකාලීමට Hithawathi
Page එක හරහා හොඳ උපදෙස් ඇත්තටම අගය කළයුතුයි .
Eranda Samarakoon
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
නොසිතන ලෙස කරදර වලට මුහුණ පාන සයිබර් අවකාශයේ සරණ අපේ හිතවතියන් වෙනුවෙන්..
Herman Gunasekara
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
‘හිතවතී’ වචනයේ පරිසමාප්තියෙන්ම පොදු ජනයාගේ ජීවිතයේ පැණනගින නෛතින ගැටළුහීදී ,
දුකට පත් ජනයාට හිතවතෙකි.
තම විෂ්යපතයට පිටුපාවුව මග පෙන්වන අවස්ථා අත්විඳ ඇත්තෙමි.
අගතියට,අසාධාරණයට ,අයුක්තියට තම බාළවිය, අනවබෝධය හා ස්ත්‍රීත්වය නිසා පීඩාවට
පත්වන,
ප්‍රජාව කෙරේ ‘හිතවතී’ කාර්ය මණ්ඩලය
යුක්තිය ,නීතිය හා සාධාරණය ඉටු කර මගපෙන්වීමට ගන්නා උත්සාහය අගනේය.!
Musaffira Imthiyas
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
Concern about women & children rights so special of hithawathi. We r appreciate ur all of services. I wish u all to have a blessed & best year 2021 & forever
Sandaya Priyadarshani
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
ඉදිරියට යන්න සුභ පතනවා
Srimali Hewage
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
නොදැනුවත්ව අනාරක්ෂිතව සයිබර් අවකාශයේ කරදර වලට පැටලෙන කාන්තාවන් සඳහ,එයින් ආරක්ෂා වීමට වචනයකින් හෝ දායකත්වයක් ලබා දෙන පිටුව හිතවතී
Chandani Gunasekara
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
ආදරණීය හිතවතිය , මේ වෙනකොට ජීවිතය ජීවත් කරවලා, තමන්ගේම අනුන් වෙනුවෙන් කැපවෙලා වැඩකරලා , ගෑණු අපිට හුඟාක් වෙහෙසයි,,,පිපාසයෙන් පෙළෙන අපට සිසිල් පැන් දියදෝතක් වෙන්න,,,ඔබට පිං…
Lalani Amanda Gamage
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
සයිබර් අවකාශය තුළ කාන්තාවන් හා ළමයි ආරක්ෂා කිරිම සඳහා “Hithawathi” කරන මහඟු සේවාව ඉතා අගය කොට සළකනවා..
ස්තුතියි ” Hithawathi “
Miyurika Ruwanthi
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
Hithawathi suba pathanawa idiriyata ynna lebewa kiyla
Iresha Samarakoon
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
“හිතවති” හදවතින්ම සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා!!! කියලා
M Hycintha Gammampila
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
Hitawathi is a genuine Social Service Project and I wish all of you to follow them and support their project. I know there are thousands of people seeking their assistance on cyber security assistance.
AnOj Vishan
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
“හිතවති” කියන්නේ සයිබර් අවකාශයේ අදුරු පැතිකඩ නිසාවෙන් තම ජිවිතයට අරක්ෂාවක් නොමැති අවස්ථා වලදී ලගින්ම ඉන්න සමාජ සේවා සත්කාරයක්. මේ වෙනකොට රටට අවශ්‍යම සේවාවක්.. කාන්තවන්ගේ වගේම රටේ සියලු දෙනාගේම ආරක්ෂාව උදෙසා ඉදිරියටත් කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි කියා සුභ පතනවා ! 🙂
Nishadi Madhumali
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/08
හිතවතී පේජ් එක ගොඩ වටිනවා අපිට.සහා එය කරගෙන යෑමට හිතවති ඔබට සුභ පතනවා.
අපගේ සඟරාව සඳහා ලියාපදිංචි වන්න
ලියාපදිංචි වන්න නවතම සයිබර් ආරක්ෂණ තොරතුරු , ඉඟි හා උපක්‍රම, හිතවතී පුවත් සහ තවත් බොහෝ දේ සමඟින්
හිතවතී මාසික සඟරාව සඳහා