අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/19

NSBM හරිත විශ්ව විද්‍යාලයේ CSSL GenZ NSBM පරිච්ඡේදයේ ආරාධනය පරිදි, හිතවතී ව්‍යාපෘතියේ අරමුණු ගෙනහැර දක්වන දේශනයක් CSSL GenZ පරිච්ඡේදයේ 2024 වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදු කරන ලදිී. එය 2024 සැප්තැම්බර් 4 වන දින හෝමාගම NSBM හරිත විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා CSSL GenZ NSBM පරිච්ඡේදයේ සාමාජිකයින්, සිසුන්, ආචාර්යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළුව 300 දෙනෙකු පමණ සහභාගී වූහ.