අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/20


සයිබර් තර්ජනවලින් ඩිජිටල් පද්ධති සහ දත්ත ආරක්ෂා කර ගැනීම වැඩිදියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය නැත්නම් AI (Artificial Intelligence) තාක්ෂණය භාවිත කරයි. සයිබර් ප්‍රහාර වඩාත් හොඳින් හඳුනා ගැනීම, වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා කෘතිම බුද්ධිය මඟින් යන්ත්‍ර ඉගෙනීම (machine learning) සහ ස්නායු ජාල (neural networks) වැනි ක්‍රමවේද භාවිත කරයි. සාමාන්‍ය ජාල හැසිරීම අධ්‍යයනය හරහා ආසාමාන්‍ය ක්‍රියාකාරකම් හඳුනා ගැනීම, ඉදිරියට විය හැකි තර්ජන සොයා ගැනීමට හැසිරීම් විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂක ගැටලු ඉක්මනින් හඳුනාගෙන විසඳීම සඳහා එසැණින් අධීක්‍ෂණය සැපයීම වැනි දෑ මෙමගින් සිදු වේ.

සයිබර් ආරක්‍ෂාව තුළ කෘතිම බුද්ධියේ (AI) වැදගත්කම

 
• වඩාත් හොඳින් තර්ජන හඳුනාගැනීම: සාම්ප්‍රදායික ක්‍රම මගින් මඟ හැරීමට ලක් විය හැකි අසාමාන්‍ය ක්‍රියාකාරකම් සහ විය හැකි තර්ජන සොයා ගැනීම සඳහා කෘතිම බුද්ධියට දත්ත විශාල ප්‍රමාණයක් ඉක්මනින් පරීක්ෂා කිරීමේ හැකියාව ඇත.
• වේගවත් ප්‍රතිචාරය: කෘතිම බුද්ධියට සමහර සයිබර් සිදුවීම් ‌වේගවත් ප්‍රතික්‍රියා කාලයකින් හානිය අවම කර ස්වයංක්‍රීයව හැසිරවිය හැක.
• ක්‍රියාශීලී පූර්ව ආරක්‍ෂාව: AI මඟින් අනාගතයේදී සිදුවිය හැකි තර්ජන පුරෝකථනය කරයි. එමගින් සංවිධානවලට ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ශක්තිමත්ව සූදානම් වීමට ඉඩ ලැබෙයි.
• සංකීර්ණත්වය කළමනාකරණය කිරීම: සංකීර්ණ සයිබර් තර්ජන වඩාත් හොඳින් තේරුම් ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීමට කෘතිම බුද්ධියට විවිධ දත්ත මූලාශ්‍ර විශ්ලේෂණය කළ හැක..
• ආරක්ෂක කණ්ඩායම් සඳහා වඩා පහසුවක්: AI එකම අයුරින් නැවත නැවත සිදුවන කාර්යයන් භාර ගනී. එම නිසා සයිබර් ආරක්ෂණ වෘත්තිකයින්ට වඩාත් වැදගත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාවක් ලැබේ.
• මහා පරිමාණ කළමණාකරණය: කෘතිම බුද්ධියට ඩිජිටල් ජාල වර්ධනය වන විට වැඩිවන දත්ත සහ උපාංග ශක්තිමත් ආරක්ෂාවක් සහිතව කළමනාකරණය කිරීමේ හැකියාවක් ඇත.
• අඛණ්ඩ ඉගෙනීම: නව දත්ත සහ අතීත සිදුවීම් වලින් ඉගෙනීම හරහා වෙනස් වන වන තර්ජන සමඟ යාවත්කාලීන (අප්ඩේට්) වී කාලානුරූපීව AI වැඩිදියුණු වේ.

සමස්තයක් වශයෙන්, කෘතිම බුද්ධිය වේගවත්, වඩාත් නිවැරදි සහ මහා පරිමාණයේ ආරක්ෂක විසඳුම් ලබා දීමෙන් ඩිජිටල් සම්පත් ආරක්ෂා කිරීම සඳහා උපකාරී වේ.

ආයතනවලට තම සයිබර් ආරක්ෂණ උපාය මාර්ගය තුළ කෘතිම බුද්ධිය (AI) භාවිත කළ හැකි ආකාරය

 
• අවශ්‍යතා පරීක්ෂා කරන්න: සයිබර් ආරක්‍ෂාවේදී ඔබේ සංවිධානයට අවශ්‍ය දේ තක්සේරු කර AI ප්‍රයෝජනවත් විය හැකි අවස්ථා බලන්න.
• ඉලක්ක සකසන්න: තර්ජන ඉක්මනින් හඳුනා ගැනීම හෝ ප්‍රතිචාර ස්වයංක්‍රීය කිරීම වැනි AI කළ යුතු දේ තීරණය කරන්න.
• කාර්ය මණ්ඩලය ශක්තිමත් කරන්න: AI සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ කුසලතා වර්ධනය කිරීමට විශේෂඥයින් බඳවා ගන්න නැත්නම් දැනට සිටින කාර්ය මණ්ඩලය පුහුණු කරන්න.
• දත්ත සකස් කරන්න: AI හොඳින් ක්‍රියා කිරීම දත්ත මත රඳා පවතින නිසා ඔබේ දත්ත හොඳ තත්ත්වයක ඇති බවට වග බලා ගන්න. තවද එ්වා ආරක්ෂිතව සහ පුද්ගලිකව තබා ගන්න.
• AI මෙවලම් (ටූල්ස්) තෝරන්න: ඔබේ සයිබර් ආරක්ෂණ අවශ්‍යතාවලට ගැලපෙන සහ ඔබේ වත්මන් පද්ධති (සිස්ටම්) සමඟ වැඩ කරන AI මෙවලම් තෝරන්න.
• පළමුව පරීක්ෂා කරන්න: ඔබේ ආයතනයේ සැබෑ තත්ත්වය තුළ AI ක්‍රියා කරන ආකාරය බැලීමට සහ අවශ්‍ය පරිදි ගැලපීම් කිරීමට කුඩා පරීක්ෂණවලින් ආරම්භ කරන්න.
• ඒකාබද්ධ කිරීම සහ අධීක්ෂණය: ඔබගේ පවතින පද්ධති සමඟ AI සම්බන්ධ කර එය ක්‍රියා කරන ආකාරය පිළිබඳව විමසිල්ලෙන් සිටින්න. ඊට ලැබෙන ප්‍රතිචාර සහ නව තර්ජන මත පදනම්ව අවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා යොමු වන්න.

 

මූලාශ්‍ර:

https://www.engati.com/blog/ai-in-cybersecurity
https://www.eccu.edu/blog/technology/the-role-of-ai-in-cyber-security/
https://www.ccslearningacademy.com/role-of-ai-in-cyber-security/