අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/04
ඔබේ ටික්ටොක් ගිණුමෙහි පහත සඳහන් සැක සහිත හැසිරීම් දක්නට ඇත්නම්, බොහෝ විට එය යමෙකු විසින් අනවසරයෙන් උදුරා ගෙන විකෘති කිරීමක් විය හැක:
- ඔබගේ මුරපදය (password), ආරක්ෂක ඉ-තැපැල් ලිපිනය සහ සම්බන්ධිත දුරකථන අංකය වෙනස් කර තිබීම.
- ඔබගේ පරිශීලක නාමය (username) හෝ අන්වර්ථ නාමය (nickname) වෙනස් කිරීම.
- ඔබගේ අවසරයකින් තොරව වීඩියෝ මකා දැමීම / පළ කිරීම
- ඔබ කවදාවත් නොලියූ පණිවිඩ යවා තිබීම
ඔබගේ ගිණුම අවුල් වී ඇති බවට ඔබ සැක කරන්නේ නම්, කරුණාකර ඔබගේ ගිණුම සුරක්ෂිත කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:
මුරපදය වෙනස් කරන්න: ටික්ටොක් හි, මුරපදය වෙනස් කිරීමෙන් පසු අනවසරයෙන් ඔබේ ගිණුමට පිවිසි තැනැත්තා (hacker) ඉන් පහව යයි.
ගිණුමේ තොරතුරුවල නිවැරදි බව පිරික්සන්න: ටික්ටොක් හි සැකසුම් (settings) යටතේ “මගේ ගිණුම කළමනාකරණය කරන්න” (Manage My Account) තෝරා අදාළ ගිණුමේ තොරතුරු නිවැරදිව තිබේ දැයි පරීක්ෂා කරන්න.
ඔබට මුරපදය වෙනස් කළ නොහැකි නම්, කරුණාකර In-app Feedback හරහා ටික්ටොක් අමතන්න. (App settings – Report a Problem).
මුරපදය (password) වෙනස් කිරීමට සහ ගිණුම් තොරතුරු සත්‍යාපනය කිරීමට (verify) ඔබට පහත පෙන්වා ඇති පියවර අනුගමනය කළ හැකිය.
- ‘රහස්‍යතාව සහ සැකසීම්’ (Privacy & Settings) සඳහා ඔබන්න
- ‘මගේ ගිණුම කළමනාකරණය කරන්න’ (Manage My Account) වෙත යන්න
- මුරපදය වෙනස් කිරීමට සහ වෙනත් ගිණුම් තොරතුරු සත්‍යාපනය සඳහා තෝරන්න
පහත දැක්වෙන පියවර ඔබගේ TikTok ගිණුම ආරක්ෂිතව තබයි.
- ‘රහස්‍යතාව සහ සැකසීම්’ (Privacy & Settings) සඳහා ඔබන්න
- ‘මගේ ගිණුම කළමනාකරණය කරන්න’ (Manage My Account) වෙත යන්න
- දී ඇති විකල්පයන් වෙන වෙනම සකසන්න
මූලාශ්‍රය:http://support.tiktok.com/knowledge-base/hacked-account