අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/04

2024 අගෝස්තු 27 වැනි දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ මෙන්ම ඩිජිටල් යුගයේ තම ප්‍රජාව ආරක්‍ෂා කර ගැනීමට තරුණ සේවා නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කර ගත් සැසියක් බදුල්ල, ඌව පළාත් තරුණ සේවා සභා කාර්යාලයේදී පවත්වන ලදී. මේ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාල 15 ක් නියෝජනය කරමින් තරුණ සේවා නිලධාරීන් 26 දෙනෙකු සහභාගී වූ අතර මෙය තරුණ සේවා සභාවේ ඌව පළාත් කාර්යාලය මඟින් සංවිධානය කරන ලදී.