අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/18
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
සහන්ට එයා පාවිච්චි කරපු හොඳ තත්ත්වයේ බඩු ටිකක් විකුණන්න ඕන වුණා. ඉතිං එයා ෆේස්බුක් මාර්කට්ප්ලේස් එකේ ඒ ගැන පෝස්ට් එකක් දැම්මා. ඇඩ් එක දැකලා කෙනෙක් සහන්ට කතා කරා. සහන් එයාට කිව්වා, සල්ලි බැංකු ගිණුමට දැම්මට පස්සේ අදාළ භාණ්ඩ ටික එවන්නම් කියලා.
සහන් විජේවර්ධන
ගිණුම් අංකය # xxxxxxxxxxxxxx
ABC බැංකුව, කිරුළපන ශාඛාව
ගැනුම්කරු:- අපි සල්ලි දාලා කියන්නම්.
ටික දවසක් ගියත් සහන්ට සල්ලි ලැබුණේ නැහැ. සති කිහිපයකට පස්සෙ දිගු සති අන්තයක් ළං වෙන කොට සහන් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුණා. එතකොට, සහන්ට මේ ගැනුම්කරුගෙන් පණිවිඩයක් ලැබුණා. ඒ සිකුරාදා රෑ වෙලාවක, සහන් නිදාගන්න ලෑස්ති වෙලා හිටියෙ.
සහන්ට බැංකුවෙන් මේකට තැන්පතු පණිවිඩයක් ආවෙ නෑ. ඔහු ගැනුම්කරු එවපු තැන්පතු පත්‍රිකාව පරීක්ෂා කළ නමුත් ඔහුට බැංකුවෙන් පණිවිඩයක් නොලැබුණු නිසා මේ ගැන සැක සහිත බවක් දැනුනා. සහන් හිතවතී ෆේස්බුක් පිටුව Follow කරන නිසා අන්තර්ජාල මූල්‍ය වංචා ගැන නිතර දකින්න ලැබෙනවා. වංචා අඳුරගැනීමට නිතර කියන ඉඟි අනුව, සහන් බැංකුවේ ක්ෂණික අංකයට කතා කරා. බැංකු නියෝජිතයා සහන්ට තහවුරු කළේ එවැනි කිසිම මුදලක් ගිණුමට වැටී නැති බවයි.
මේ පුද්ගලයා වංචාකාරයෙකු බව සහන්ට තේරුණා.
ගැනුම්කරු:- සමහර විට දිගු සති අන්තය නිසා වෙන්න ඇති.. අනික දැන් රෑ වෙලානෙ. ඒත් ඔයා මං එවපු ස්ලිප් එක දැක්කා නේද?
පූර්වාරක්ෂක ඉඟි:
- බැංකුවේ තාක්ෂණික ගැටලුවක් නොමැති නම්, ඔබ කෙටි පණිවුඩ (SMS) සේවාවට ඉල්ලුම් කර ඇත්නම් ඔබේ ගිණුමේ ගනුදෙනු (ලැබීම් සහ ගෙවීම්) පිළිබඳ SMS හරහා දැනුම්දීම් ඔබට සැමවිටම ලැබෙනු ඇත. කිසියම් තාක්ෂණික ගැටලුවක් තිබේ නම්, බැංකුව ඒ බව ඔබට කල්තියා දැනුම්දීමටත් ඉඩ ඇත.
- තාක්ෂණික දියුණුවත් සමඟ බැංකු පත්‍රිකා (ස්ලිප්) උසස් මෙවලම් භාවිතයෙන් වෙනස් (එඩිට්) කළ හැක, එබැවින් යමක් සැක සහිත නම්, සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගැනීමට අදාළ බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
- නවතම වංචා (ස්කැම්) පිළිබඳ දැනුවත් වීම සඳහා හිතවතී ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වෙන්න (Follow).
- ඔබට අදාළ සමාජ මාධ්‍ය යෙදුම (ඇප්) හරහා එවැනි වංචනික ගිණුම් රිපෝට් කළ හැක.
- සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.