අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/01
ඇලන්, 2017 දී ශ්‍රී ලංකාවේ පීවීටී විශ්ව විද්‍යාලයේ විදේශීය ශිෂ්‍යයෙකු විය. ඔහු සමන් නැමති දේශීය සිසුවා සමඟ ඉතා මිත්‍රශීලී විය. එක් දිනක් ආපනශාලාවේදී ඔවුන්ගේ කථා බහ වූයේ පහත පරිදිය,
ඇලන්: ඔයා දන්නවාද, හෙට මගේ ගෙදර කුලිය ගෙවන්න අපේ අම්මා මට සල්ලි ටිකක් එවන්න ඉන්නේ, ඒත් මම විදේශීය ශිෂ්‍යයෙක් නිසා ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමක් විවෘත කරන එක දිග ක්‍රියාවලියක්.
සමන්: ගිණුමක් විවෘත කරන්න කොච්චර කාලයක් ගත වෙනවද?
ඇලන්: මට කිසිම අදහසක් නැහැ, ඔවුන් ගොඩක් ලියකියවිලි ඉල්ලනවා.
අම්මට ඔයාගේ ගිණුමට සල්ලි එවන්න කිව්වොත් මට ඒක අරන් දෙන්න ඔයාට පුළුවන්ද?
සමන්: අවුලක් නැහැ. මම ඔයාට බැංකු ගිණුමේ විස්තර ටෙක්ස්ට් කරන්නම්. ඔයා මාත් එක්ක ATM එක ළඟට ආවනම් ගන්න පුළුවන්.
මාස දෙකකට පසුවද ඇලන් සමන් වෙත එම කතාවම කිව්වා. එවිට සමන්ගේ ප්‍රතිචාරය වූයේ,
සමන්: බ්‍රෝ, මම මේ පැවරුම හින්දා බිසී. ඔයා කරුණාකරලා ATM එකකට ගිහිල්ලා ඒ සල්ලි ගන්න. මම ඔයාට පින් නම්බර් එක දෙන්නම්.
මෙම ක්‍රියාවලිය මාස හයක් පමණ විශ්වාසනීය ලෙස සිදු වුන අතර හදිසියේම, විදේශීය බැංකු සම්බන්ධ කර ගනිමින් නීතිවිරෝධීව උපයන ලද මුදල් භාවිත කිරීමේ චෝදනාව මත ජාත්‍යන්තර පොලීසිය විසින් සමන්ව අත්අඩංගුවට ගන්නා ලදී.
පූර්ව ආරක්ෂක උපදෙස්: ඔබගේ බැංකු ගිණුම කිසිවකුට දෙන්න එපා.
ඔබගේ ගිණුම භාවිතා කරමින් ගනුදෙනු කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න එපා.