අවසන් වරට යාවත්කාලීන කලේ 2025/04/18

2025 අප්‍රේල් 7 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් (කාණ්ඩ දෙකක් ලෙස) බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 619 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.