අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/21


2026 වන විට වෙළඳපොළ ස්මාර්ට් පළඳනාවල (wearables) වටිනාකම ඩොලර් බිලියන 265.4 දක්වා ළඟා වනු ඇති අතර එය Sony, Apple සහ Samsung වැනි විශාල ආයතන මගින් මෙහෙයවනු ලබන බව MarketsandMarkets අනාවැකි පළ කරයි. ඒත් මේ උපකරණ කෙතරම් ආරක්ෂිතද?

ස්මාර්ට් පළඳනා කියන්නේ ඉන්ටනෙට් ඔෆ් තිංස් (IoT) හි කුඩා කොටසක් පමණි. IoT ලෙස හඳුන්වන්නේ ස්මාර්ට් උපාංග (ඩිවයිස්), ෆෝන් සහ යෙදුම් (ඇප්) සියල්ල එක්ව එකට වැඩ කරන ඩිජිටල් ලෝකයක සංකීර්ණ ජාලයකි.

ස්මාර්ට් පළඳනා සඳහා උදාහරණ කිහිපයක් අතර යෝග්‍යතා (ෆිට්නස්) ට්‍රැකර්, ස්මාර්ට් ඔරලෝසු, සෞඛ්‍ය පරීක්ෂණ උපාංග, ස්මාර්ට් කණ්ණාඩි (glasses), VR හෙඩ්සෙට්, පැළඳිය හැකි කැමරා, ස්මාර්ට් ඇඳුම්, නින්ද බලන (sleeping) ට්‍රැකර්, ශ්‍රවණාධාර සහ ස්මාර්ට් ආභරණ ජනප්‍රිය වේ.

ඔබේ සංවේදී දත්ත පැළඳීම

ස්මාර්ට් පළඳනාවලට සෞඛ්‍ය තොරතුරු, ස්ථානය, ගෙවීම් විස්තර, සහ ජෛවමිතික දත්ත (biometric data) වැනි විවිධ ආකාරයේ පුද්ගලික දත්ත රැස් කර (සේව් කර) තබා ගත හැක. මෙම තොරතුරු පරිශීලකයින්ට මෙන්ම යෝග්‍යතා පුහුණුකරුවන්, රක්ෂණ සමාගම් සහ අලෙවිකරුවන් වැනි තෙවන පාර්ශවයන් හටද හොඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේ.

නමුත්

සයිබර් අපරාධකරුවන් නිතරම සෝදිසියෙන්

සයිබර් අපරාධකරුවන් සෑමවිටම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට දුර්වල අවස්ථා සොයා බලයි. භෞතිකව ඩිවයිස් ලබා ගැනීමෙන්, රැහැන් රහිත සංඥා (wireless signals) වලට බාධා කිරීමෙන්, ක්ලවුඩ් ගබඩාව (cloud storage) වෙත කඩා වැදීමෙන් සහ වෙනත් අනවසර ඇතුළුවීමේ (හැකිං) ක්‍රම භාවිත කිරීමෙන් ඔවුන්ට වැදගත් පරිශීලක තොරතුරු සොරකම් කළ හැකිය.

ස්මාර්ට් පළඳනා (wearables) වල අවදානම

පැළඳිය හැකි සෞඛ්‍ය දත්ත:

  • සංවේදී වෛද්‍ය සහ ජීවන රටා තොරතුරු හෙළි කළ හැක.
  • අවදානම් වලට අයත් වන්නේ බ්ලැක්මේල්, කොන් කිරීම සහ අනන්‍යතා සොරකම් (identity theft)

ගෙවීම් සම්බන්ධ දත්ත අවදානම්:

  • ගබඩා කර ඇති ගෙවීම් තොරතුරු ආරක්ෂිත නැත්නම් අනවසර ගනුදෙනුවලට මඟ පෑදිය හැකිය.
  • උපාංග ආරක්ෂාව: PIN හෝ biometrics (ඇඟිලි සලකුණු, මුහුණ / කටහඬ වැනි දෑ මඟින් හඳුනාගැනීම) නැති ස්මාර්ට් පළඳනා නැති වීම හෝ සොරකම් කිරීම අවදානම වැඩි කරයි.
  • ස්මාර්ට්ෆෝන් තර්ජන: ස්මාර්ට් ෆෝන්වලට සම්බන්ධ ස්මාර්ට් පළඳනා මඟින් ස්මාර්ට්ෆෝන් පැහැරගැනීම් ඇතුළුව අමතර වංචා අවදානම් ඇති කරයි.
  • වර්ධනය වන තර්ජන: ජංගම උපාංගවල ට්‍රෝජන් යනු ශීඝ්‍රයෙන් වැඩි වන ආරක්‍ෂක තර්ජනයකි.

නවතම තාක්ෂණය සමඟ අපගේ “ස්මාර්ට් පළඳනා” ආරක්ෂා කර ගනිමු

  • තහවුරු කර ගැනීම සඳහා biometrics (බයොමෙට්‍රික්) භාවිත කරන්න: අමතර ආරක්ෂාව සඳහා ඇඟිලි සලකුණු හෝ හෘද ස්පන්දන සත්‍යාපනය (verification) ක්‍රියාත්මක කරන්න.
  • ආරක්ෂක ක්‍රම කීපයක් භාවිතය: වඩා හොඳ ආරක්ෂාවක් සඳහා පාස්වර්ඩ් හෝ PIN සමඟ බයොමෙට්‍රික් භාවිත කරන්න.
  • දත්ත සංකේතනය (එන්ක්‍රිප්ට්) කරන්න: ඔබගේ බයොමෙට්‍රික් ඩේටා එන්ක්‍රිප්ට් (encrypt) කර ඔබගේ උපාංගයේ ගබඩා කරන්න.
  • දත්ත බෙදා (ශෙයා කර) ගැනීම පාලනය කරන්න: විශ්වාසදායී ඇප් සහ සේවා සමඟ පමණක් ඔබේ දත්ත ශෙයා කර ගන්න.
  • දත්ත වර්ග පිළිබඳව දැනුවත්ව සිටින්න: ඔබගේ උපාංගය රැස් කරන පුද්ගලික දත්ත සහ එය ශෙයා කරගන්නා ආකාරය දැන ගන්න.
  • බහු-සාධක සත්‍යාපනය (මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / MFA) ක්‍රියාත්මක කරන්න: අමතර ආරක්ෂාව සඳහා ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට විවිධ ක්‍රම භාවිත කරන්න.
  • Wi-Fi සමඟ ප්‍රවේශම් වන්න: දත්ත අප්ඩේට් (sync) කරන විට පොදු හෝ අනාරක්ෂිත Wi-Fi ජාල භාවිත කිරීමෙන් වළකින්න.
  • පෞද්ගලික ප්‍රතිපත්ති (Privacy policies) කියවන්න: ඔබේ දත්ත භාවිත වන ආකාරය තේරුම් ගෙන අනවශ්‍ය ලෙස දත්ත ශෙයා කර ගැනීම් වලින් ඉවත් වීමට විකල්ප සොයන්න.
  • දත්ත අවසර ලබා දීම (permissions) අවශ්‍ය ලෙස වෙනස් කරන්න: ස්ථානය හෝ සෞඛ්‍ය තොරතුරු වැනි ඔබේ උපාංගයට ප්‍රවේශ විය හැකි දත්ත පාලනය කිරීමට ඔබේ සැකසීම් (සෙටිංස්) වෙනස් කරන්න.
  • දැනුවත්ව සිටින්න: ඔබගේ ස්මාර්ට් පළඳනා උපාංගවල ඇති විය හැකි අවදානම් සහ ආරක්ෂක විශේෂාංග ගැන ඉගෙන ගන්න.

මූලාශ්‍රය:
https://www.darkreading.com/vulnerabilities-threats/how-safe-is-your-wearable-device